leader s

බිංගිරිය පාදක කොටගෙන ඉදිකරන අංගසම්පූර්ණ අපනයන සැකසුම් කලාපයෙන් වයඹ පළාත්වාසීන්ටම ආර්ථික සමාජීය ප්‍රතිලාභ රාශියක් අත්වන බව හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළහ.


වයඹ පළාතේ දියුණුවට මහත් පිටුවහලක් වන ලෙස ඉදිකරන බිංගිරිය ඒකාබද්ධ සංවර්ධන කලාපය පිළිබඳව සහ ඉන් අත්වන ප්‍රතිලාභ ගැන අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් අප සමඟ දැක් වූ අදහස් සමුදායයි මේ.

ප්‍රශ්නය - 
බිංගිරියට ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ජනාධිපතිතුමා යෝජනා කර තිබෙනවා. ඒ පිළිබඳව යෝජනාව පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

 

map d3බිංගිරිය අපනයන සැකසුම් කලාපය
පිළිතුර - 

ඔව් ජනාධිපතිතුමා වයඹ පළාතේ ආර්ථික දියුණුවට සමාජ සංවර්ධනයට ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීමට පුළුල් දැක්මක් ඇතිව ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස මෙය මා දකිනවා. දැනටමත් බිංගිරිය අපනයන සැකසුම් කලාපය ක්‍රියාත්මකයි. එහි කර්මාන්ත ගණනාවක් තිබෙනවා.

ප්‍රශ්නය - 
දැනට බිංගිරියේ ක්‍රියාත්මක අපනයන සැකසුම් කලාපයට අමතරව එහි පුළුල්වීමක් නව යෝජනාවෙන් සිදුවෙනවා නේද?


පිළිතුර - 
විශේෂයෙන්ම බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ සහ ඒ අවට ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් තමයි දැන් යෝජනා වී තිබෙන්නේ. ඒ සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය පවා ලැබුණා. ඉඩම් අක්කර 157ක් සහ ඉඩම් 282ක් වශයෙන් බිංගිරිය අපනයන සැකසුම් කලාපය සංවර්ධනය වුණා. මීට අමතරව තුන්වැනි අදියර ලෙස මේ කලාපය සංවර්ධනය කිරීම නව යෝජනාවේ මූලිකත්වය ගත් කරුණක්. 

ප්‍රශ්නය - 
නව යෝජනාවෙන් ඉඩම් අක්කර කොපමණ ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට හඳුනාගෙන තිබෙනවද?

 

image 8170f518d3කුලියාපිටිය ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් කර්මාන්ත පුරයකට ගැළපෙන පරිදි සොයා දෙන්නැයි ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කළා.
පිළිතුර - 

ඒ සඳහා අක්කර 666ක් හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේ මට යමක් කිව යුතුයි. මුලින්ම කුලියාපිටිය ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් කර්මාන්ත පුරයකට ගැළපෙන පරිදි සොයා දෙන්නැයි ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කළා. අප ඒ අනුව දුම්මලසූරිය ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශ සොයා බැලුවා. අනතුරුව තමයි බිංගිරිය ප්‍රදේශය මේ සඳහා හඳුනා ගත්තේ. ඒ අනුවයි බිංගිරිය අපනයන සැකසුම් කලාපය ආරම්භ වුණේ.

ප්‍රශ්නය - 

බිංගිරිය පාදකකොට ගත් ඒකාබද්ධ සංවර්ධන සැලැස්මේ මූලික අරමුණ කුමක්ද?

පිළිතුර - 
මෙහි මූලික අරමුණ වයඹ පළාතටම පමණක් නොව ඊට යාබද පළාත්වලට පවා නව ආයෝජන රැගෙන ඒමයි. එමගින් නව කර්මාන්ත, සේවා සහ තවත් විවිධ ක්‍රියාකාරකම් ආර්ථික වශයෙන් සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමයි. මෙහිදි ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කර දීමට හැකියි. ඒ වගේම දැනට වඩා ඉහළ ආදායම් ලැබෙන රැකියා ඇති වෙනවා. එපමණක් නොවෙයි ප්‍රදේශයේ යටිතල පහසුකම් ජාලයේ විශාල වශයෙන් දියුණු වෙනවා. 

