පසුගිය දිනක ජාතික ජන බලවේගය නියෝජනය කරන ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් Ideas front Youtube නාළිකාවේ පැවති
සාකච්ඡාවට එක්වූ දීප්ති කුමාර ගුණරත්න සහ විපුල කරුණාතිලක අදහස් පල කර සිටියේය.
ඔවුන්ගේ අදහස වුයේ ලාල්කාන්තා ප්‍රකාශ කළ ඒ ප්‍රකාශය බලපතල ප්‍රකාශයක් වන වබත් නමුත් අනෙක් පක්ෂ විසින් ඒ ප්‍රකාශය අල්ලාගෙන මිනිසුන් බිය වද්දන ස්වරූපයක දක්නට ඇතිබවත් ඔවුන්ගේ අදහස විය.
ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේ මේ ප්‍රකාශය ආස සිටින් ඇතැම් "රංගන ජන්දදායකයින්" වැරදි ලෙස මෙය තෙරුම් ගෙන ජන්ද ප්‍රතිඵල පැමිණිමේ දී ඔවුන් ගමේ නඩු ඇසීමට ද පුලුවන් බව ප්‍රකාශ කළේය.
එසේම විපුල කරුණාතිලක වැඩිදුරටත් ප්‍රකාශ කළේ භාෂාව භාවිතා කිරීමේදී මිනිසුන් කුපිත නොවන අකාරයට භාෂාව ප්‍රකාශ කළ යුතු බවත් ටෝල්ස්ටොයිගේ විප්ලවයේ කැඩපත් කියවූ ආකාරයට කියවිය යුතු බවත් මැක්සිම් ගෝර්කිගෙන් එය ඉගෙන නොගත යුතු බවය.







