leader s

ලංකාවේ සිංහල සාහිත්‍ය තුළ 71 කැරැල්ල, 87-89 කැරැල්ල සහ තිස් වසරක් පැවති යුද්ධය පිළිබඳ ලියැවී ඇති සාහිත්‍ය කෘතිවල අන්තර්ගතය කියවීමේ දී ඒහි රසය හෝ නීරස භාවිය විඳිය හැකිවන්නේ එක් පාර්ශ්වයකට පමණි.
 
උදාහරණයක් ලෙස ගෙන හැර දක්වන්නේ නම්: උතුරු නැගෙනහිර පැවති යුද්ධය පිළිබඳ දකුණේ ලේඛක ලෙිඛිකාවන් ලියන විට ඒය වඩාත් නැඹුරු වූයේ සිංහල බෞද්ධයා ගේ ජයග්‍රහණය පාර්ශ්වයේ සිට ය. 71 කැරැල්ල, 87-89 කැරැල්ල පිළිබඳ ලියැවුණ සාහිත්‍ය පොත පත ලිවීමේ දී වඩ වඩාත් නැඹුරු වී තිබුණේ රාජ්‍ය භිෂණත්වය සහ ''දකුණෙහි'' කැරලිකරුවන් ගේ කැපවීම පිළිබඳව ය.

යට සඳහන් තත්ත්වය අනුව දකුණේ ජනතාවට උතුරු නැගෙනහිර පුද්ගලයා ගේ වේදනාව නොදැනුණා මෙන් ම උතුරු නැගෙනහිර ජනතාවට දකුණෙහි පුද්ගලයා ගේ වේදනාව නොදැනුණි. සාහිත්‍ය රචනාවක දී කතුවරයා ගේ හෝ කතුවරිය ගේ අභිමතය පමණක් ම මත ප්‍රබන්ධ රචනා කිරීමේ දී මේ අභාග්‍යසම්පන්න තත්ත්වය වැළැක්විය නොහැකි ය.
 
මෙය තව දුරටත් විග්‍රහ කරන්නේ නම් සාහිත්‍යකරණයේ දී සංස්කාරකවරයකු ගේ හෝ මැදිහත්කරුවකු ගේ අධීක්ෂණයට සාහිත්‍ය කෘතිය ලක් නොවන විට මෙම අභාග්‍යසම්පන්න තත්ත්වය උදා වේ. මෙය තරමක් සංකීර්ණ කටයුත්තකි.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව තුළ අද සාකච්ඡාවට බඳුන් කරන්නේ යට කී ආකාරයට, සංස්කාරකවරයකු ගේ මෙන් ම මැදිහත්කරුවකු ගේ අධීක්ෂණය යටතේ ප්‍රකාශයට පත් කෙරුණ ඉංග්‍රිසි නවකතාවක සිංහල පරිවර්තනය පිළිබඳව ය.
 
කෘතියෙහි පළමු කතුවරිය NAZANINE HOZAR (නෙසනීන් හෝසර්) ය; කෘතිය නම් කර ඇත්තේ 'Aria' ('ආරියා') යන මැයෙනි; පරිවර්තනය නිමල් සෝමරත්න ය. කෘතිය පිළිබඳ අදහස් දැක්වීම සඳහා පරිවර්තක නිමල් සෝමරත්න මෙන් ම සමබිම පක්ෂයේ නායක මෙන් ම සාහිත්‍ය කලා විචාරකයකු වන දීප්ති කුමාර ගුණරත්න සහභාගි වූහ.
මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග: නිමල් සෝමරත්න සහ දීප්ති කුමාර ගුණරත්න කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සටහන - ජයසිරි අලවත්ත
 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්