leader s

උත්තම පුරුෂ කිව්ව ම අපිට අරුත් දෙකක් එනවා.

එකක් සාහිත්‍යකරණයේ දී භාවිත කරන ආඛ්‍යාන ක්‍රමවේදයක්; අනික උසස් පුද්ගලයා කියන අරුත. සාහිත්‍යකරණයේ දී හෝ කිසියම් පුද්ගලයෙක් පිළිබඳ හැඳින්වීමේ දී උත්තම පුරුෂ යන දෙවදන භාවිත කළත් ඒ දෙවදන චිත්‍රකලාවට භාවිත කරන්නෙ කොහොමද කියල අපි හැමෝට ම හිතෙන්න පුළුවන්. ඒ, ප්‍රගීත් රත්නායක ගෙ නවතම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය නම් කරල තියෙන්නෙ උත්තම පුරුෂ යන මැයෙන් නිසා.


ඉතිං ඒ නිසා ම අපි මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සාකච්ඡාවට කැඳවාගෙන ආවෙ අපිට ඉන්න දක්ෂ චිත්‍ර ශිල්පියකු වන ප්‍රගීත් රත්නායක. ඒ, ඔහු ගේ නවතම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය වන උත්තම පුරුෂ පිළිබඳව වගේ ම සමස්ත දෘශ්‍ය කලාව පිළිබඳව කිසියම් අදහස් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න.

මතු පළ වන්නේ එම සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

සටහන - ජයසිරි අලවත්ත
 

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්