leader s

මේ රටට ඊනියා නිදහස ලැබුණට පස්සෙ රට පාලනය කරපු හැම කණ්ඩායමක් ම බලය ලබාගන්න, බලය පවත්වාගෙන යන්න සහ බලය ආරක්ෂා කරගන්න ඉතා බරපතළ විදියට ජාතිවාදය සහ දේශ ප්‍රේමය භාවිත කළා.


ඒ අතරිනුත් රාජපක්ෂ පරම්පරාව රටේ පාලනය බාරගත්තට පස්සෙ ජාතිවාදය ඉතාමත් නින්දිත ආකාරයට භාවිත කළා. එහි එක් ඛේදනීය සිදුවිමක් තමයි කූරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සම්බන්ධ සිද්ධිය.

The Leader TV ඉදිරිපත් කරන ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව තුළින් අද කතා බහට ලක් කරන්නෙ මෙන්න මේ කියපු ජාතිවාදය භාවිත කරමින් මේ රට තවත් විනාශයකට ඇදල දාන්න කරපු නින්දිත උත්සාහයක් පිළිබඳව ලියවුණ කෘතියක් පිළිබඳව යි.

මෙම කෘතිය ස්වයං රචනයක් වුනත් ගවේෂණාත්මක කෘතියක්; එම නිසා මෙය ලියපු රචකයා කෘතියේ සම්පාදක විදියට හැඳින්වීම වඩාත් සුදුසුයි. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නියැළුණ මාධ්‍යවේදියෙක්; ඔහු නමින් නිමල් අබේසිංහ.

මතු පළවන්නේ The Leader TV ඉදිරිපත් කරන ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එකතු වූ: ගවේෂණාත්මක මාධ්‍යවේදියකු මෙන් ම ලේඛකයකු වන නිමල් අබේසිංහ සමග කළ විඩියෝ සාකච්ඡාව ය.


(සටහන | ජයසිරි අලවත්ත)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්