* පාම් තෙල් සදහා වන බද්ද අඩුවෙයි.
* පොල්තෙල් ආනයනය බද්ද ඉහල යයි.
පසුගිය අයවැය ලේඛනය මගින් යෝජනා කරනලද ආනයන කරන පොල්තෙල් සහ පාම් තෙල් සඳහා බදු ව්‍යුහය මගින් පොල්තෙල් කර්මාන්තයට විශාල තර්ජනයක් විය හැකි බව පොල්තෙල් නිෂ්පාදකයින් පෙන්වා දෙයි.
දැනටමත් පාරිභෝගිකයින්ගේ සංවිධාන මගින් රටට මෙම අනතුරු ඇඟවීම කර ඇත.
පසුගිය වසර පහක පමණ කාලය තුලදී පොල් තෙල්, පාම් තෙල්, සන්ෆ්ලවර් තෙල් සඳහා පවතින්නේ විශේෂ භාණ්ඩ බද්දක් (Special commodity levy) වන අතර මෙම ක්‍රමය යටතේ සියලුම ආනයනකරුවන්ට ස්ථාවර බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුවිය.

එම භාණ්ඩ බද්ද අමු (CRUDE) පොල්තෙල් සඳහා රුපියල් 150,000 ක් වූ අතර පාම්තෙල් සදහා රුපියල්. 250,000ක ස්ථාවර අගයක් වූ අතර යෝජිත බදු ක්‍රමය යටතේ එනම් ප්‍රතිශතයක් වශයෙන් ගණනය කර ඒ සඳහා තීරු බදු, 20% සෙස් බද්ධ 10% SSC 2.5% සහ වැට් බද්ද 18% ක් ලෙස බදු පැනවීම තුළ පොල්තෙල් කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවන බව කර්මාන්තයේ නියැලී සිටින අයගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් වෙළඳපළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ තෙල් සඳහා විශේෂ භාණ්ඩ බද්ද ඉවත් කළහොත්,
1) අඩු බද්දක් ගෙවීමේ පරමාර්ථයයෙන් ආනයනික භාණ්ඩයේ මිල අඩු බවට සටහන් කර (අව ප්‍රමාණය කර) ආනයනය කිරීම දැනට කුමන මිලක් යටතේ ආනයනය කළද ස්ථාවර බද්දක් ගෙවීමට ආනයන කරුවන්ට සිදුවේ.
2) දැනට ලෝක වෙළඳපළේ පාම් තෙල් වලට සාපේක්ෂව පොල්තෙල් මිල දෙගුණයක් වන අතර යෝජිත බදු ක්‍රමය යටතේ පාම් තෙල් සඳහා ආනයනික බද්ධ විශාල වශයෙන් අඩුවන නිසා මහා පරිමාණයෙන් ෆාම් තෙල් වෙළඳපළට ඇතුලත් විය හැකි බවයි.

උදාහරණයක් ලෙස අද වන විට ලෝක වෙළඳපළේ පොල්තෙල් ටොන් එකක මිල ඩොලර් 2280 ක් වන අතර ෆාම් තෙල් ටොන් එකක මිල ඩොලර් 1090 පමණ වේ. ප්‍රතිශතයක් ලෙස ආනයන සඳහා බදු ගණනය කළ විට පොල්තෙල් ටොන් එකකට ආනයන බදු ඇතුළු වැට් බද්ද එකතු කළ විට මුළු බදු ප්‍රමාණය රුපියල් 420,000/= ක් පමණ වන අතර එම ප්‍රතිශතයන් යටතේ පාම් තෙල් ආනයනය කළහොත් බද්ද ගණනය වන්නේ රුපියල් ලක්ෂ 200,000 කට ආසන්න අගය කටය.
ඒ අනුව,
පාම් තෙල් සඳහා දැනට පවතින බද්ද රුපියල් 250,000 සිට රුපියල් 200,000/= දක්වා අඩු වන අතර
පොල්තෙල් සඳහා දැනට අය කරන - රුපියල් 155,000 සිට රුපියල් 420,000 පමන ඉහළ යනු ඇත.
ඒ අනුව වෙළඳපලේ සිදුවිය හැක්කේ,
1) අඩු මිල ගණන් යටතේ ෆාම් තෙල් ආනයනය කර පොල්තෙල් සමග මිශ්‍ර කර (adulteration) පොල්තෙල් ලෙස වෙළඳපළේ අලෙවි කර අධික ලාභ ලැබීම.
2) පොල්තෙල් සහ පාම් තෙල් දෙවර්ගයේම මිල අඩුවෙන් සඳහන් කර ආනයනය කර (under value) අඩු තීරු බද්දක් ගෙවීමට පෙළඹීම
3) පාම් තෙල් සඳහා වූ විශේෂ විධ්විධාන බද්ධ අඩුවීම තුළ රජයේ බදු දායම් අඩුවීම.
4) අල්ලස සහ දූෂණයට නැවතත් අවකාශයක් ලබාදීම.
5) පාරිභෝගිකයාට භාණ්ඩ තෝරා ගැනීමේ වරණය අහිමි වී කූට වෙළඳුන් විසින් මහා පරිමාණයෙන් තෙල් වර්ග මිශ්‍ර කිරීමට පෙළඹෙන නිසා පොල් තෙල් යයි සිතා පාම් තෙල් හෝ වෙනත් තෙල් වර්ග පරිභෝජනයට සිදුවීම.
මේ සම්බන්ධයෙන් රජය නැවත සිතා බැලීමක් කල යුතු අතර කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාගේම අදහස් ලබාගෙන නව බදු යෝජනා සැලසුම් කල යුතුය .
(විශේෂ ලියුම්කරුවකු විසිනි)