leader s

නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණයවීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය

ගැටලු උද්ගතවී තිබුණත් ඊට එරෙහිව ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සිය සමේ වර්ණය පැහැපත් කරගැනීම සඳහා ස්ත්‍රී - පුරුෂ සහ වයස් භේදයකින් තොරව වර්තමානයේදී විවිධ ආලේපන වර්ග භාවිත කිරීමේ ප්‍රවණතාවය මේ වනවිට ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ නියාමනයෙන් තොරව නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපන සහ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය සංකූලතා වාර්තාවීමද ඉහළගොස් ඇති බවය.

ඒ අනුව එම ආලේපන තුළ රසදිය වැනි බැර ලෝහ මෙන්ම ස්ටෙරොයිඩ ඉහළ සාන්ද්‍රණවලින් අන්තර්ගතවන බව අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවය.

 














 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්