ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග
අපට හැමදාමත් ණය ආපසු නොගෙවා සිටින්න බැහැ 2023දී අපේ රට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කරලා තියෙනවා නිදහසින් පසු අපි මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය මෙයයි අපි කොහොම හරි ගොඩ එන්න කොතැනින් හරි පටන් ගන්න ඕනෑ.
ශ්‍රී ලංකාව පවත්නා අර්බුදයෙන් ගොඩ ඒමට සොයා ගත හැකි හොඳම කාලීන විසඳුම වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුමක් වෙත යෑම පිළිබඳ විවිධ විද්වතුන් ඇතුළු බොහෝ දෙනා නොයෙක් මතවාද දරති. කෙසේ වෙතත් නැවත වතාවක් කිසිදාක ආර්ථික අර්බුදයක් ඇති නොවන තැනට වග බලා ගැනීමට ආර්ථික පරිවර්තන පනතක්ද ඉදිරිපත් කොට ඇතැයි ප්‍රකාශ කෙරේ.
රජය ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඇතුළු ආර්ථික තත්ත්වයන් පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග සමඟ කළ සාකච්ඡා සටහන මෙසේ දක්වමු.
ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය මෙයයි.
ප්‍රශ්නය
ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳ ඔබගේ අදහස කුමක් ද ?
සමරතුංග :
ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය මෙයයි. අපිට රටක් ලෙස ලබාගත් දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි වූ අවස්ථාවක් මතුවී තිබුණා. ඒ නිසා අපි වසර 2022 අප්‍රේල් 12 වෙනිදා රටක් ලෙස ලබාගත් දෙස් විදෙස් ණය තාවකාලික ගෙවීම අත්හිටුවීමට තීන්දු කළා. ඒ බව නිල වශයෙන් නිවේදනයත් කළා.
ප්‍රශ්නය :
ඉන්පසුව සිදු වූයේ කුමක් ද?
දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට ඒවා ප්‍රතිව්‍යුහ ගතකරණය කළ යුතුයි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.
සමරතුංග :
අපට හැමදාමත් ණය ආපසු නොගෙවා සිටීමට බැහැ. ඒවා ගෙවීමට යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට ඒවා ප්‍රතිව්‍යුහ ගතකරණය කළ යුතුයි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. නමුත්, එය අනිවාර්යයෙන්ම කළ යුත්තක් වුණා.
ප්‍රශ්නය :
ගත වූ වසර දෙකක කාලය තුළ ආණ්ඩුව එම කටයුතුවලට සාර්ථකව නියැළුණා කියලා ද?
සමරතුංග :
ඔව්. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස, රාජ්‍ය නායකයා ලෙස, අර්බුදයෙන් ගොඩ ඒමට සොයා ගත හැකි හොඳම විසඳුමට ගියා. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකමක් ලබාගැනීමට කටයුතු කිරීම.
ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස, රාජ්‍ය නායකයා ලෙස, අර්බුදයෙන් ගොඩ ඒමට සොයා ගත හැකි හොඳම විසඳුමට ගියා.
ප්‍රශ්නය :
ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම පමණක්ම ද?
සමරතුංග :
ලෝකයේ ඕනෑම රටක ගෙවුම් ශේෂ හිඟයක්, ඇති වූ විට ඉන් මිදීමට අවසන් ණය දෙන්නා ලෙස යා යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතයි. වත්මන් රජය කටයුතු කළෙත්, ඒ ආකාරයට. එලෙස එහි යෑම තුළ අපට විශාල අස්වැසිල්ලක් ලබා ගැනීමට හැකි වුණා. ඔවුන් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ණයක් ලබාදීමට කැමැත්ත පළ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර එකඟතා ඇති කර ගත්තා. ණය මුදල එකවර ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා අප විසින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබුණා. එය සමාලෝචනය කරමින් මාස 48ක් තුළ මෙම ණය මුදල පිරිනැමීමට ඔවුන් කටයුතු කරන්නට තීරණය කළා. ඒ අනුව දැන් ඒ වැඩපිළිවෙළ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ.
ප්‍රශ්නය :
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකමක් ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් දියත් කළ යුතු වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට යනවා කියා විශ්වාස කරනවා ද?
ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙයි
සමරතුංග :
ඔව්. අපේ රට ඔවුන් සමඟ එකඟ වූ පරිදි ලබාගෙන ඇති දේශීය ණය ප්‍රශස්තකරණයකටත්, ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටත් ණය හිමියන් සමඟ එකඟ වී අවසන්. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවා සාර්ථකව එකඟතාවයන්ට එළඹ තිබෙනවා.
