leader s

වර්තමානයේ සෑම රටක ම පාහේ ජීවත්වන මිනිස්සු අතර තුන් වේල සරිකරගන්න බැරි අය අනන්තයි අප්‍රමාණ යි.

ඒ අතර තමන්ගේ සිරුරෙහි බර අඩු කරගන්න තියෙන දැඩි වුවමනාව නිසා ම තුන්වේලක් ආහාර ගැනීම වෙනුවට එය දෙවේලකට සිමා කරන තත්ත්වයට පත්වූ අය ද සිටිති.

එහිදී අප නොසිතන දෙයක් නම් බර වැඩිවීම යනු පලයක් බව. එසේ නම් නම් අපි ඒ පලය ඇතිවීමට පාදක වූ හේතුව කුමක් දැයි සොයා ගත යුතුය; හේතුවට පිළියම් යෙදිය යුතු ය. එනම් අපි නැවත ආරම්භයට යා යුතු ය.

මතු පළවන විඩියෝව ඉදිරිපත් කරන පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) මේ සම්බන්ධයෙන් අගනා තොරතුරු රැසක් අනාවරණය කරයි. එසේ නම්: ඔබේ බර වැඩිවීමට හේතුව සහ එලෙස වැඩි වුණ බර අඩු කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ලෝකයේ අනුගමනය කරන හොඳම පිළිවෙත කුමක්දැයි දැන ගැනීම සඳහා, දැනුවත් විම සඳහා මෙම විඩියෝව නරඹන්න.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්