leader s

සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු කරන විට ‘පොත්’පිළිබඳ සාකච්ඡාව මතු වන්නේ නිතැතිනි; පොත් පිළිබඳ අවධානය යොමු කරන විට ‘පොත් කවර/ පිටකවර’ පිළිබඳ සාකච්ඡාව මතු වන්නේ ද නිතැතිනි. 


පොත් කවර පිළිබඳ අවධානය යොමු කරන විට මො.ල. සෙනවිරත්න නමැති පුද්ගල නාමය සාකච්ඡාවට බඳුන් වන්නේ ද නිතැතිනි. ඒ, වර්තමානයේ ලාංකීය පොත් කවර කලාවේ නියැළී සිටින කිහිප දෙනා අතුරින් ඔහු සුවිශේෂී කවර නිර්මාණකරුවකු වන බැවිනි.

මො.ල. සෙනවිරත්න සුවිශේෂි වන්නේ හෙතෙම හුදු පොත් කවර නිර්මාණ ශිල්පියෙක් පමණක් ම නොවන බැවිනි. එනම් ඔහු පොත් කර්මාන්තය පිළිබඳව ද දැනුවත් භාවයකින් පසුවන්නෙකි. එමෙන් ම පොත් කර්මාන්ත/ හෝ වෙළඳ ක්ෂේත්‍රය තුළ පවත්නා විවිධ දුර්වලතා සහ ලේඛක ලේඛිකාවන් අත් විඳින කටුකත්වය පිළිබඳව ද විශේෂ දැනුවත් භාවයකින් පසුවන්නෙකි; එමතු නොව පොත් කර්මාන්තය වෙනස් විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ නවමු අදහස් දරන්නෙකි.

පසුගිය දිනෙක ඔහු ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග එක් විය. පහතින් දැක්වෙන්නේ මො.ල. සෙනවිරත්න නමැති පිටකවර නිර්මාණ ශිල්පියා සමග ‘සරග’ කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් විඩියෝව ය.  


 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්