ප්‍රශ්නය :
මේ ආකාරයට ශ්‍රී ලංකාවට පත්වීමට හැකි වූයේ කෙසේ ද?
සමරතුංග :
එවන් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ආණ්ඩුව, බලධාරීන් කටයුතු කළ අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ණය ගෙවාගැනීමට නොහැකිව බිඳ වැටීමේ තත්ත්වයක් ඇති නොවන තැනට වග බලා ගැනීමට ද ආණ්ඩුව මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඒ යන ගමනේදී ඉතාමත්ම ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කොට තියෙනවා. ඒ සඳඟා නායකත්වය දුන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
ප්‍රශ්නය :
ඒ සඳහා ජනාධිපතිතුමා ආරම්භය ගත්තේ කෙසේ ද?
මේ අය වැය තුන මඟින් රටේ සමාජ ආර්ථික සංවර්ධනය ජනතාවයේ සුබසාධනය ඇති කරවීමට ඉවහල් වන යෝජනා ගණනාවක්, ව්‍යාපෘති වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කළා.
සමරතුංග :
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මේ වන විට වසර 2022 සිට මේ දක්වා අය වැය තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. වසර 2022 එතුමා විසින් අගෝස්තු මාසයේදී පළමු අය වැය ද දෙවැනි අය වැය එම වසරේදීම නොවැම්බර් මාසයේදී ද තුන්වැනි අය වැය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ද ඉදිරිපත් කළා. මේ අය වැය තුන මඟින් රටේ සමාජ ආර්ථික සංවර්ධනය ජනතාවයේ සුබසාධනය ඇති කරවීමට ඉවහල් වන යෝජනා ගණනාවක්, ව්‍යාපෘති වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කළා.
ප්‍රශ්නය :
අප රටක් ලෙස මුහුණ දෙන ණය අර්බුදයෙන් තිරසරව ගොඩ ඒමට කළ යුත්තේ කුමක් ද?
සමරතුංග :
ගත වූ කාලසීමාවේ දී ආණ්ඩුව විසින් ආර්ථික සමාජ සංවර්ධන ඉලක්ක සපුරාලීමට අලුතින් සහ සංශෝධන අණපනත් 60කට වඩා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවායින් 30ක් පමණ ආර්ථික කළමනාකරණය හා බැඳණු ප්‍රමුඛ පනත්. මෙම පනත් අතරින් වසර 2023 සැප්තැම්බර් 15 ඉදිරිපත් කළ ශ්‍රී ලංකා මහ බැංකු පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත ප්‍රසම්පාදන පිළිබඳ නව නීති ඇතුළත් පනත, ආර්ථික පරිවර්තන පනත ප්‍රමුඛ වෙනවා.
ප්‍රශ්නය :
ඔබ හඳුන්වා දුන් අලුත් අණ පනත් ගැන කෙටියෙන් යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
රාජ්‍ය ණය කළමනාකරණ නව පනත යටතේ තනි ආයතනයක් පිහිටුවීමටත් යෝජනාවක් තියෙනවා.
සමරතුංග :
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන්න ප්‍රධාන වශයෙන් ආයතන 4ක් තියෙනවා. ඒවා විවිධාකාරයෙන් රාජ්‍ය ණය කළමනාකරණය කරනවා. නමුත් මේ සඳහා තනි ආයතනයක් පිහිටුවා නෑ. මේ අඩුව පුරවාලමින් රාජ්‍ය ණය කළමනාකරණ නව පනත යටතේ තනි ආයතනයක් පිහිටුවීමටත් යෝජනාවක් තියෙනවා.
ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් නීතියක් අපේ රටේ තාම ක්‍රියාත්මක නෑ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ, ඇමැති මණ්ඩලයේ අනුමැතිය යටතේ රෙගුලාසි ඔස්සේ. චක්‍රලේඛ ඔස්සේ. නමුත්, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් නව නීති සම්පාදනයට ආණ්ඩුව පියවර ගෙන තියෙනවා. ඒ වගේම එහි නීතිත් කෙටුම්පත් මට්ටමේ තියෙනවා.
ප්‍රශ්නය :
අපේ රටේ රාජ්‍ය ව්‍යාපාරවල ස්වරූපය කොහොම ද?
සමරතුංග :
අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් 50කට අධික ප්‍රමාණයක් විශාල ව්‍යාපාරයන්හි යෙදෙනවා. මේවා සම්බන්ධයෙන් ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියක් කරලා ඒවාගේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය වැඩි කර ගන්න ඕනෑ.
