මෙරටට අලුතින් ආණ්ඩුවක් පත් වුවහොත් එම ආණ්ඩුව විශාල "ජංජාලයකට" සූදානම් විය යුතු බව සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න ප්‍රකාශ කළේය.
ඔහු ඒ බව කියා සිටියේ දේශපාලන විචාරක විපුල කරුනාතිලක සමග Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනක දීය.
රටේ ආයතනික සැකැස්මේ දුර්වලතා නැති කිරීමට හරි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවත්, රාජ්‍ය මූල්‍ය විනය පිලිබද සෑහීමට පත් වීමට නොහැකි බවත් ඔවුන්ගේ අදහස විය.
එසේම ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේ "පරිවර්තනීය වෙනස්කම" ට අදාල දැනුම හා කුසලතාවය යන සාධක බෙහෙවින් බලපාන බවත් එම දැනුම හෝ කුසලතාවය ජාතික ජන බලවේගයට හෝ සමගි ජන බලවේගයට නොමැති බවත්ය.
තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින්, රාජ්‍ය ආදායම වැඩි කිරීම සම්බන්ධයෙන් කාන්තා ශ්‍රම සහභාගිත්වය අවම වශයෙන් 80% දක්වා වැඩි විය යුතු බවත් දේශපාලන විචාරක විපුල කරුනාතිලක ප්‍රකාශ කළේය.







