1200 x 80 DMirror

 
 

අපි දෙදෙනා ම එකිනෙකාගේ උවන දෙස බලාගත්තේ දැඩි වික්ෂිප්තභාවයකිනි. දුලීකාගේ දෙනෙත්වල ලියැවී තිබුණේ ‘‘මොකද්ද බං ඒ උණේ...?’’ යනුවෙනි. මගේ දෙනෙත්වල ද එම වදන් ඒ ආකාරයෙන්

ම ලියවී ඇති බව දුලීකා හඳුනාගන්නට ඇති බව මට සක්සුදක් සේ පැහැදිලි විය.

දුලීකාත් මමත් යළි කාමරයට පැමිණියේ සිදු වූයේ කුමක් ද සහ සිදුවන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ කිසිවක් සිතාගැනීමට නොහැකිව ය. කාමරයට පැමිණි සැණින් මා දොර වසා දමා දුලිකා දෙසට හැරෙත් ම ඇය ‘ෂ්ෂ්ෂ්’ හඬ නංවමින් ඇගේ දෙලවන් මත දකුණතේ දබරැඟිල්ල තබා මට කිසියම් සංඥාවක් නිකුත් කර පාඩම් මේසය අසල තිබූ එක් අසුනක අසුන් ගත්තා ය; එක පැහැර ම එය වටහාගැනීමට අපහසු වූ බැවින් මා ද ඇය අබියසට ගොස් අනෙක් අසුනේ අසුන් ගත්තා ය.

‘‘මෙහ්... කිසිම දෙයක් පිටට ඇහෙන්න කතා කරන්න එපා. සමහර විට නැන්ද දොරගාවට වෙලා අහගෙන ඉන්නව ද දන්නෑ’’continuous line drawing of two women drinking coffee in a restaurant two happy girls chatting laughing and talking two lady having a conversation one line illustration vector

දුලීකා එසේ පැවසුවේ මට පමණක් නොව ඇයට ද ඇසෙන නෑසෙන හඬකිනි. ඒ වදන් මගේ සවනට ගෙන දුන්නේ යකඩ තහඩුවකට මිටියකින් තළන විට දැනෙන බඳු කටුකභාවයකි. ඇය මගේ සමීපතම යෙහෙලිය වුව ද අම්මා පිළිබඳ එවන් අදහසක් පළ කිරීම මට ඉවසුම් නොදෙන තරම් විය.

‘‘පිස්සු ද දුලී...! අපේ අම්ම එහෙම කෙනෙක් නෙවයි කියල ඔයා මෙච්චර කාලෙකට දන් නැද්ද... ඇයි ඔයා අපේ අම්ම ගැන එහෙම හිතන්නෙ...?’’

මගේ අමනාප බව වටහාගත් දුලී, ඇය අසුන් ගෙන සිටි අසුන මඳක් ඉදිරියට ඇද මා වෙත සමීප වූවා ය.

‘‘හරි... මං කියන්නෙ බොරුද කියල බලපං. තව විනාඩි දෙක තුනකින් මං උඹට ඒක ඔප්පු කරන්නං කො...’’

දුලී පැවසුවේ මුවගට මන්දස්මිතයක් ද නංවාගන්නා අතර ය. ඒ මන්දස්මිතය මත ලියැවී තිබුණේ ‘උඹ තවම උඹේ අම්ම ගැන දන්නෙ නෑ බං,’ යන වදන් පෙළ ය. එමෙන් ම ඇය මගේ අමනාපභාවය අංශු මාත්‍රයකට මායිම් නොකරන බව ද දක්නට ලැබිණ.

******

උපරිම මිනිත්තු පහක් ගෙවී යන්නට ඇත. එතෙක් අපි දෙදෙනා ම තම තමන්ගේ සුහුරු දුරකතන සමග ගනුදෙනුවක නිරත වූයේ දුලී කළ යෝජනාවකට අනුව ය. දුලී අසුන්ගෙන සිටියේ දොර දෙසට මුහුණ ලා ය. මා අසුන්ගෙන සිටියේ ඇගේ මුහුණට මුහුණ ලා ය. ඇය දුරකතනය සමග ගනුදෙනු කරන අතර ම නිරන්තරයෙන් දොර දෙස අවධානය යොමු කරගෙන සිටින බව මට පසක් විය. මම ඒ සම්බන්ධයෙන් කිසිවක් විමසන්නට උනන්දු නොවිමි.

‘‘මෙහ්... දැන් වෙලාව හරි...’’

දුලීකා ඇසෙන නොඇසෙන හඬින් පැවසුවේ මගේ වම් අතේ පිටි අත්ලට ඇගේ දකුණතින් සිහිනියට තට්ටු කරමිනි.

‘‘මොකට ද...?’’

මම ද රහස් හඬින් ම ඇගෙන් විමසුවෙමි.

‘‘අපි දෙන්න ම අඩි සද්දෙ නෑහෙන්න දොර ගාවට යං’’

ඇය යෝජනා කළා ය.

