1924 වසරේ ඇරඹි මෙරට ගුවන් විදුලි (රේඩියෝ) සේවාව රේඩියෝ සිලෝන් නමින් 1967 සැප්තැම්බර් 30 වන දින පොදු සංස්ථාවක් බවට පත් වූ අතර එහි නම ලංකා විකාශන සංස්ථාව (සීබීසී) ලෙස වෙනස් කළේ ය.
1972 දී රට ජනරජයක් බවට පත්වීමෙන් පසු Ceylon ශ්‍රී ලංකාව ලෙස නම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස CBC ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) ලෙස නම් කළේ ය.
තාක්ෂණයෙහි දියුණුව ද උපස්තම්භක කරගත් මේ ගුවන් විදුලි සේවාව වර්තමානය වන විට නාලිකා 50 ඉක්මවන තරම් වර්ධනය වී තිබේ. කෙතරම් නාලිකා පැවතුණ ද ඒ සෑම නාලිකාවක් ම වුවමනාවෙන් නොඅසන බව නොරහසකි; එනම් බොහෝ නාලිකා ශ්‍රාවක ප්‍රජාවට ඇසෙන නාලිකා බවට පත්ව තිබේ. ඒ අතුරෙන් අසන නාලිකා ද නැතුව නොවේ.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා අඩ හෝරාව සමග අද එක්වන්නේ අසන ගුවන් විදුලි නාලිකාවක නිවේදකයකු ලෙස කටයුතු කරන නුවන් රණසිංහ ගුවන් විදුලි මාධ්‍යවේදියා ය.
මතු පළ වන්නේ නුවන් රණසිංහ ගුවන් විදුලි මාධ්‍යවේදියා‘‘සරග’’ සාහිත්‍ය කලා අඩ හෝරාව සමග කළ සාකච්ඡව ඇතුළත් වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)







