77 විවෘත ආර්ථිකයත් සමඟ මෙරට ව්‍යාප්ත වූ අඳුරු 'ළමා ජාවාරම් සංස්කෘතිය' තේමා කරගනිමින් බිහිවූ අලුත්ම සිනමා නිර්මාණය
ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුගේ නිර්මාණ ආවේශය සහ සිනමා භාවිතය පිළිබඳ Leader TV 'සරග' සංවාද සටහන
දරුවන් නොමැති දෙමාපිය යුවළක් කිසියම් මවක ගෙන් දරුවකු ලබාගෙන තමන්ගේ දරුවකු ලෙස හදා වඩා ගැනීම (කුලවද්දා ගැනීම) අතීතයේ සිට පැවත එන සිරිතක්; ඒ කටයුත්ත නීත්‍යනුකූලයි. නමුත් 77 ජේ. ආර්. ජයවර්ධන හදුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමයත් සමග ම මේ දරුවන් කුලවද්දා ගැනීම කූට වෙළද ව්‍යාපාරයක් බවට පත්වුණා. 90 දශකයේ ආරම්භය වන විට මේ වෙළඳ ව්‍යාපාරය ඉතා දරුණු අන්දමට ව්‍යාප්ත වුණා; එක් වෙළෙන්දකුට එරෙහිව තවත් වෙළෙන්දෙක් අවි ඔසවන තරමට ම වර්ධනය වුණා.
මගේ මතකය නිවැරැදි නම් මේ සමාජ ව්‍යසනය අලළා සාහිත්‍ය කලා නිර්මාණ බිහි වුණේ ඉතා ම අඩුවෙන්. සිනමා නිර්මාණ නම් නැති තරම්. නමුත් විදෙස් රටවලට අලෙවි කළ දරුවන් පසු කාලයක තමන් ගෙ දෙමාපියන් සොයා පැමිණෙන, ඒ අයට තමන් ගේ දෙමාපියන් හමුවන අනුභූතිය පදනම් කරගත් නිර්මාණ නම් බිහි වුණා. ඒ වගේ ම දරුවන් අහිමි දෙමාපිය යුවළ වෙනත් කාන්තාවක ගේ කුසින් බිහිකරන දරුවකු අරගෙන හදා වඩාගන්නා අනුභුතිය සහිත නිර්මාණ ද බිහි වුණා. එහෙත් මේ කූට ජාවාරම පිළිබඳව නිර්මාණ බිහි නොවුණ තරම්.
ජාත්‍යන්තර සම්මාන ලාභී ලාංකීය සිනමාකරුවකු වන මහාචාර්ය සංජිව පුෂ්පකුමාර සිය අභිනව සිනමා නිර්මාණය සඳහා පාදක කරගෙන තියෙන්නෙ මේ යට කී අනුභුතිය; එනම් දරුවන් වෙළඳාම.
ඔහු මේ සිනමා නිර්මාණය නම් කරල තියෙන්නෙ ''විහඟ ප්‍රේමය'' යන මැයෙන්. එම සිනමා නිර්මාණය පසුගිය 07වන දා සිට සිනමාහල් වෙත මුදා හැරියා; දැන් ඒය ඔබට නරඹන්න පුළුවන්.

අද, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එකතු වෙන්නෙ යට කී සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂ මහාචාර්ය සංජීව පුෂ්පකුමාර.
සිනමා නිර්මාණය වගේ ම සිනමාව සහ ඔහුගේ නිර්මාණ කාර්ය පිළිබඳවත් මේ සාකච්ඡාවෙ දි යම් යම් කරුණු මතු කරගන්න පුළුවන් වුණා.
මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ජාත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
'විහඟ ප්‍රේමය' (Peacock Lament) සිනමාපටය සහ සංජීව පුෂ්පකුමාරගේ සිනමා භාවිතය පිළිබඳ විග්‍රහයක්
1. 'විහඟ ප්‍රේමය' සිනමාපටයේ තේමාව සහ කථා පුවත
'විහඟ ප්‍රේමය' යනු ජපානයේ පැවැති 35 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ (Tokyo IFF) ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කරමින් 'හොඳම කලාත්මක දායකත්වයට හිමි සම්මානය' (Best Artistic Contribution Award) දිනාගත්, ජාත්‍යන්තර පැසසුමට ලක්වූ සිනමා කෘතියකි.
කථා පුවත:

ළමා ජාවාරම් ජාලයට මැදිවීම:
අභ්‍යන්තර නීතිමය හා සදාචාරාත්මක අර්බුදය:
2. සංජීව පුෂ්පකුමාරගේ සිනමා භාවිතයේ ලක්ෂණ
සංජීව පුෂ්පකුමාර යනු 'ෆ්ලයිං ෆිෂ්' (Flying Fish), 'දැවෙන විහඟුන්' (Burning Birds) සහ 'අසඳපරණ' වැනි නිර්මාණ හරහා සිංහල සිනමාවේ සිය අනන්‍යතාවය තහවුරු කළ, ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ආසියානු සිනමාකරුවෙකි.
පෞද්ගලික අඳුරු මතක "රසායනාගාරයක්" කරගැනීම:
ඔහුගේ බොහෝ නිර්මාණ ස්වයං-චරිතාපදානමය (Autobiographical) පදනමක් සහිතය. කුඩා කල පියා අහිමි වීම, දිළිඳුකම, සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමට සිදුවීම සහ නැගණියගේ අකල් මරණය වැනි ඔහුගේම ජීවිතයේ අඳුරු සහ කටුක අත්දැකීම් ඔහු සිනමා රූප බවට පරිවර්තනය කරයි.
දේශපාලනික හා සමාජයීය තථ්‍යවාදය (Socio-Political Realism):
1977න් පසු මෙරටට පැමිණි විවෘත ආර්ථිකය, සමාජීය අසමානතාව, චීන බලපෑම් සහ නාගරික දිළිඳුකම වැනි තේමාවන් මතුපිටින් නොකියා, චරිතවල හැසිරීම් සහ පරිසරය හරහා සිනමාත්මකව ඉදිරිපත් කිරීම ඔහුගේ භාවිතයේ විශේෂත්වයකි.

රූප රාමු ආකෘතිය සහ නිහඬ බව (Visual Composition & Static Framing):
ඔහු කැමරා චලනයන්ට වඩා නිශ්චල (Static Framing) සහ ගැඹුරු රූප රාමු භාවිත කරයි. චරිතවල හදවතේ පවතින වේදනාව සහ අසරණකම ප්‍රකාශ කිරීමට දෙබස් වෙනුවට නිහඬ බව සහ පසුබිම් රූපරාමු (Visual Resonance) ප්‍රබල ලෙස යොදා ගනී.
3. 'විහඟ ප්‍රේමය' හි සමාජීය වැදගත්කම
මෙරට සිනමා ඉතිහාසය තුළ නීති විරෝධී ලෙස බිළිඳුන් විදේශිකයන්ට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරම (Baby Farms) තේමා කරගනිමින් නිර්මාණය වූ කෘති ඉතා අල්පය. එම තේමාව හුදෙක් වාර්තාමය මට්ටමකින් නොව, මනුෂ්‍යත්වයේ සංවේදී බව, පවුල වෙනුවෙන් කෙරෙන කැපකිරීම සහ නූතන පද්ධතිය විසින් මිනිසා තල්ලු කරනු ලබන අගාධය පෙන්වීමට සංජීව පුෂ්පකුමාර මේ හරහා සමත්ව ඇත.
(සටහන - ජයසිරි අලවත්ත)








