leader s

මේ වන විට ලංකාවේ ජල විදුලි උත්පාදන අවස්ථා අවම වී ඇති අතර සුළං විදුලිය නිපදවීමේ අවකාශ වඩාත් විවරව ඇති බවත්, ඒ හා සමානව ම සූර්ය බලශක්තිය ලබාගැනීමේ අවකාශය ද පවතින බව ද සෝලා ඉන්ඩ්‍රස්ටියල් ඇසෝසියේටඩ් හි විධායක සාමාජික ප්‍රභාත් වික්‍රමසිංහ පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ මේ වන විට ලෝකයේ නව නිපැයුම් විශාල ප්‍රමාණයක් වර්ධනය වූයේ සූර්ය බලශක්තියෙන් බවයි. ලංකාවේ විදුලිය නිෂ්පාදන ධාරිතාවෙන් 14%පමණ ලබාගන්නේ ද සූර්ය බලශක්තියේ යැයි හෙතෙම පවසයි.

තත්ත්වය එසේ තිබිය දී මේ වන විට සූර්ය බලශක්තිය හේතුවෙන් විවිධ ගැටලු මතුවන බව පවසමින් ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය බලශක්තියෙන් නිපදවන විදුලිබල ධාරිතාව අවම කරන්නැයි ඉල්ලා සිටින බව අවධාරණය කළ ඔහු මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ය.

මතු පළ වන්නේ ඒම දීර්ඝ පැහැදිලි කිරීම අන්තර්ගත විඩියෝව යි.

අදාළ සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ජනනාත් පෙරේරා විසිනි


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්