leader s

මේ වන විට ලෝකය පුරා ම බෝ වන රෝගවලට වඩා වැඩි ප්‍රතිශතයක මිනිස් ජීවිත අහිමි වීම සඳහා බෝ නොවන රෝග බලපාන බව නොරහසකි. එබඳු විවිධ රෝග

අතර Fatty Liver හෙවත් අක්මාවේ මේදය ඇතිවීම භයානක රෝගයකි.

මෙම රෝගයේ අවසන් අවස්ථාව වන්නේ සිරෝසීස් නමැති බියකරු රෝගී තත්ත්වයට පත්වීම ය. එම රෝගයට ගොදුරු වූ පුද්ගලයකුගේ ජීවිතය පිළිකා රෝගියකුගේ ජීවිතයටත් වඩා අවදානම් බව වෙසෙසින් සඳහන් කළ යුතු ය.

නිරන්තරයෙන් ම ඔබ වෙත වෛද්‍ය උපදෙස් සපයන පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) අද ඔබ වෙත ඉදිරිපත් කරන්නේ යට කී Fatty Liver හෙවත් අක්මාවේ මේදය තැන්පත්වීමේ රෝගය පිළිබඳව ය.

මෙම විඩියෝව නැරඹීමෙන් ඉක්බිති Fatty Liver හෙවත් අක්මාවේ මේදය තැන්පත්වීමේ රෝගය වැලඳෙන්නේ කෙසේ ද, එහි විවිධ පියවර මොනවා ද, අදාළ රෝගයෙහි උත්සන්නතම අවස්ථාව කුමක් ද සහ රෝගය වළක්වාගත හැකි වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඔබට අවබෝධයක් ලැබෙනු නොඅනුමාන ය.

(සටහන - ජයසිරි අලවත්ත)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්