leader s

ශ්‍රී ලංකා පුවත්පත් සඟරා සම්බන්ධයෙන් මෙතෙක් ලියැවී ඇති දැවැන්ත ම කෘතිය කළුකොඳයාවේ පඤඤාසේකර හිමි විසින් සම්පාදිත ‘සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය’ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

කාණ්ඩ නවයකින් (ඊටත් වඩා වැඩිදැයි නොදනිමි) යුත් එම කෘතියේ පළමු කාණ්ඩය නිකුත් වන්නේ 1965 මැයි මාසයේ දී ය.

සිංහල පුවත්පත් සගරා ඉතිහාසය
මා සතුව පවතින අවසාන යැයි සිතෙන නව වන කාණ්ඩය ප්‍රකාශයට පත්කෙරෙන්නේ 1971 වසරේ දී ය. දීර්ඝ පර්යේෂණාත්මක කෘතියක් වන එම කෘතියෙන් ඉක්බිති පුවත්පත් හෝ සඟරා පිළිබඳ ලියැවුණු පරිපූර්ණ කෘතියක් තිබේ දැයි මම නොදනිමි. නමුදු විවිධ පුවත්පත් සම්බන්ධයෙන් කෘති කිහිපයක් පළ වී තිබේ. 

උදාහරණයක් ලෙස ගතහොත්: සිංහල චිත්‍රකතා, ළමා පුවත්පත්, අසභ්‍ය යැයි හැඳින්වෙන පුවත්පත්, සිනමා පුවත්පත් යනාදිය පිළිබඳ කුඩා කෘති පළ කර ඇත. නමුදු මේ සියලු පුවත්පත්වලට වඩා පොදු නාමයකින් හැඳින්විය හැකි ටැබොලොයිඩ් පුවත්පත් පිළිබඳ පමණක් ම වෙන් වූ කෘතියක් මෙතෙක් පළ වී නොතිබිණ.

මේ වන විට එම අඩුව සපුරාලන්නට දිනුක මලින්ද හේරත් සමත්ව ඇත. ඒ, ඔහු විසින් සම්පාදිත ‘ටැබ්ලොයිඩ් සරසවිය - බෙරේ ගෙදරින් මරදානට විතැන් වූ සිලෝනයේ පත්තර කලාව’නමැති කෘතිය තුළිනි.

මතු පළ වන්නේ Theleader TV ඉදිරිපත් කරන ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග දිනුක මලින්ද හේරත් කළ සම්මුඛ සාකච්ඡාව ය.

මෙම සාකච්ඡාව නැරඹීමෙන් ‘ටැබ්ලොයිඩ් සරසවිය - බෙරේ ගෙදරින් මරදානට විතැන් වූ සිලෝනයේ පත්තර කලාව’ නමැති කෘතිය පිළිබඳ සංක්ෂිප්ත අවබෝධයක් ලබාගැනීමට හැකිවනු නොඅනුමාන ය. 

(සටහන - ජයසිරි අලවත්ත )   



 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්