leader s

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආග්‍රාහි කාන්තාවක් විවාහයෙන් මාසයකට පමණ පසු දික්කසාදය ඉල්ලා සිටින බව ඉන්දීය මාධ්‍ය ඉකුත් මස වාර්තා කළේ, ඇගේ ස්වාමිපුරුෂයා නිතිපතා ස්නානය නොකිරීම නිසා මතු වූ සුවිශේෂී සනීපාරක්ෂක ගැටළුවක් මුල්කර ගනිමිනි.

මෙම පුද්ගලයා ස්නානය කරන්නේ මසකට වරක් හෝ දෙවරක් පමණක් වන අතර, ඔහුගේ බිරිඳ ට එය දරාගත නොහැකි ශරීර දුගඳක් ඇති කිරීම නිසා විවාහ වී දින හතළිහකට පසු බිරිඳ විවාහයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

සනීපාරක්ෂාව පිළිබඳ සමාජ සම්මතයන් තිබේ. විවිධ ජනසමාජ අනුව ද සනීපාරක්ෂක සම්මතයන් වෙනස් වේ. සනීපාරක්ෂක හැසිරීම් අතින් ගත්විට පිරිමින් කාන්තාවන්ට වඩා ඊට අඩු සැලකිල්ලක් දක්වන බව ඒ පිළිබඳ පර්යේෂණ ගැන සොයා බැලීමේදී පෙනී යන කරුණකි.

fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු  හා නොකළ යුතු දේ !

 

කොළඹ, පාමංකඩ ප්‍රදේශයේ නේවාසිකාගාරයක විසූ තවත් තරුණයෙකු ද එවැනි මිතුරෙකු පිළිබඳ සිය අත්දෑකීම් අප සමග බෙදා ගත්තේය.

අමිල නමින් අප හඳුන්වන ඔහු කියා සිටියේ, නේවාසිකාගාරයේ සිටි 22 හැවිරිදි වියේ පසුවු තම මිතුරා බොහෝ විට ස්නානය නොකරන බවය.

යාන්තමින් මූහුණ පමණක් සෝදා ගන්නා ඔහු නිතරම එකම ඇඳුමක් අඳින බවත්, සති කිහිපයක් එකම සරම අඳින බවත් අමිල කියා සිටියේය.

මේ හේතුවෙන් ඔහුගේ කාමරය තුළින් මෙන්ම, ඔහු අසලින් යන විට පවා දුර්ගන්ධයක් වහනය වූ බව අමිල සඳහන් කළේය. ඔහුගේ කාමරය තුළද කිලිටි ඇඳුම් නිතර ගොඩගසා තිබී ඇත.

දුර්වල සනීපාරක්ෂාව හා අපිරිසිදුබව පිළිබඳ සෙසු මිතුරන්ගෙන්ද ලද විරෝධය හමුවේ එම තරුණයා නේවාසිකාගාරය හැර ගිය බව අමිල පැවසීය.

 

සනීපාරක්ෂාවටත් වඩා, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් සෞඛ්‍යයට අහිතකර නරක පුරුදු වලින් සහ අවදානම් හැසිරීම් රටාවකින් යුක්ත බව මහාචාර්ය සමත් ධර්මරත්න කියා සිටියේය

 

ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරණ සමයේ පිරිමි යට ඇඳුම් පිළිබඳ මාතෘකාවක් කරලියට පැමිණියේ, පිරිමින්ගේ සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳ කතාබහක් ඇති කරමිනි.

සෑබෑ ලෙසම කාන්තාවන්ට වඩා පිරිමින්ගේ සනීපාරක්ෂාව අඩුද? මේ පිළිබඳව බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තෙම්න්තුවේ මහාචාර්ය සමත් ධර්මරත්න කියා සිටියේ දෙපාර්ශවය අතර සනීපාරක්ෂාව පිළිබඳ සැසඳීම සඳහා විද්‍යාත්මකව තහවුරු කිරීමට පැහැදිලි පර්යේෂණ සාක්ෂි නැතත්, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ගේ හැසිරීම් රටාව බොහෝ සෙයින් වෙනස් බව ය.

අත් සේදීම සහ තැන තැන කෙළ ගැසීමෙන් වැළකීම වැනි සනීපාරක්ෂක හැසිරීම් බෝවන රෝග පැතිරීම පාලනය කිරීමේ වැදගත් මාධ්‍යයන් ලෙස පොදුවේ සැලකේ.

යුරෝපයේ, ප්‍රසිද්ධියේ කෙළ ගැසීම සීමා කිරීමේ සම්මතයන් 16 වන සියවස දක්වා දිවෙන ආචාර ධර්ම පොත්වල සඳහන්ව ඇති බව සොයාගෙන ඇත.

 

ජාත්‍යන්තර කාන්තා දිනය යනු කුමක් ද?
එක්සත් ජනපදයේ පර්යේෂණ මත පදනම්ව, කාන්තාවන් සම්ප්‍රදායිකව සනීපාරක්ෂක ප්‍රමිතීන් සඳහා වැඩි වගකීම දරන බව යෝජනා කර ඇතැයි, ඇමෙරිකානු සෞඛ්‍ය ආයතනයේ වාර්තා පෙන්වා දෙයි.

දැත් සම්බන්ධ සනීපාරක්ෂාව අතින් ගත් කළ පිරිමින්ට වඩා කාන්තාවන් දෑත් සේදීම සහ පිරිසිදුව තබා ගැනීම අතින් වැඩි සැලකිල්ලක් දක්වන බව ඇමෙරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ දත්ත මගින් හෙළි කර තිබේ.

