leader s

වරප්‍රසාදිත සැලකීම් හමුවේ බදුගෙවන්නන්ගේ අයිතිවාසිකම් වෙනස් විය හැකිද?


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් බදු ගෙවන්නන්ට අසමාන ලෙස සලකන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව තුළ දැඩි කනස්සල්ලක් මතුවෙමින් පවතී.

මෑතකදී ඇති වූ සාකච්ඡාවලට අනුව, "සිලෝන් අල්ට්‍රාෆයින්මිල්" (Ceylon Ultrafinemill (Pvt) Ltd) සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙත ස්ථිර වැට් (VAT) ලියාපදිංචිය ලබා දීමේදී සුවිශේෂී සැලකීමක් දක්වා ඇති බවට ප්‍රකාශ වේ.

මෙම ලියාපදිංචිය ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ සහයෝගය සහ ආශීර්වාදය ලැබී ඇති බවත්, ඒ සඳහා දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ඍජුවම සම්බන්ධ වී ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

ලැබී තිබෙන තොරතුරු අනුව, වැට් බදු පනතේ සහ ඊට අදාළ චක්‍රලේඛවල දක්වා ඇති විධිවිධාන මෙහිදී සැමට සමාන ලෙස අදාළ කර නොමැති බව පැවසේ.

මෙවැනි ක්‍රියාවන් හරහා දේශපාලන පක්ෂපාතීත්වයක් ලැබෙන, මුදල් විසි කල හැකි  ව්‍යාපාර සඳහා විශේෂ වාසි ලැබෙන බවට මතයක් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ගොඩනැගී ඇත.

මේ හේතුවෙන්  බදු ගෙවන්නන්ගේ අයිතිවාසිකම්, විනිවිදභාවය සහ රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය දැඩි ලෙස පළුදු වී ඇත.

 

ආර්ථිකයක ප්‍රධාන කොටස්කරුවන් එහි බදු ගෙවන්නන් බැවින්, නීතිය ඉදිරියේ සැමට සමාන ලෙස සැලකීම මූලික මූලධර්මයකි. එබැවින්, ආයතනික විශ්වාසනීයත්වය සුරැකීමට සහ මෙවැනි අසාධාරණ ක්‍රියාවන් පිටුදැකීමට නම්, ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම සම්බන්ධ මෙම චෝදනා පිළිබඳව ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම අත්‍යවශ්‍ය වේ.

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්