''ඒ පාවා දීමත් සැලසුමේම කොටසක්. නමුත් ඒ බරපතළ වගකීම ගන්න කවුරුවත් හිටියෙ නෑ. ජුදාස් අමාරුම කොටස තෝරාගත්තා.
ඉතිහාසයේ බරපතළම වැරදිකාරයා බවට පත්වෙන, නම පවා ශාපයක් විදියට සලකන්න නියමිත ඒ දුෂ්ට පාවා දීම කරන්න පුළුවන් විශ්වාසවන්තයා ජුදාස්ම විතරයි''
-තම්රු පිටුව 93
අපි දන්නවා දෙව්දත් තෙරුණගේ සිට මේ දක්වා ම ඉතිහාසයේ විවිධාකාරයේ දුෂ්ටයින්ගෙ නාමලේඛනයක් පවතිනවා. හැබැයි ඒ අය ඇත්තට ම දුෂ්ටයො ද...? බොහෝ විට එහෙම නොවෙන්නත් පුළුවන්; එහෙමත් නැති නම් ඔවුන් දුෂ්ට වැඩක් කරන්න ඇත්තෙ සමාජයේ යහ පැවැත්ම සඳහා ම වෙන්නත් පුළුවන්.
චන්දිම කාරියවසම් විසින් රචිත ''තම්රු'' එබඳු දුෂ්ටයෙකු පිළිබඳ ලියවුණ ප්‍රබන්ධ කෘතියක්.
අද සරග සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව වෙන් වන්නේ මිනිසාගේ යහපැවැත් ම වෙනුවෙන් ම ඉතිහාසයේ පාවා දෙන්නන්ගේ නාමලේඛනයට එකතු වුණ ජුදාස් පිළිබඳ වෙනස් ම කතාවක් කියන්න.
මතු පළ වන්නේ ඒ කතාව අන්තර්ගත, The Leader TV ඉදිරිපත් කරන සරග සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව අන්තර්ගත විඩියෝව; අද සාකච්ඡාව සිදු කරන්නේ යට සඳහන් ''තම්රු'' ප්‍රබන්ධ කෘතියේ රචක චන්දිම කාරියවසම් සමග යි.
(සටහන | ජයසිරි අලවත්ත)







