leader s

දේශපාලන විචාරක විපුල කරුනාතිලක සහ සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න සමග පැවති "Ideas front" Youtube වැඩසටහනට

සහභාගිවෙමින් කියා සිටියේ, මේ ජනාධිපතිවරණ උණුසුමත් සමග ජන මත සමීක්ෂණ සමාජ මාධ්‍ය තුළ බහුලව පෙනී යන බවත් ඒවා යම් වටිනාකමකට යටත්ව අපේක්ෂකයින්ගේ ප්‍රචලිතභාවය අඩු වැඩි වශයෙන් කෘතිමව විකෘති කිරීමක් කර මහජනයා නොමග යවන බවත්ය.

මෙවැනි ව්‍යාජ සමීක්ෂණ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට හානිවෙන බවත් මැතිවරණ නිරීක්ෂණය කරන උදවිය මීට වඩා බුද්ධිමත්ව කටයුතු කල යුතු බවත් විපුල කරුනාතිලක සහ දීප්ති කුමාර අවධාරණය කරයි. 

තවදුරටත් අදහස් ඉදිරිපත් කරමින් ඔවුන් කියා සිටියේ, අපේ රටේ මත සමීක්ෂණ කරන ආයතන කිසිවක් නිදහස්ව කටයුතු නොකරන බවත් මැතිවරණ කාලයේ යම් මුදලක් උපයා ගැනීම පිණිස ඔවුන්ට අවශය පරිදි එක් එක් පක්ෂවලට වැඩ කරන බවත් ඉදිරියේදීත් මෙවැනි ප්‍රබන්ධ රටේ ජනතාව බලාපොරොත්තු විය යුතු බවත් ය. 

දීප්ති කුමාර සහ විපුල කරුනාතිලක වැඩිදුරටත් අදහස් දැක්වූ වීඩියෝව පහළින් නරඹන්න.




 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්