ප්‍රශ්නය - 
වර්තමානයේ ක්‍රියාත්මක බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ක්‍රියාත්මක වන්නෙ කොහොමද?

 

workforceරැකියා අවස්ථා බහුල වන අතරම තරුණ තරුණියන්ට ඉහළ වැටුප් ලැබෙන රැකියා බිහි වෙනවා.
පිළිතුර - 

දැනටමත් එහි විශාල ප්‍රමාණයක් රැකියා උත්පාදනය කරමින් කර්මාන්ත කටයුතු සිදුවෙනවා. ලෝකයේ නම්දැරූ වෙළෙඳ නාම සහිත කර්මාන්ත එහි පිහිටුවා තිබෙනවා. මෑතකදී දකුණු ආසියාවේ නැතිනම් ආසියාවේ විශාලතම යැයි සැලකෙන ඖෂධ නිෂ්පාදන සමාගමක් ආරම්භ කිරීමට මුල්ගල තිබුණා. ඊට අමතරව ලෝකයේ සුවඳ විලවුන් නිෂ්පාදනයේ ඉහළම නම රැන්දූ ආයතනයක් සඳහා මුල්ගල තැබුවා. මෙවැනි ආයතනවල නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යොමු කිරීම, ඒ තුළින් විදේශ විනිමය මෙරටට ගෙන ඒම ඉලක්කයයි. රැකියා අවස්ථා බහුල වන අතරම තරුණ තරුණියන්ට ඉහළ වැටුප් ලැබෙන රැකියා බිහි වෙනවා. ඒ වගේම වක්‍රවද බොහෝමයක් දෙනාට ප්‍රතිලාභ ආර්ථික හා සාමාජීය වශයෙන් මෙයින් ජනිත වෙනවා.

ප්‍රශ්නය - 
මෙම කර්මාන්ත පුරය ආයෝජකයින්ට හිමිවන විශේෂ වරප්‍රසාද තිබේද?


පිළිතුර - 
ග්‍රාමීය කර්මාන්තකරණයක් ඇති කිරීම සඳහා රජය හැකි තරම් ග්‍රාමීයව යටිතල පහසුකම් දියුණු කරනවා. එහි ප්‍රතිලාභ කර්මාන්තකරුවන්ට ලැබෙනවා. ඒ වගේම රජයේ විවිධ බදු දිරිගැන්වීම් සහ වෙනත් දිරිගැන්වීම් ආයෝජකයින් වෙනුවෙන් සිදුකරනවා.

ප්‍රශ්නය - 
මෙම සංවර්ධන කලාපයේ දියුණු වීමට ප්‍රධාන වශයෙන් බලපෑමක් වෙන්නෙ එහි පවතින යටිතල පහසුකම් දියුණු කිරීමයි. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගන්නෙ කොහොමද?

z p01 Primeකර්මාන්ත හා ආයෝජන කලාප, පොදු පහසුකම්, ප්‍රවේශ මාර්ග, අභ්‍යන්තර මාර්ග ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය කිරීම සඳහා රජය විශාල මුදලක් වැය කරනවා.
පිළිතුර - 
කර්මාන්ත හා ආයෝජන කලාප, පොදු පහසුකම්, ප්‍රවේශ මාර්ග, අභ්‍යන්තර මාර්ග ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය කිරීම සඳහා රජය විශාල මුදලක් වැය කරනවා. ඊට අමතරව පෞද්ගලික අංශයේ ආයෝජන ලෙස එම අංශ දියුණු කිරීමට ඉඩකඩ ලබා දෙනවා.  මේ සියලු දේවල් සමඟින් දැනට වඩා විශාල සංවර්ධනයක් ප්‍රදේශයේම ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - 
අපේ රටට විදේශ විනිමය අවශ්‍ය මොහොතක් උදාවී තිබෙන්නේ. ඒ සඳහා සංචාරක කර්මාන්තය දියුණු කිරීම තුලින් විශාල රුකුලක් ලැබෙනවා.  මෙම සංවර්ධන දැවැන්ත වැඩපිළිවෙළට සංචාරක අංශය දියුණු කිරීම ඇතුළත් කර නැද්ද?