තරමක් වික්ෂිප්තභාවයට පත් වූ මා ‘‘දොර ගාවට...! සද්දෙ ඇහෙන් නැතිවෙන්න!!’’ යැයි විමසත් ම කුඩා අවදියේ කළ හැංගි මුත්තං ක්‍රිඩාව සිහිපත් විය. එසැණින් මගේ මුවෙන් සිනහවක් පිටවන්නට ආසන්න වෙත් ම එය වටහාගත් දුලිකා වහා ඉදිරියට පැන ඇගේ අත්ලෙන් මගේ මුව වැසුවා ය.

123‘‘පිස්සු කෙළින් නැතුව වරෙංකො...’’ යැයි රහස් හඬින් පැවසූ ඇය මා සමග දොර අබියසට ගියේ අපි ඇවිදිනවා ද යන වග පොළොවට නොදැනෙන ලෙසිනි. ඒ ගමන එතරම් ම ප්‍රවේසම් සහිත ය.

දොර ආසන්නයට ම පැමිණි දුලී යළි දෙලවන් මත දබරැඟිල්ල තබා නිහඬවන්නැයි සංඥා කළා ය. අනතුරුව පසඟ පිහිටුවා වඳින ආකාරයට දොර අබියස දණ ගසා ගෙන, දොරෙහි යට කෙළවරත් පොළොවත් අතර පවතින සිහින් ඉරක් බඳු අවකාශය අතරින් පිටතට අවධානය යොමු කළා ය. ඇය ඊළඟට කරන්නේ කුමක් ද යන්න පිළිබඳ කිසිදු හැඟීමක් නොතිබූ මා දොර අසල උක්කුටියෙන් වාඩි විය.

දෙදණ පොළොව මත තබාගෙන ම සිරුර මඳක් ඍජු කළ දුලීකා මගේ උරිසෙන් අල්ලා මඳක් පහත් කළා ය; අනතුරුව මගේ සවන අසලට ඇගේ මුව ආසන්න කළා ය.

‘‘මෙතනට එබිල දොර ගාව බලපං,’’ යැයි රහසෙන් පැවසුවා ය. මා ද ඇය අනුගමනය කරමින් දොරත් පොළොවත් අතර තිබෙන සිහින් රේඛාවක් තරම් වූ අවකාශය අතරින් මගේ දෑස් පිටතට තල්ලු කළේ ය. දුලීකා නිවැරැදි ය; දොර අබියස අඳුරු ය. ඒ අඳුර ද විටින් විට ක්ෂණිකව පහව ගොස් යළි පැමිණේ. එම ආලෝකය සහ අඳුර පවසන්නේ අන් කිසිවක් නොව දොර අබියස කිසිවකු රැඳී සිටින බව ය. එතැන සිටින්නේ කවුදැයි හඳුනාගැනීමට නොහැකි වුව ද කිසිවකු සිටින බව නම් සක් සුදක් සේ පැහැදිලි ය.

යළි දෑස් ඇතුළට ඇද ගත් මා දුලීකා වෙත දැස් යොමු කළේ අදහාගත නොහැකි යමක් දුටු ලෙසිනි. දුලීකා එය අංශු මාත්‍රයක් හෝ නොසලකමින් සිටගත්තා ය. ඉක්බිති මගේ අත අල්ලා එසවූයේ මට තනිවම සිටගැනීමට නොහැකි බව අවබෝධ කරගත් බැවිනි.

‘‘යං’’

රහසෙන් ම පැවසූ දුලීකා මා සමග පෙර සේ ම ඉතා සිරුවෙන් පාඩම් මේසය අසලට පැමිණියා ය.

‘‘උඹ දැං මොකද කියන්නෙ... මං කියපු එක වැරදි ද...?’’

දුලීකා විමසුවේ උපහාසාත්මක ස්මිතයකින් මුව සරසාගෙන ය. සැබැවින් ම මා මේ මොහොතේ අසරණ ය. අම්මා මෙවන් ක්‍රියාවක් කරතැයි මා සිහිනෙකින් හෝ නොසිතී ය.

‘‘මට සමා වෙයං මචං... මං හිතුවෙ නෑ කවදාවත් අපේ අම්ම මෙහෙම දෙයක් කරාවි කියල. අපි දැං මොකද බං කරන්නෙ...?’’

මා ඇගෙන් විමසුවේ සැබැවින් ම මේ මොහොතේ කළ යුත්තේ කුමක්දැයි යන්න නිශ්චය කරගත නොහැකි බැවිනි.

‘‘කරන්නෙ ද... කරන්නෙ දවල්ට කෑමට අඩගහනකං ගුත්තිල කාව්‍ය පොතේ කවි ටිකක් හයියෙන් කියවන ගමං ෆෝන් එකත් එක්ක සෙල්ලම් කර කර ඉන්නෙක තමයි. එතකොට අම්මටත් ඇති වෙලා ඔතනිං යන්නැතැයි. අපි හැරෙනකොට හැරෙන්නෙ මොකට ද කියල අම්ම දන්නව කියල කිව්ව නෙ... හැබැයි නැන්ද හැරෙනකොට එයා හැරෙන්නෙ මොනවට ද කියල මට දැනුණු විත්තිය නං එයාට දැනුන් නෑ. අඩු ගානෙ උඹටවත් දැනුන් නැ නේද...?’’

