leader s

(Magnolia) මැග්නෝලියා කියන වචනයෙන් අරුත් ගැන්වෙන්නේ පෘථිවියේ පරිණාමය වූ පැරණිතම සපුෂ්ප ශාක විශේෂයකට අයත් මල් වර්ගයක්.

මෙම මල ලොව පුරා විශේෂ 200කට අධික ප්‍රමාණයක් පවතින බවත්, විශාල, අලංකාර සහ සුවඳවත් මල් සහිත මෙම ශාකය උදාරත්වය, පවිත්‍රත්වය සහ වාසනාව සංකේතවත් කරන බවත් සදහන් වෙනවා.

ඊළඟට Vintage (වින්ටේජ්) කියන වචනයේ අරුත සෙව්ව ම අපිට හමුවෙන පිළිතුර වෙන්නෙ සාරවත් මිදි අස්වනු නෙළන කාලය යනුවෙන්. කෙටියෙන්ම කීවොත් සාරවත් මිදි අස්වනු නෙළන කාලයට යෙදෙන වින්දෙමියා කියන ලතින් වචනයෙන් (Vindemia = Vintage) අපිට වින්ටේජ් වචනය ලැබුණ බව ඒ පිළිතුරෙහි වැඩි දුරටත් සඳහන් වෙනවා. තවත් පසෙකින් වින්ටේජ් වයින් විදිහට අපි අදහස් කරන්නෙත් සාරවත් ම මිදි අස්වනුවලින් නිෂ්පාදනය කරපු වයින්.

මේක කියවන පාඨක ප්‍රජාව කල්පනා කරයි ඇයි මම මේ Magnolia සහ Vintage යන වචන දෙක ගැන ලියන්නෙ කියල.

656793807 122204253440574071 7317950046406505256 nඇත්තට ම එහෙම ලියන්න හේතුවක් තියෙනවා; විශේෂ හේතුවක් තියෙනවා. හේතුව තමයි Magnolia – The Vintage Beauty (මැග්නෝලියා - වින්ටේජ් සුන්දරිය) නමැති, පද්‍ය මෙන් ම ගද්‍ය නිර්මාණ ද අන්තර්ගත සාහිත්‍ය කෘතිය.

මේ කෘතිය සාමාන්‍ය පද්‍ය කෘතියකට වඩා බෙහෙවින් ම වෙනස්. ඒ වෙනස හරියට ම දැනගන්න නම්, The Leader TV අද ඔබට ඉදිරිපත් කරන ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග රැඳෙන්න ම වෙනවා.

මේ කෘතිය රචනා කරල තියෙන්නෙ ලක්නා දුලංජලී රණසිංහ; මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඇය, Magnolia – The Vintage Beauty (මැග්නෝලියා - වින්ටේජ් සුන්දරිය) නමැති කෘතිය අලළා කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්