leader s

* ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ සේවකයන් 11ක් , ජාතික ප්‍රතිපත්තිය හදන වගකීම ඔවුන්ට පවරලා...


* හානිපූර්ණ කාර්යාලය කාර්යාලයට මාස දෙකකින් සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර නැහැ...
 
* සත්‍ය හා සංහිඳියා කොමිෂන් සභාව සඳහා වන ලේකම් කාර්යාලයේ වසාදමලා..

* අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වින්දිතයන් අතර විශ්වාසය ගොඩනගාගෙන නැහැ....

* දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ පිළිබඳ රජය මන්දගාමීයි...


පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වූ අතර, එම සංචාරය අවසානයේදී ඔහු විසින් සකස් කළ වාර්තාව එළඹෙන මාසයේදී මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේ ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවේ පිටපතක් මේ වන විටත් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරුවෙමින් පවතී. එහි ආණ්ඩුව විසින් ඉටු කළ යුතු බොහෝ කාරණා එහි අන්තර්ගත කර ඇත.

Sri Lanka has opportunity to break from past – Türk

To read the full report :

A/HRC/60/21: - Situation of human rights in Sri Lanka - Comprehensive report of the United Nations High Commissioner for Human Rights - Advance unedited version

Broadcast quality video here :

එළඹෙන සැප්තැම්බරයේ ජිනීවාහිදී පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයෙදී මුහුණදීමට සිදුවන අභියෝගයට ජාතික හා ජාත්‍යන්තර පිටිය නිවැරදි ලෙස සකස් කිරීමට රජය වග බලා ගත යුතුය. එසේ සිදුවන බවක් මේ වනතෙක් පෙනෙන්නට නැත.

එයට මූලික හේතුව වී ඇත්තේ රජය විසින් ස්ථාපිත කර ඇති සංහිඳියා යාන්ත්‍රණ ඔවුන්ට නීතියෙන් ව්‍යවස්ථානුකූලව ලබා දී ඇති බලය ක්‍රියාත්මක කිරීමට මේවනතෙක්  අපෝහෝසත්වීමත්, එම යාන්ත්‍රයම පණ ගන්වා ක්‍රියාත්මක කළහැකි මූල්‍ය හා පරිපාලන වටපිටාවක් ගොඩනැගීමට, මේ වනතෙක් මෙම ප්‍රශ්නයට අත ගැසූ කිසිදු රජයකට හැකියාව ලැබී නොමැතිවීමත්ය.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය වසා දැමිය යුතු මට්ටමේ පැවතියද , එය නාමිකව පවත්වාගෙන යාමට මෙම රජයද කටයුතු කරන බව පෙනේ. ඔවුන්ගේ ස්ථිර සේවක සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා පහළ වැටී ඇත.

හානිපූර්ණය සඳහා වන කාර්යාලය පිහිටුවා වසර හය හමාරක් ගත වී ඇතත් මේ වනතෙක් හානි පූර්ණ සංකල්පය පිළිබඳව නිවැරදි වැටහීමකින් ක්‍රියාකර ඇති බවක් නොපෙනේ. ඔවුන්ගේ මූලික කාර්යය ලෙස ඔවුන් හඳුනාගෙන ඇත්තේ වන්දි ගෙවීම පමණි. එයද මේ වනතෙක් නිසියාකාරව ඉටු කිරීමට කටයුතු කරන නැත.

මනෝ සමාජීය සහාය ලබාදීම, අධ්‍යාපන, ඉඩම්, නිවාස නැවත පදිංචි කිරීම, අත්‍යවශ්‍ය ලියකියවිලි ලබාදීම, ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආර්ථික කටයුතු සඳහා මැදිහත්වීම හා පරිපාලන ගැටලු සඳහා විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ මූලික වගකීම හානිපූර්ණ කාර්යාලය සතු වුවත් ඒ සඳහා කිසිදු මැදිහත් විමක් හෝ නිවැරදි වැඩ පිළිවෙලක් මේ වනතෙක් නව රජය යටතේද ක්‍රියාත්මක වන බවක් හෝ ක්‍රියාත්මක කිරීමට අදහසක් පවතින බවක් හෝ නොපෙනේ.

