Single mom එහෙමත් නැති නම් "තනි මවක්" කියන්නෙ: වැන්දඹුවක්, දික්කසාද වූ හෝ අවිවාහක වීම හේතුවෙන් සහකරුවෙක් නැතිව තමන්ගේ දරුවන් ඇති දැඩි කරන කාන්තාව හඳුන්වන නම.
තවත් සරලව කියනවා නම් තමන්ගේ දරුවන්ගේ ප්‍රාථමික රැකබලා ගන්නිය වගේ ම ඔවුන්ගේ හැදී වැඩීමේ සහ ගෘහ වගකීම්වල සියලු අංශ ස්වාධීනව හසුරුවන මවකට.
මේ අදහස පාදක කරගනිමින් කළ නිර්මාණයක් විදියට මම පළමුවෙන් ම රස වින්දේ අසංක සායක්කාරගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක් වන (දැනට ද විකාශනය කෙරෙන) ''සින්ටෝ'' රුපවාහිනී නාට්‍ය.
මේ වන විට අදාළ සංකල්පය පාදක කර ගනිමින් සාහිත්‍ය ප්‍රබන්ධයක් ද නිකුත් වී තිබෙනවා. නමුත් ඒ ප්‍රබන්ධය හුදෙක් Single mom එහෙමත් නැති නම් "තනි මවක්" කියන සංකල්පය අභිභවන සාහිතය ප්‍රබන්ධයක්; ප්‍රබන්ධයේ රචකයා මලික් තුසිත ගුණරත්න; ඔහු දක්ෂ ලේඛකයෙක්.
මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය, කලා වින්දනීය අඩහෝරාව සමග ''Single mom'' සාහිත්‍ය ප්‍රබන්ධයේ කර්තෘ මලික් තුසිත ගුණරත්න කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)