පිළිතුර - 
ඒ සඳහා විශාල ඉඩක් වෙන් කොට තිබෙනවා.  මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති අතරට ඊට සමගාමීව වයඹ පළාතේ සංචාරක ආකර්ශණීය ස්ථාන වැඩි දියුණුවට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ඉරණවිල සහ හලාවත ප්‍රදේශ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩ නැගීමට බලාපොරොත්තු වෙනවා. 

ප්‍රශ්නය - 
මෙවර ඇමැති මණ්ඩලය අනුමත කළ යෝජනාවේ ගොල්ෆ් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමක් ගැන සඳහනක් තිබෙනවා. එය ඔබ දකින්නෙ කෙසේද?


පිළිතුර - 

අවුරුදු සමයේ අධිවේගී මාර්ගය භාවිතයේදී පරිස්සම් වන්නහලාවත ප්‍රදේශයේ ගොල්ෆ් පිටියක් ඉදිකිරීමටත් බිංගිරිය අපනයන සැකසුම් කලාපය සහ ඉරණවිල සංචාරක කලාපය සමඟ සම්බන්ධ කරමින් නව මාර්ගයක් ඉදිකිරීමට ජනාධිපතිතුමා යෝජනා කර තිබෙනවා.

 

ඔව්. හලාවත ප්‍රදේශයේ ගොල්ෆ් පිටියක් ඉදිකිරීමටත් බිංගිරිය අපනයන සැකසුම් කලාපය සහ ඉරණවිල සංචාරක කලාපය සමඟ සම්බන්ධ කරමින් නව මාර්ගයක් ඉදිකිරීමට ජනාධිපතිතුමා යෝජනා කර තිබෙනවා. ඒ යෝජනාව ඉතා වටිනා එකක්. පළාතක් රටක් දියුණු කිරීමට යෑමේදී සැමට එක සේ ප්‍රතිලාභ හිමි වන ලෙස යටිතල පහසුකම් දියුණු කළ යුතුයි. ඒ වගේ සංවර්ධනයේ ප්‍රතිලාභ සැමට ගලා යායුතුයි. සෑම අංශයකටම එහි කොටස්කරුවන් වීමට ඉඩ ලබා දිය යුතුයි. මේ මූලික සංකල්ප අරමුණු පෙරදැරිව තමයි අප මෙම යෝධ සැලැස්ම ඉදිරිපත් කළේ.

ප්‍රශ්නය - 
මෙම සැලැස්මට අනුගතවීමට කැමැත්ත පළ කරන ආයෝජකයින් දිනා ගැනීමට ඔබ සූදානම්ද?

පිළිතුර - 

එක්සත් ජාතික පක්ෂ රජය වසර 1977දී මෙරටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නා. ඊට අමතරව ආර්ථිකයේ විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළා. එවන් අත්දැකීම් තිබෙන පරිණත නායකත්වයක් අද දවසේ රට භාරගෙන තිබෙන්නෙ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපනයන සැකසුම් කලාප සහ නව ආර්ථික දැක්මක් ඇතිව ඒවා වැඩිදියුණු කිරීම පිළිබඳව විශාල පරිචයක් තිබෙන පුද්ගලයෙක්. එතුමාගේ නායකත්වය ආයෝජන දිනා ගැනීම අපහසු වන්නෙ නැහැ. එතුමාගේ දැක්ම දීර්ඝකාලීනයි. එය රටේ ජනතාවට ආර්ථික ශක්තිය වෙත සමාජීය දිරිගැන්වීම ඉහළ නැංවීම මූලික කොටගත්තක්. ඒ සඳහා අවශ්‍ය දැක්මක් ඇතිව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට සමත් ආයෝජන අපට දිනා ගැනීමට හැකියි.

(සටහන - ජේ. මුණසිංහ)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්