leader s

පුරුෂයකු කාන්තාවක සමග ලිංගික සම්භෝගයේ යෙදීමෙන් ඉක්බිති කාන්තාව ගැබ් ගැනීම එසේත් නොවේ නම් කාන්තාවගේ කුසෙහි දරුවකු පිළිසිඳ ගැනීම ඔබ දකින්නෙ කොහොම ද? අනිවාර්යයෙන් ම ඒ සිද්ධිය එක ම විදියට දකින්න අපේ සමාජය කැමති නැහැ.

‘එක ම විදියට දකින්න’ කිව්වම දැන් ඔයාලට ප්‍රශ්නයක් නේද...? ඒත් තිත්ත ඇත්ත එහෙමයි.

අපි මෙහෙම හිතමු... අලුතෙන් විවා පත් කාන්තාවක් ගැබ් ගැනීම සාමාන්‍ය යි. හැබැයි අවුරුදු විස්සත් පැනපු, කසාද බඳින්න ආසන්න දුවෙක් ඉන්න අම්මා කෙනෙක් ගැබ් ගත්තොත්...? ඒ දිහා සමාජය බලන්නෙ වෙනස් විදියකට නේද...? සමාජය වුවමනා නෑ... අර විවාපත්වෙන්න ඉන්න දුව, ඒ දුව විවාහ වෙන් ඉන්න තරුණයා... ඒ අය මේක දකින්නෙ තමන්ගෙ ජීවිතයට එල්ල වුණ බරපතල බාධකයක් විදියට නේද...?

තව පැත්තකින් අපි මෙහෙම හිතමුකො... යාන්තම අවුරුදු දහඅට ලබපු තරුණියක්, නීත්‍යනුකුලව විවාහ වෙන්නෙ නැතුව ගැබ් ගත්තොත්...? ඒ තරුණිය දිහා සමාජය බලන්නෙ කොහොම ද...? යට කියපු සිද්ධි දෙකට ම වෙනස් විදියකට නේද...?

මෙන්න මේ ආකාරයට මම යට සඳහන් කළා වගේ කාන්තාවක ගැබ් ගැනීම පිළිබඳව සමාජය දරන්නෙ විවිධාකාර මත. ඒ මත හරිද වැරැදිද කියල තීරණය කරන්නෙ සමාජය නොවිය යුතුයි; ඒක තීරණය කරන්න ඕනෙ සිද්ධියට මුහුණ දුන් පාර්ශ්වය යි.

ඉතිං... මේ දවස්වල ස්වර්ණවාහිනියෙ ‘‘සින්ටෝ’’ නමින් රුපවාහිනි නාට්‍යයක් විකාශනය වෙනවා. ඒ නාට්‍යයේ සාකච්ඡා කෙරෙන්නෙ මෙන්න මේ ප්‍රශ්නය ගැන.

ඒ නාට්‍ය යේ තිර රචනය සහ අධ්‍යක්ෂණය අසංක සායක්කාර; මතු පළ වන්නේ අසංක සායක්කාර, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ‘සින්ටෝ’ පිළිබඳ කරපු සාකච්ඡාව.

(සටහන - ජයසිරි අලවත්ත)



 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්