මේ වන විට සභාපති වරයාගේ හා සාමාජිකයන්ගේ ධූර කාල අවසන්ව මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාට ඒ සඳහා පත් කළ යුතු සාමාජිකයන් තෝරා ලයිස්තුවක් ඉදිරිපත් කර නැත.

රජයේ වැදගත් ආයතනයක් මෙසේ කාල විරාමයකට යාම තුළ, සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය දක්වන උනන්දුව අඩු වී ඇති බවක් හෝ ඒ සඳහා වුවමනාවක් නොමැති බව ජාත්‍යන්තරයට මෙන්ම මෙරට වින්දිත ප්‍රජාවටද ඒත්තු ගැන්වී ඇත.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ද ඔවුන් විසින් යුතු කළයුතු මූලික කාර්යයන් කිසිවක් මේවන තෙක් ඉටුකර ඇති බවක් දක්නට නොලැබේ.

ඔවුන්ගේ බල සීමාව තුළද ඉටු කළ යුතු කාර්යයන් පිළිබඳ අවබෝධයකින්  කටයුතු කරන බවක්ද පෙනෙන්නට නැත.  

එම කාර්යාලයේ ප්‍රථම කාර්යය විය යුත්තේ අතුරුදහන් වූවන් පිළිබඳ නාම ලේඛනයක් (Central Registry) එළිදැක්වීමයි. කාර්යාලය ස්ථාපිත කර වසර හතක් ගත වී ඇතත් මේ වනතෙක් එවැනි ලේඛනයක් සකස් කොට ප්‍රසිද්ධියට පත් කොට නැත. එලෙසම මේ වසර හත ඇතුළත ඔවුන් විසින් සොයාගන්නා ලද අතුරුදහන්  ජනතාව  ප්‍රසිද්ධියට පත් කර නැත.

අතුරුදහන් වූවන්ගේ පවුල්වල විශ්වාසය දිනා ගැනීමට මෙම කාර්යාලය මේවන තෙක් අසමත් වී ඇත.

ජාතික ජන බලවේගය මැතිවරණ ක්‍රියාවලිය තුළ ඔවුන් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ අන්තර්ගත වූ සත්‍ය හා ප්‍රතිසංධානය පිළිබඳ කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන මූලික පියවර කිසිවක් මේ වනතෙක් ආරම්භ කර නැත. ඒ සඳහා ඔවුන් විසින් සිදුකළ ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස්  කටයුතුය.

පසුගිය රජය සමයේ ස්ථාපනය කරන ලද, සත්‍යා සංවිඳියාව සඳහා වන යාන්ත්‍රණය ඇති කිරීම සඳහා පිහිටුවන ලද ලේකම් කාර්යාලය වසා දමා ඇත. කෙටි කාලයක් තුළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන ලද මෙම කාර්යාලය විසින්, වින්දිත ප්‍රජාව හා බලපෑමට ලක්විය හැකි පාර්ශවයන් සමඟ ප්‍රවිචාරණ ක්‍රියාවලිය අවසන් කොට පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොටතිබිණි. නමුත් එම පනත් කෙටුම්පත පැත්තකට දමා කාර්යාලයද වසා දැමීමට, නව රජය විසින් කටයුතු කර ඇත. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා කිසිදු ප්‍රවේශයක් ගෙන නැත.

යම් පමණකින් හෝ සතුටු විය හැකි එක් කාරණයක් වන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීම සදහා වන පනත අහෝසි කොට ඒ වෙනුවට නව පනතක් ගෙන සඳහා ජනාධිපති නීතිඥ රීයෙන්සි අර්ශකුලරත්න ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට තිබීමයි.

මෙලෙස රජය මන්දගාමී වීම තුළ එළඹෙන ජිනීවා සැසිවාරය තුළ රටත් ජනතාවත් නව අර්බුදයක් කරා තල්ලුවීමට ඉඩ ඇති අතර එහි අවදානම දැක ක්‍රියාශීලී ප්‍රවේශයකට (proactive approach) දැන්වත් උකටලී වියයුතුය.

( සටහන | සමන් විතානාරච්චි)

සබැඳි පුවත් :

ත්‍රස්ත නීති යොදාගෙන මේ අවුරුද්දේ මුල් මාස පහේ අත්අඩංගුවට ගත් ගණන UN එලිකරයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ඇමරිකාවෙන් බරපතල චෝදනාවලියක් !

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්