leader s

බීල විතරක් නෙමෙයි කාලත් සිරෝසිස් හැදෙන්න පුලුවන් බව වෛද්‍ය වික්‍රමසේකර පවසයි. 


මේ ඔවදන ඔබට අතිශයින්ම වැදගත් විය හැකියි. වීඩියෝව පහතින්. 



අක්මාව මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියක් වන අතර විශාලතම ග්‍රන්ථියද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වන අක්මාව පිහිටා ඇත්තේ උදර කුහරයේ දකුණු පැත්තට වනසේ මහා ප්‍රාචීරයට යටිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැක්කේ මෘදු රෝස හෝ දුඹුරු පැහැයට හුරු ත්‍රීකෝණාකාර අවයවයක් වශයෙනි. අක්මාව සලකනුයේ ශරීරයේ ඇති රසායනාගාරය ලෙසටයි.

ශරීරයට අවශ්‍ය ඉතාම වැදගත් සේවා රැසක් සිදුකරන අක්මාව ආශ්‍රිතව බොහෝ රෝග තත්ත්ව දැක ගත හැකියි.

ඉන් එක් රෝග තත්ත්වයක් වනුයේ ප්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග තත්ත්වයයි. සාමාන්‍යයෙන් අක්මාවේ මුළු බරෙන් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයක් මේද තැන්පත් වී තිබිම සාමාන්‍ය තත්ත්වයයි. මෙම ප්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීම නිසා රෝගී තත්ත්වයක් ඇති විය හැක. මෙම තත්ත්වය අක්මාවේ මේද තැනපත් වීම ලෙස හැඳින්වේ. 

මිනිසුන් තුන් දෙනෙක්ගෙන් එක් අයකුට මෙම රෝග තත්ත්වය ඇතැයි විශ්වාස කෙරේ. මෑත කාලයේදී මෙම රෝගය සුලභ වශයෙන් දැකිය හැක.

ප්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමට ප්‍රධානතම හේතුව වනුයේ මත්පැන් භාවිතයයි. එහෙත් මත්පැන් භාවිතා නොකරන අය අතරත් අක්මාවේ මේද තැන්පත් වීම සුලභ රෝග තත්ත්වයක් බවට පත්වෙමින් පවතී. මෙම රෝග තත්ත්වය නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් ලෙස හැඳින්වේ.

මෙම තත්ව වලක්වා ගැනීම සඳහා අඩුම තරමින් සතියකට දින තුනක් වත් දිනකට පැය භාගයක් නිසි අලෙස ව්‍යායාම කළ යුතුවේ. අක්මාවේ ඇති අනවශ්‍ය මේද ප්‍රමාණය අඩුකර ගැනීමට ව්‍යායාම අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකේ. සුළු කාලයක් ව්‍යායාම කිරිම ප්‍රමාණවත් නොවන අතර දීර්ඝ කාලීනව ව්‍යායාම අක්මාවට හිතකර බව පැහැදිලිවම පෙන්වා දී ඇත.

 

Dr Thimathi Wickramasekara
MBBS Msc MD 
Consultant Nutrition Physician


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්