leader s

වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය.


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඇතුළුව පක්ෂයේ වත්කම් ඔහු සතුය.

ජනප්‍රිය දේශපාලනයට නොගිය ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුවේ මෙන්ම, අනුර කුමාර දිසානායකගේ වත්මන් ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගැනීමට තීරණය කළ බව BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

''83 පක්ෂය තහනම් කරන අවස්ථාවේ මම කළුතර දිස්ත්‍රික්කයේ තරුණ සංගමයේ ලේකම්වරයා. නමුත් මම ඒ කාලේ ප්‍රසිද්ධ දේශපාලනය නොකරපු නිසා මම පක්ෂයේ මොනවද කරන්නේ කියලා බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ. අවුරුදු හතක් හිරේ ඉඳලා ඇවිත් 1995 පක්ෂ ලේකම් ධූරය භාර ගත්තට පස්සේ තමයි බන්ධනාගාර නිලධාරී දැන ගත්තේ මම කවුද කියලා. මගේ ඒ හැසිරීම පක්ෂයේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා කර ගන්න පුළුවන් වුණා. පොලීසිය හිතුවේ මම පක්ෂයට උදව් කරපු සාමාන්‍ය කෙනෙක් කියලා.'' යනුවෙන් ඔහු පැවසුවේය.

පාසල් කාලය, ආර්ථික අභියෝග අභියෝග හමුවේ පාසල් ගමන අඩාල වීම, රෝහණ විජේවීර හමුවීම, පක්ෂය තුළ කළ රහසිගත දේශපාලනය, බන්ධනාගාරයේ ජීවිතය හා බැඳුනු 'අප්‍රකට' කතා මෙන්ම අනුර දිසානායක ජනාධිපතිවරයා යටතේ තනතුරු භාර නොගැනීමට හේතුව ටිල්වින් සිල්වා BBC සිංහල සමග පැවති සාකච්ඡාවේ දී විස්තර කළේය.






(BBC සිංහල සේවය)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්