සම පැහැපත්ව තබාගැනීමට, අනෙකාට වඩා ලස්සනට පෙනුමට සිටීමට මෙන් ම තරුණ බව රැක ගැනීම සඳහා අකමැති පුද්ගලයකු (කාන්තා සහ පුරුෂ පාර්ශ්ව
දෙක ම) සිටිය නොහැකි ය.
යට සඳහන් කළ කරුණු තුන සඳහා ම විටමින් සී භාවිත කිරීම ඉතා වැදගත් බව නොරහසකි. නමුදු විටමින් සී භාවිත කිරීමේ විවිධ ක්‍රම පවතී. එම ක්‍රමවේද මොනවා ද යන්න සහ එහි පවතින සුවිශේෂතා මොනවා ද යන්න ඔබ අවබෝධ කරගත යුතු ම ය.
පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඔබ වෙත ගෙන එන මෙම විඩියෝව තුළින් පැහැදිලි කෙරෙන්නේ යට සඳහන් කරුණු පිළිබඳ දීර්ඝ මෙන් ම පැහැදිලි විස්තරයකි. එනම්, ලස්සන වන්නට කැමති; හම පැහැපත්ව තබාගැනීමට කැමති සහ තරුණ බව රැක ගැනීමට කැමති ඕනෑම පුද්ගලයකුට මෙම විඩියෝ නැරඹීමෙන් ඉක්බිති බොහෝ කරුණු වටහාගත හැකි බවයි.
(සටහන - ජයසිරි අලවත්ත)