අපි නැවතත් ගොඩ එන්න පටන් ගන්න ඕනෑ.
ප්‍රශ්නය :
ආණ්ඩුව විසින් ඉදිරි දැක්මක් ඇති ආර්ථික වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවා ද?
සමරතුංග :
ඔව්. අපි නැවතත් ගොඩ එන්න පටන් ගන්න ඕනෑ. මෙවැනි පරිසරයක් තුළ වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ ඉතා කාලෝචිත හා දුරදක්නා දැක්මක් ඇතිව හඳුන්වාදුන් නව පනතක් තියෙනවා. ඒ තමයි ආර්ථික පරිවර්තන පනත.
ප්‍රශ්නය :
එම පනතේ ඇති විශේෂ ලක්ෂණ මොනවා ද?
සමරතුංග :
මෙම පනත සංයුක්ත පනතක්. මෙහි පනත් 5ක් බද්ධව තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ මා දන්නා පරිදි සංයුක්ත පනතක් ලෙස 1980 ගණන්වල ඉදිරිපත් කළ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය හා බැඳුණු පනත් 3ක් එක්කොට ඉදිරිපත් කළ පනත පෙන්වා දෙන්න පුළුවන්. ඉන්පසුව පනත් 5ක් එක්කොට ඉදිරිපත් කළ දැනගත යුතුම පනතක් වන්නේ ආර්ථික පරිවර්තන පනතයි. එහි පූර්විකාව දිගුයි. එහි සඳහන් කර තියෙන්නේ, ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථිකය මෙහෙයවීම කළ යුතු ආකාරය, ඉලක්ක සහ ලබාගත යුතු ජයග්‍රහණ, ඒවා ළඟා කර ගැනීමට මඟපෙන්වීම් පමණක් නොවෙයි, නව ආයෝජකයන් කැඳවා ගැන්ම යනාදී වශයෙන් සමස්ත චිත්‍රයක් කැටි කොට දක්වනවා.
ප්‍රශ්නය :
මේ පනත ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා ගත හැකි ද ?
නව ආර්ථික පරිවර්තන පනත ආර්ථික ඉලක්ක ජයගන්න මාර්ගෝපදේශ ලබා දෙන පනතක්.
සමරතුංග :
ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් තියෙන රටක්. එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 85ක්. අපේ රටේ සම්පත් සීමිතයි. මේ සීමිත සම්පත් ප්‍රමාණය මනාව කාර්යක්ෂම ලෙස ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගන්න කටයුතු කරන්න ඕනෑ. ඒ සඳහා නව පර්යේෂණ පුහුණු තාක්ෂණය නව ලෝක දැනුම එක්කර ගත යුතුයි. නව ආර්ථික පරිවර්තන පනත ආර්ථික ඉලක්ක ජයගන්න මාර්ගෝපදේශ ලබා දෙන පනතක්.
ප්‍රශ්නය :
ආර්ථික පරිවර්තන පනතේ ඇති ගුණ මොනවා ද?
සමරතුංග :
මෙම පනතේ ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සපුරාලීමට වැඩි බරක් තියෙනවා. ප්‍රධාන ක්ෂේත්‍ර තුනකින් රජයේ ණය තිරසරභාවය ඇති කරලීම මෙහි අරමුණක්.
ශ්‍රී ලංකාව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128% දෙස් විදෙස් ණය බරකින් පසු වෙනවා. එය 95%ක් මට්ටමට අඩු කර ගැනීමට ඉලක්කයයි. දැනට රජය ගෙවිය යුතු විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 9.4%ක්. එය 4.5% දක්වා අඩුකර ගැනීම ඉලක්කයයි.
විරැකියාව අඩු කර ගන්නා අතරම ආර්ථික දියුණුවට කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නංවාගැනීමත් ඉලක්කයක්.
මෙපමණක් නොව සමස්ත දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර 5% ඉක්මවා වර්ධනය කිරීමත් ඉලක්කයක්. විරැකියාව අඩු කර ගන්නා අතරම ආර්ථික දියුණුවට කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නංවාගැනීමත් ඉලක්කයක්. ඊළඟ වසර වන විට එය 25% දක්වාත් වසර 2030දී 40% දක්වාත් වසර 2040දී එය 50% දක්වාත් වැඩි කර ගැනීමත් ඉලක්කයි.
ප්‍රශ්නය :
මේ වන විට අප ලබා ගෙන ඇති ආර්ථික ජයග්‍රහණ තිබෙනවා ද ?
