leader s

අප කුඩා කාලයේ: කහ වර්ණයෙන් යුත්, මැණිකක් සේ දිලිසෙන, කුඩා ලොසින්ජරයක් බඳු ගුළියක් අප වෙත දෙන මව හෝ පියා එය ගිලින ලෙස පවසයි.

නමුදු අප බොහෝ විට කළේ එය ගිලීම නොව මව හෝ පියා අසල නොමැති මොහොතක් බලා එම කුඩා ගුළිය සැපීම ය; එතුළින් දිවට දැනෙන රස විඳීම ය. එකල එම ගුළි හැඳින්වූයේ ‘මෝර ගුළි’ යනුවෙනි. එනම් මුහුදු මත්ස්‍යකු වන මෝරාගේ ශරිරයෙන් ලබාගන්නා තෙල් වර්ගයක් ලෙසිනි.

එදා කුමන අරමුණකින් අපි එම ගුළි භාවිත කළ ද, කුමන අරමුණකින් මව හෝ පියා අප වෙත ඒවා ලබා දුන්න ද Fish oil හෙවත් මාළු තෙල් වර්ග භාවිත කරන්නේ අපගේ චර්මය හෙවත් හම ලක්ෂණට තබා ගැනීම සඳහාත්, දෙනෙත් ඉතා හොඳට පෙනීම සඳහාත්, මොළය වර්ධනය කරගැනීම සඳහාත් යන්න අප දැනගන්නේ පසු කාලයක දී ය.

මතු පළවන විඩියෝව ඉදිරිපත් කරන පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) පැහැදිලි කරන්නේ Fish oil හෙවත් මාළු තෙල් යනු මොනවා ද, ඒවා ලබාගන්නේ කෙසේ ද, ආහාරවලින් ඒවා ලැබෙන්නේ කෙසේ ද, Fish oil හෙවත් මාළු තෙල් වර්ගයක් නිවැරැදිව තෝරාගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ය.

ඔබ දැනටමත් Fish oil හෙවත් මාළු තෙල් භාවිත කරන පුද්ගලයෙක් නම් හෝ භාවිත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන් ම මෙම විඩියෝව නරඹන්න.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්