leader s

‘‘තමාට වැදගත් වූ තැන්වල දී පා සටහන් සදාකාලිකව ම තබා යෑමට බැරි ඇයි...?
 
දුයිෂේන් සහ මා කඳුකරයේ සිට ආ ඒ අඩි පාර සොයා ගන්න හැකි නම්, ගුරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිප ගැනීමට මා සූදානම් ය. ඒ අඩි පාර සියලු ම මාර්ග සහ මාවත්වලට වඩා මට අගනේ ය. මා යළි ජීවිතයට ගෙනවිත්, මට අලුත් විශ්වාසයක් දී, අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබා දුන් ඒ දවසටත්, අඩි පාරට සහ මාවතටත් දේවාශිර්වාද ලැබේවා...!
 
එදා පෑයූ ඉරටත්, එදා පැවති කාලගුණයටත් කෘතඥතාව හිමි වේවා...!’’


මේ කොටස මම උපුටාගත්තෙ චින්ගිස් අයිත්මාතව් විසින් රචිත, දැදිගම වි. රුද්‍රිගු විසින් පරිවර්තිත ‘‘ගුරු ගීතය සාහිත්‍ය කෘතියෙන්.

මම විශ්වාස කරන විදියට ලංකාවේ දැනට වැඩියෙන් ම අලෙවි වී ඇති, වැඩි ම පාඨක පිරිසක් කියවා ඇති සහ එකම සාහිත්‍ය කෘතිය වැඩිම වාර ගණනක් කියවා ඇති සාහිත්‍ය කෘතිය ද ‘‘ගුරු ගීතය’’ යි.

ඔබ නවකතාවක් ලෙස මෙතෙක් රසවිඳි ‘‘ගුරු ගීතය’’ පසුගිය 12වන දින සිට සිනමා නිර්මාණයක් ලෙස මුදාහැරුණා. මෙම සිනමා නිර්මාණයේ පිටපත සහ අධ්‍යක්ෂණය උපාලි ගම්ලත්. මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්මුඛ වන්නේ ඔහු යි.

මතු පළ වන්නේ එම සම්මුඛ සාකච්ඡාව යි.

(සටහන | ජයසිරි අලවත්ත)



 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්