දුලීකා පැවසුවේ ඉතාමත් සැහැල්ලු සහ සමච්චල් ස්වරූපයෙනි. ඇයට මෙහි බරපතළ බව නොවැටහෙන්නේ ද, එසේත් නැතිනම් එය වැටහුණ ද එය නොසලකා හරිනවා ද යන්න මට අපැහැදිලි ය.

‘‘උඹට නං විහිළු. මං මේ ගිනි පත්තු වෙල ඉන්නව.’’

මා එසේ පැවසුවේ තරමක් අමනාප ස්වරයෙනි. ඒ, ඇත්තට ම දුලිකා සමග අමනාපයෙන් නොව ඇගේ ප්‍රතිචාරය කුමක්දැයි දැනගැනීම පිණිස ය.

‘‘අහිංසනා... උඹට පේන්නෙ මං මේක විහිළුට අරගෙන කියලද...? මගෙත් පත්තුවෙලා නෑ කියල ද... නෑ මචං නෑ... මේක හුඟක් සීරියස්. හරියට අයිස් බර්ග් එකක් වගේ. අපිට නොපෙනුනාට මේ සිද්ධිය බරපතළයි සහ දැනට සිද්ධ වෙමින් පවතින දේවලුත් බරපතළයි. හැබැයි එහෙම කියල අපිට පුහුල් හොරු වෙන්න බෑ. හොරාගෙ අම්මගෙන් පේන අහන්නත් බෑ. ඒ නිසා මේ වෙලාවෙ කරන්න පුළුවං හොඳම දේ තමයි ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න එක. තේරුණා ද...?’’

දුලීකා පැවසුවේ අවවාදාත්මක ස්වරූපයෙනි. මා ඇය පිළිබඳ වැරැදි වැටහීමක සිටිය ද ඇය මා වෙනුවෙන් කළ හැකි සෑම දෙයක් ම කරන බව මට විශ්වාස ය. කෙතරම් යෙහෙළියන් ඇසුරු කළ ද මේ මොහොතේ මට පිහිටට සිටින්නේ ද ඇය ම පමණ ය. ඉදින් ඇය කියන කරන දෙයක් අසා, බලා සිටිනවා හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් පෙනෙන තෙක් මානයක හෝ නොපවතී.1.jpg

******

අද මා පාසලට පැමිණයේ හිත දෙගිඩියාවෙනි; චකිතයෙනි. එහෙත් පංතියේ කිසිවකු කිසිදු වෙනසක් නොපෙන්වූහ. මිතුරු මිතුරියෝ ද, මිතුරු මිතුරියන් සේ පෙනීසිටින දෙපිටකාට්ටු අය ද සුපුරුදු අයුරින් ම මා සමග කතා බස් කළහ. ඔවුන් සියලු දෙනා ම හැසිරුණේ පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ යමක් සිදුවූ බවක් ඒ කිසිවෙකුත් නොදන්නා පරිදි ය.

පළමු පරිච්ඡේද දෙක ම වෙන් වී තිබුණේ බෞද්ධ සංස්කෘතිය විෂය සඳහා ය. එම පරිච්ඡේද දෙක අවසන්ව විෂය බාර බස්නායක සර් පිටවනවාත් සමග ම කාංචනා මිස් පැමිණ සුපරුදු පරිදි නාම ලේඛනය ලකුණ කර පිටව ගියා ය. එළඹ තිබෙන්නේ සිංහල විෂය යි; මගේ අමෝද්‍ය සර්ගේ කාල පරිච්ඡේදය යි; මා වඩාත් ම ප්‍රිය කරන, එමෙන් ම වඩාත් ම මානසික පීඩාවට පත්වන කාල පරිච්ඡේදය යි.

කාංචනා මිස් පිටව ගොස් විනාඩි පහක් පමණ ගතවන්නට ආසන්න වුව ද අමෝද්‍ය සර් පංතියට පැමිණෙන බවක් දක්නට නොලැබිණ. ඒ පිළිබඳ මිතුරු මිතුරියන් අතර වදන් හුවමාරු වුව ද කතා කරන දෙදෙනා හෝ තිදෙනා හැර අන්කිසිවකුට හෝ ඔවුනොවුන්ගේ මුවෙන් මුදාහල කිසිදු වදනක් පැහැදිලි නොවිණ.

කසු කුසු සහිතව ගතවූ මිනිත්තු පහක පමණ කාලය අවසන් වනවාත් සමග ම සිදු වූයේ කිසිදු දිනක බලාපොරොත්තු නොවූ සිදුවීමකි; එය පුද්ගලිකව මට පමණක් නොව පංතියේ සමස්ත සිසු සිසුවියන් වුව ද කෙදිනක හෝ බලාපොරොත්තු නොවූ සිදුවීමකි. එහෙත් දැන් එය සිදුව ඇත; ‘සිදුව ඇත’ නොව එය සිදු කර ඇත.

ඉවර නෑ...


ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

jayasiri 04 e1619629387941.jpg

 

 

 

 

 

 

 

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් 


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්