පසුගිය අගෝස්තු 06 වෙනි දින දහස් ගණන් යුක්‍රේන හමුදා භටයින් රුසියාවේ කුර්ස්ක් ප්‍රදේශය ආක්‍රමණය කළ අවස්තාවේ විදේශීය විදේශික හමුදා භටයින් 2500ක් පමණත් ඒ මෙහෙයුමට සම්බන්ධ වුණා.
විදේශික හමුදා භටයින් පිරිසකට අණ දෙන ශ්‍රී ලාංකික ලහිරු කාවින්ද හතුරුසිංහත් ඒ අතර සිටිනවා.
මේ අතර මේ වනවිට ශ්‍රී ලාංකික සෙබළුන් 20 දෙනෙකු යුද බිමේදී මියගොස් ඇති බව රුසියාව ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
රුසියාව මීට පෙර සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවයි. කෙසේ වුවත් ශ්‍රී ලාංකිකයින් ඊට වඩා වැඩි පිරිසක් යුද බිමේදී මියගොස් ඇති බව සංදේශයට අනාවරණය වී තිබෙනවා.
රුසියානු හමුදාවට සම්බන්ධ වී සිටි ශ්‍රී ලාංකිකයින් 100ක පමණ පිරිසක් මේ වනවිට හමුදාවෙන් පැන ගොස් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඒ අතරින් 88 දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපකාර කොට තිබෙනවා. ඒ වගේම තානාපති කාර්යාලයට නොදන්වා යලි සිය රට පැමිණි පිරිසක්ද ඉන්නවා.
රුසියාව සහ යුක්රේනය අතර යුද බිමේ අලුත්ම තොරතුරු රැගෙන සරෝජ් පතිරණ ගෙන එන විමසුමක් මේ.







