leader s

මනෝජා ප්‍රනාන්දු නව පරපුරේ රංගන ශිල්පීන් අතරින් දක්‍ෂතා පෙන්වන ලද රංගන ශිල්පිණියක්.

 

පසුගිය කාලයේ ජාතික ජනබලවේගයේ දේශපාලනය නියෝජනය කරමින් ඊට සහයෝගය දැක්වූ කලාකාරිනියන් අතරින් මනෝජාට තිබුනේ විශේෂ අවදානයක්. ඊට හේතුව ඇය නූතන පරම්පරාවේ සිට රටේ අනාගතය වෙනුවෙන් ප්‍රසිද්ධ දේශපාලනික වේදිකාවට ගොඩ වීම ඇය බාරගත් අභියෝගයක් නිසා.


manoja 240613 ඇය නූතන පරම්පරාවේ සිට රටේ අනාගතය වෙනුවෙන් ප්‍රසිද්ධ දේශපාලනික වේදිකාවට ගොඩ වීම ඇය බාරගත් අභියෝගයක් නිසා.


ඇය පසුගිය දිනක MirrorArts Youtube නාලිකාව සමග සාකච්ජාවකට එක්ව සිටියා.

 Mirrorarts-
ඉතින් කොහොමද කියලා අහන්නෙ නැතුව මේ විදිහට අහන්නම්....දැං නිදහසේ ජීවත්වෙන්න පුලුවන්ද ?


Manoja-

මං කොහොමත් නිදහසේ ජීවත්වෙන්න උත්සාහකරන කෙනෙක්.  නිදහස කියන එක තියෙන්නෙ මං හිතන්නෙ අපේ ජීවන රටාවක් එක්ක.ඒක අපේ පුද්ගලික ජීවිතෙත් එක්ක බැඳිච්ච දෙයක්. පුද්ගලික නිදහස කියන එක. මම උපරීම නිදහසේ ජීවත්වෙන්න ට්‍රයි කරනවා ඒක හොයනවා මම. හොයාගන්න උත්සාහ කරනවා.


Mirrorts -
ඒ ඔයා කියන්නේ පෞද්ගලිකව ඔයානේ? රටක් හැටියට පොදු ජනතාව සම්බන්ධයෙන් ඔයාට කොහොමද දැනෙන්නෙ?

 

Sri Lankan Parliament Complexඅපි එක තැනක් සුද්ද කළා අපි සියලු දෙනාගේම සහයෝගයෙන්. ඉතුරු ටික අපි බලමු. මම හිතනවා ඒක ලස්සනට සිද්ධවෙයි කියලා.

Manoja-

පොදු ජනතාව සම්බන්ධයෙන් මම දන්නවා දැං ඔය අහන්න යන්නෙ මොකද්ද කියලා ...මෙහෙමයි නිදහසේ ජීවත්වෙනවා කියන කොට ඇත්තටම මට ඇත්තටම නිදහසක් දැනෙනවා පුද්ගලයෙක් හැටියට වගේම රටේ පුරවැසියෙක් විදහට. මට නිදහසක් දැනෙනවා නිකං ලොකූ කුණුගොඩකින් බේරුණා වගේ. මම ඇතුළු ලංකාවේ පුරවැසියෝ ලොකූ කුණු ගොඩකින් බේරුණා වගේ කියලා නිදහස් හැගීමක් තියෙනවා. .ඒක හරි. නමුත් අපි පටන් ගත්තා විතරනේ . ඒක කාලෙන් කාලෙට ගලාගෙන යාවි. අපි එක තැනක් සුද්ද කළා අපි සියලු දෙනාගේම සහයෝගයෙන්. ඉතුරු ටික අපි බලමු. මම හිතනවා ඒක ලස්සනට සිද්ධවෙයි කියලා.


මනෝජා ඉතාමත්ම බලාපොරොත්තු සහගත ලෙස කතා කළා. ඇයගේ පියා 88-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයෙක්ව සිටි බවත් මනෝජා පැවසුවා.  ඒ වගේම මෙම සාකච්ජාවේදී පරම්පරා අතර ගැටුම මෙන්ම සමාජ මාධ්‍ය තුළ කලාවට සම්බන්ධ අයගේ ලීක් වීඩියෝ පැමිණිමේ සිද්ධි පිළිබඳවත් සාකච්ජා කළා.

මෙහි සම්පූර්ණ වීඩියෝව පහත


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්