leader s

මෙඩුසා කියන්නෙ ඉරොටික් හොරර් සම්ප්‍රදායට අයිති කතාවක්. මේ සම්ප්‍රදායෙ පොත් ලංකාවෙ ලියවිලා තියෙන්නෙ ගොඩක් අඩුවෙන්.

ඉරො‍ටික් නැති වුනත් හොරර් සම්ප්‍රදායෙ පොත් නම් එක්දාස් ගානක් ඩීමන් ආනන්ද ලියලා තියෙනවා.

මේ පොත ලිව්වෙ මායි, බ්‍රවුන් ඇලිසුයි එකතු වෙලා. බ්‍රවුන් ඇලිස් මට මුනගැහෙන්නෙ ෆැකල්‍ටි ඔෆ් සෙක්ස් වෙබ් එකේ බය නැතුව ඉරොටිකා ලියන කෙල්ලෙක් විදිහට. එයා ඉන්නෙ ඇමරිකාවෙ. ඉතින් දෙපැත්තට වෙලා ගූගල්වල ලියමින්, කපමින් කොටමින් අපි මෙඩූසා අවසානයක් දක්වා අරන් ආවා. තනියම ලියනවට වඩා දෙන්නෙක් එක්ක ලිවීම අතිරමණීය අත්දැකීමක් වුනා.

මේ පොත මාර්තුවෙදි එලියට එනවා. එක හුස්මට කියවලා ඉවර කරන්නයි මේ පොත තියෙන්නෙ. ඔලුව කහ කහ ඇනලයිස් කරන්න දේවල් ඇත්තෙම නෑ. ඕනම නම් සමහර වෙලාවට ලිංග ප්‍රදේශය ටිකක් ස්පර්ශ කරන්න වෙයි.

කවරය නිර්මාණය කලේ Bandula Jayawickrama. පොත පටන් ගන්න තැනම මෙහෙම ලියලා තියෙනවා.

අවවාදයයි.

ඔබ මේ කියවීමට සූදානම් වන්නේ අතිශයින් වැඩිහිටියන්ට පමණක් සීමා වූ පොතකි. ඔබ කුඩා දෙයින් පවා මානසිකව කැළඹෙන අයෙකු නම් මේ පොත මෙතැනින් ඉදිරියට කියවීම අහිතකර වෙන්න පුළුවන්. මේ පොත කුඩා දරුවන්ට හසු නොවන පරිදි තබාගැනීම වැඩිහිටි පාඨකයන්ගේ වගකීමක් වෙනවා. මෙතනින් ඉදිරියට මේ කතාව කියවීමට ඔබ ගන්නා තීරණය ඔබේම වැඩිහිටි තීරණයක් බව සිහි තබාගන්න.

ඒ වගේම මේ පොත ප්‍රබුද්ධයන්ටත් අහිතකර වෙන්න පුළුවන්. විදග්ධ, සම්භාව්‍ය, සුභාවිත රසයට ඔබ ඇබ්බැහි වී ඇත්නම් මේ පොත ඔබට හෘදයාබාධ ඇති කරන්න ඉඩ තියෙනවා. මේ ප‍ොත සුදුසු වන්නේ සරල වින්දනාත්මක දේ කියවීමට හැකි සාමාන්‍ය මනසක් ඇති අයටයි.

WhatsApp Image 2024 03 02 at 2.50.49 PM


Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -facultyofsex.com)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්