leader s

මිනිස්සුන්ට ජීවිතය හදාගන්න සෑහෙන කාලයක් ගත කරන්න වෙනවා.

හැබැයි ජීවිතය වරද්දා ගන්න; සෑහෙන කාලයක්, ශ්‍රමයක් වැය කරල ගොඩනගාගත්තු ජීවිතය විනාශ කරගන්න තත්ත්පරයකුත් සෑහෙනවා. එහෙම ජීවිතය වරද්දා ගත්තු කෙනෙක් තමයි සමන්තා.

සමන්තාගෙ කතාවෙන් අපිට ඉගෙන ගන්න දේවල් බොහෝම යි. ඒ කතාව මීට වසර පහළවකට පමණ පෙර සමාජගත වෙන්නෙ සාහිත්‍ය කෘතියක් විදියට; ඒ සාහිත්‍ය කෘතිය රචනා කළේ තරංගා දිසානායක. ඒ කෘතිය නම් කරල තිබුණෙ ‘‘කඳුළු කුණාටුව’’ යන මැයෙන්.

මේ වන විට ඒ ‘‘කඳුළු කුණාටුව’’ සාහිත්‍ය කෘතිය ඇසුරෙන් රුපවාහිනී නාට්‍යයක් නිර්මාණය කරල තියෙනවා. ඒ නිර්මාණය කළේ: සාහිත්‍ය ප්‍රබන්ධකරුවෙක්, මාධ්‍ය වේදියෙක්, රුපවාහිනී තිර රචකයෙක්, රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් මෙන් ම සිනමා අධ්‍යක්ෂවරයෙක් වන ලලිත් රෝහිත එදිරිසිංහ.

මතු පළවන්නේ ඔහු: The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ‘‘ඉරගිනි මද්දහන’’ නිර්මාණය පිළිබඳ කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන | ජයසිරි අලවත්ත)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්