රාජපක්ෂ පාලනයේ සහ එහිම දිගුවක් වූ රනිල් වික්‍රමසිංහ පාලනයේ දේශපාලකයින්ගේත් රාජ්‍ය අංශයේත් දූෂණය සහ නාස්තියට වැට බඳින බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ ඉහළම පෙළේ නායකයින්ම දැන් දූෂණ, වංචාවලට කැස කවමින් සිටින බවට වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ප්‍රබල දායකත්වයක් දුන් ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයින් චෝදනා කරනවා.
Sandeshaya by Saroj නාලිකාවට අනාවරණය වූ ආකාරයට මේ අතරින් බරපතලම චෝදනා එල්ලවෙමින් තිබෙන්නේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකට.
ජා ඇල, ඒකල, ශ්‍රී ලංකා ගමණාගමන මණ්ඩලය පරිශ්‍රයේ පිහිටි සීමාසහිත ලක්දිව ඉංජිනේරු ආයතනය ඈවර කිරීමට පසුගිය ආණ්ඩුව කැබිනට් අනුමැතිය ද රැගෙන සැලසුම් සකස් කරමින් තිබුනා. ඒ, එම ආයතනය දරුණු ලෙස පාඩු ලබන ආයතනයක්ව තිබීම නිසා.
ලක්දිව සහ ලංගම ලාභ ලබන ආයතන බවට පත් කළ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ හදිසියේම ඉවත් කළේ ඇයි?
එහෙත් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් එහි නව සභාපතිවරයා ලෙස ජීවක ප්‍රසන්න පුරසිංහ පත්කිරීමෙන් අනතුරුව වසරක් ඇතුළත එය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට නව සභාපතිවරයා කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙසින් සමාගම ඈවර කිරීමේ සැලසුම වෙනස් කොට රජයට අනුබද්ධ ආයතනයක් ලෙසින් එය දිගටම පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතියත් ලබාගැනීමට ජීවක ප්‍රසන්න පුරසිංහ සභාපතිවරයා සමත් වුනා.
පුරසිංහ සභාපතිවරයා ගේ පාලන කාලය තුළ, ලක්දිව Engineering සමාගම රුපියල් මිලියන 90ක ලාභයක් වාර්තා කොට තිබෙන අතර, ලංගම ත් ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට ඔහු සමත් වෙනවා.
එහෙත් එතරම් දක්ෂතා දක්වා තිබියදීත් ඔහු පදවියෙන් ඉවත් කිරීමට අමාත්‍ය බිමල් රත්නායක කටයුතු කරනවා. සේවකයින් කියන්නේ මේ පිටුපස තියෙන්නේ වංචා සහගත ක්‍රියාදාමයක් කියල.
සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවේ.
සේවකයින්ගේ චෝදනා ගැන බිමල් රත්නායක ඇමතිවරයාගේ ප්‍රතිචාරයත් වීඩියෝවට ඇතුළත්.
බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රමුඛ ප්‍රවාහන අමාත්‍යංශයට තවත් බරපතල දූෂණ, වංචා චෝදනා ගණනාවකුත් එල්ලවෙලා තියෙනව.
ඉදිරියේදී ඒ චෝදනා හෙළිකරන්නත් "සංදේශය" සූදානම්.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)






