leader s

පවුල් දේශපාලනය සීමා කිරීම සදහා සෑම පක්ෂයක්ම තම පක්ෂ ප්‍රතිපත්තියට සහ ව්‍යවස්ථාවට විශේෂ කරුණු ඇතුලත් කළ යුතු බව සමබිම නායක

දීප්ති කුමාර ගුණරත්න Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනක දී ප්‍රකාශ කළේය.

එම වැඩසටහනට සහභාගිවූ දේශපාලන විචාරක විපුල කරුණාතිලක කියා සිටියේ, මෙම පවුල් දේශපාලනීකරණය ලංකාවට පමණක් සීමා නොවන මුලු ආසියාවේම ව්‍යාප්තවූ ප්‍රශ්නයක් බවයි.

එසේම දේශපාලනික පක්ෂ මහජනයා සතු යාන්ත්‍රණක් මිසක් පක්ෂ නිර්මාතෘ පවුලට අයිති නොවිය යුතු දෙයක් බවත්, එලෙස ඔවුන් පවුල් පදනම බුක්ති විදීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ පක්ෂයේ ශක්තිමත් දෙවනිපෙලක් නිර්මාණය නොවී පක්ෂය කඩාවැටෙන තත්වයට පත්වීම බවත් දීප්ති කුමාර ගුණරත්න අවධාරණය කළේය.

තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කළේ, දේශපාලනය කිරීම සදහා ඇල්මක් තියන දක්ෂ පුද්ගලයින් ප්‍රධාන පක්ෂ හා සම්බන්ධ වී පලක් නොමැති බවය.

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්