leader s

ප්‍රබන්ධ කතා හෙවත් නවකතා රචනා කරන ලේඛක ලේඛිකාවෝ බහුල ය. එම ලේඛක ලේඛිකාවන් අතරින් තමන්ගේ ම ප්‍රබන්ධ කතාවක් පාදක කරගනිමින් සිනමා හෝ රුපවාහිනී තිර රචනා ලියන ලේඛක ලේඛිකාවෝ අල්ප ය.


අද, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සාකච්ඡාව සඳහා එකතු වන්නේ එබඳු ලේඛිකාවකි.

ඇය මේ වන විට තමන් විසින් රචිත සියවන සාහිත්‍ය ප්‍රබන්ධ කෘතිය ද ප්‍රකාශයට පත් කර අවසන් ය. එමතු නොව මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ සති අන්තයේ විකාශනය වන ‘‘ඉරගිනි මද්දහන’’ රූපවාහිනී නිර්මාණයට පාදක වන්නේ ද ඇය විසින් රචිත ‘‘කඳුළු කුණාටුව’’ නම් වූ ප්‍රබන්ධ කෘතිය යි. එමෙන් ම අදාළ ‘‘කඳුළු කුණාටුව’’ප්‍රබන්ධ කෘතිය පාදක කරගනිමින් ‘‘ඉරගිනි මද්දහන’’ රුපවාහිනී තිර රචනය ලියන ලද්දේ ද ඇය විසින් ම ය.

ඇය නමින් තරංගා දිසානායක ය; මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඇය කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන | ජයසිරි අලවත්ත)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්