සමරතුංග :
ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ අවස්ථා තිබෙන්නේ හයයි. වසර 1977න් පසුව එවැනි අතිරික්තයක් වාර්තා කළේ වසර 2023දීයි. එය අප ළඟා කර ගත් ජයග්‍රහණයක්.
ආර්ථික පරිවර්තන පනත මඟින් ණය තිරසරභාවය ඇති කර ගැනීම ඉලක්කයයි.
ප්‍රශ්නය :
නව පනතෙන් ණය තිරසර බවක් ඇති කර ගැනීමට මඟක් පෑදේ ද?
සමරතුංග :
ආර්ථික පරිවර්තන පනත මඟින් ණය තිරසරභාවය ඇති කර ගැනීම ඉලක්කයයි. ඒ අනුව එය ළඟා කර ගැනීමට වැඩපිළිවෙළක් ද දක්වා තියෙනවා. මේ ආකාරයට සර්ව සම්පූර්ණ පනතක් ලෙස අපට හඳුන්වා දිය හැකි නව පනත ක්‍රියාත්මක කිරීමට සැලසුම් පමණක් නොව වැඩපිළිවෙළක් ද පනතෙහිම දක්වා තියෙනවා.
ප්‍රශ්නය :
අපේ රටේ රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම සපුරා ගන්නා තැනට ළඟා වී නෑ නේ ද?
සමරතුංග :
ශ්‍රී ලංකාව 1950, 60 දශකවල ඉතා දිළිඳුභාවයේ පැවතුණා. එහෙම පැවැති අවධියේ පවා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 20% ඉක්මවා තිබුණා. වසර 1990 මැද භාගය වන විට ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් බවට පත්වුණා. ඒ යුගයේ දී ද රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 22%ත් 18%ත් මට්ටමේ පැවැතුණා. එවැනි ඉහළ මට්ටමක රාජ්‍ය ආදායමක් ලැබූ ශ්‍රී ලංකාව වසර 2020 ගණන් වනවිට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8%, 9% මට්ටමටක් දක්වා පහත වැටුණා. මේ කාලයේ රජයේ වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 20% ඉක්මවා තිබුණා. එලෙස රජයේ වියදම් ඉක්ම වූ සහ රාජ්‍ය ආදායම් පහළ මට්ටමේ පවතින විට රටක් ගෙන යෑම අසීරුයි.
ප්‍රශ්නය :
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධ ආයතන කටයුතුවල පරිපාලනමය වෙනස්කම් සිදුවන්නේ කෙසේ ද ?
ජාතික ඵලදායීතා කොමිසම සඳඟා සෑම ආයතනයක්ම ඒකාබද්ධ කොට රටේ රජය හා පෞද්ගලිකව සිදු කරන සෑම රුපියලක්ම, ආයෝජනයකින්ම රටටත් සමාජයටත් ප්‍රතිලාභ හිමිවන තත්ත්වයක් උදාකිරීම මින් අපේක්ෂිතයි.
සමරතුංග :
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කොට නව ආයතනයක් බිහි කරනවා. ආයෝජන මණ්ඩලය සිදු කළ ආයෝජනය ගෙන ඒම සහ ආයෝජන මණ්ඩල පරිපාලන කටයුතු දෙකක් බවට පත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ආර්ථික කොමිසම පිහිටුවීම, ශ්‍රී ලංකා ආයෝජන කලාප විධිමත් කිරීමේ ආයතනයක් පිහිටුවීම, විදේශ වෙළෙඳාම නැංවීමේ ආයතනය ජාතික ඵලදායී කොමිසම් සභාවක් පිහිටුවීම, ජාත්‍යන්තර වෙළෙඳාම නංවාලීම සඳඟා පියවර ගැනීමට බුද්ධි මණ්ඩලයක් පිහිටුවීම යනාදිය සිදු කරන්න නියමිතය.
මෙහිදී ජාතික ඵලදායීතා කොමිසම සඳඟා සෑම ආයතනයක්ම ඒකාබද්ධ කොට රටේ රජය හා පෞද්ගලිකව සිදු කරන සෑම රුපියලක්ම, ආයෝජනයකින්ම රටටත් සමාජයටත් ප්‍රතිලාභ හිමිවන තත්ත්වයක් උදාකිරීම මින් අපේක්ෂිතයි. මේ හරහා ආණ්ඩුව අපේක්ෂා කරනුයේ කුමන රජයක් යටතේ වුවත් ආර්ථික පරිවර්තන පනත පෙරදැරිව ණය තිරසර භාවය ඇති කර ගනිමින් ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් සංවර්ධිත රටක් බවට පත්කිරීමයි.
( dinamina.lk - ජයසිරි මුණසිංහ)







