කවිය පිළිබඳ හැදෑරූ බොහෝ වියතුන් පවසන කාරණයක් වන්නේ ‘‘කවි බස’’ යනුවෙන් වෙනම ම භාෂාවක් නොමැති වුව ද අදාළ කවියට ප්‍රස්තුත වන වටපිටාව අනුව කවියේ බස සකසා ගත යුතු බවයි.
අද දින The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සමුමුඛ වන, ප්‍රශස්ත කිවිඳියක වන කෞශල්‍යා ඒ සමත්කම දක්වා ඇත.
එය ඇගේ තෙවන කාව්‍ය සංග්‍රහයේ ද මැනවින් ස්ඵුට කර ඇත. කවියේ දී පමණක් නොව; නිර්මාණ හඳුන්වා දීමේ දී, කවිවලට යොදන මාතෘකාවල දී, පිදුමේ දී, කවි පෙළ ගැස්මේ දී මෙන් ම කෘතියේ අන්තර්ගත නිර්මාණ විවිධ මාතෘකා යටතේ වර්ග කරන විට පවා එම සමත්කම දක්වා ඇත.
මතු පළ වන්නේ ඇගේ තෙවන කාව්‍ය සංග්‍රහය වන ‘‘සන්තරණ මාත්‍රා’’ කෘතිය පිළිබඳ ඇය, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.
(සටහන - ජයසිරි අලවත්ත)







