leader s

ඔබත් මමත් නරඹන රුපවාහිනී නාට්‍ය අතර දේශපාලන නාට්‍ය විකාශනය වීම සාමාන්‍ය තත්ත්වයකි; එමෙන් ම එම දේශපාලන නාට්‍ය අතර විවිධ දේශපාලන තේමා යටතේ නිර්මාණය කෙරුණ නාට්‍ය ද විකාශනය කෙරේ.

නමුදු ඒ බොහෝ නාට්‍ය අතුරෙන් අපට නැවුම් අත්දැකීමක් සමීප කරන දේශපාලනික තේමා රැගත් රූපවාහිනී නාට්‍ය නම් දුලබ බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.

මෙවන් විවිධාකාර දේශපාලනික රුපවාහිනී නාට්‍ය අතර මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන ‘‘මී මැස්සා’’ මට වෙනස් ම අත් දැකීමක් මෙන් ම වින්දනයක් ගෙන දුන් නාට්‍යයකි. එබැවින් ම එම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් කළ යුතු යැයි මම අදහස් කළෙමි; අනතුරුව එම අදහස යථාවක් කරගැනීමට මට අවස්ථාව ලැබිණ.

මතු පළ වන්නේ එම අදහස යථාවක් කරගත් අවස්ථාව ය; එනම් The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග: ‘‘මී මැස්සා’’ රුපවාහිනී නාට්‍යයේ අධ්‍යක්ෂ ඩිල්ෂාන් පතිරත්න සම්මුඛ කරගත් අවස්ථාව ය.

(ජයසිරි අලවත්ත)


  

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්