සනීපාරක්ෂාවටත් වඩා, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් සෞඛ්‍යයට අහිතකර නරක පුරුදු වලින් සහ අවදානම් හැසිරීම් රටාවකින් යුක්ත බව මහාචාර්ය සමත් ධර්මරත්න කියා සිටියේය.

මෙරට කාන්තාවන්ට වඩා පිරිමින්ගේ ආයු අපේක්ෂාව අඩු බව පෙන්වා දුන් මහාචාර්යවරයා සඳහන් කළේ “කාන්තාවන් සහ පිරිමින් අතර හැසිරීම් රටාව බොහොම වෙනස්. මේක බෝනොවන රෝග ව්‍යාප්තියටත් බලපා තිබෙනවා.” යනුවෙනි.

“සනීපාරක්ෂාවටත් වඩා පිරිමින්ගේ හැසීරීම වෙනස්. පිරිමි ගැහැනුන්ට වඩා ඇඳුම් හුවමාරු කර ගැනීමේ ප්‍රවණතාව වැඩියි. එකම දේ අඳින්න. ඇඳුම් හුවමාරු කර ගන්න ප්‍රවණතාවක් තියෙනවා”

නමුත් ගැහැනු අය සමහරවිට එහෙම නැහැ. ‘දෙන්න කැමතිත් නැහැ.. අඳින්න කැමතිත් නැහැ’ ඔහු පැවසීය.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ කාන්තාවන්ට වඩා පිරිමින්ගේ අවදානම් පුරුදු වැඩි බවය.

 

ජයග්‍රහණයෙන් පසු පොදු ප්‍රවාහනය ගැන දුන් පොරොන්දු තුලින් ප්‍රතිපත්ති  විමසුමක් - (මහාචාර්ය රොහාන් සමරජීව)

“යන කොච්චිවල එල්ලෙනවා. බස්වල එල්ලනවා. එවගේම ප්‍රචණ්ඩ බව වැඩියි. එවගේම පිරිමි ගැහැනු තරම් සෞඛ්‍ය ගැන වැඩි උනන්දුවක් නැහැ. රෝගයක් උඩු දුවන තෙක් ප්‍රතිකාරයකට යොමු වෙන්නේ නැහැ.” මහචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

බොහෝ විට මත්පැන් පානය වැනි අවස්ථාවන් වල පිරිමින් කෑම බීම හුවමාරු කරගනිමින් ආහාර පාන ගන්නා අතර, පානය කරන දුම්වැටිය පවා හුවමාරු කරගනිමින් භාවිත යට ගනී.

“ගැහැනු අය පිරිමින්ට වඩා ලස්සනට අඳින්න.. ලස්සනට ඉන්න ආසයි. වැඩ ඉවර වෙලා යද්දි ගැහැණු අය සෙන්ට් එකක් ගහලා යන්නේ. ගොඩක් පිරිමි එහෙම නැහැ. පිරිමි එහෙම කොන්ඩෙවත් පිරීන්නේ නැහැ. සාමාන්‍යයෙන්.” නමුත් එමගින් කෙනෙකුගේ සනීපාරක්ෂක බව පිළිබඳ පැහැදිලිව සඳහන් කළ නොහැකි බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

 

healthy2

අත් සේදීම සහ තැන තැනකෙළ ගැසීමෙන් වැළකීම වැනි සනීපාරක්ෂක හැසිරීම් බෝවන රෝග පැතිරීම පාලනය කිරීමේ වැදගත් මාධ්‍යයන් ලෙස පොදුවේ සැලකේ

 

උඩට ලස්සනට අඳින තරුණ තරුණියන්ගේ යට ඇදුමේ හිල් ද?

ජාතික ජනබලවේගය විධායක කමිටු සමාජික සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ, “අපි උඩට හොඳ ඇඳුම් අඳිනවා. හැබැයි අපි යටට අඳින ඇඳුම් හෝදලා වේලෙන්න වැලක දාන්න පුළුවන් ද? යටට අඳින ඇඳුම් අපේ දිරලා. මේස් බැනියමේ හිල් තියෙනවා. එහෙම නෙමෙයිද? යට ඇඳුම් පෙන්නන්න බැරි රටක් මේක. ෂර්ට් එක එලියේ දැම්මට යට ඇඳුම් හොදලා දාන්නේ කාමරේ.” ඔහු කියා සිටියේය.

ඔහු පෙන්වා දුන්නේ රටේ බහුතරයක් පිරිමින්ගේ තත්ත්වය මෙය බවය.

 

healthy3

ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරණ සමයේ පිරිමි යට ඇඳුම් පිළිබඳ මාතෘකාවක් කරලියට පැමිණියේ, පිරිමින්ගේ සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳ කතාබහක් ඇති කරමිනි

 

විශ්ව විද්‍යාල සිසු සිසුවියන් මෙන්ම නේවාසිකාරවල වෙසන තරුණයින් මේ සම්බන්ධව සිය අත්දැකීම් විස්තර මෙලෙසිනි.

“උඩින් හොඳට ඇඳෙගන ගියාට යටින් කොහොමද කියලා අපි ඒවා දන්නේ නැහැ. හැබැයි එලියෙන් දැක්කත් එහෙම පේන අය ඉන්නවා. එහෙම අයට කැමති නැහැ අපි.” සෞදර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවියක වන නුවනි කළුආරච්චි කියා සිටියාය.

දැඩි දහඩිය දුර්ගන්ධය හේතුවෙන් සමහර පිරිමි මිතුරන් තමන් සමීපයට පැමිණෙනවාට පවා තමන් කැමැත්තක් නොමැති බව ඇය කියා සිටියා ය.

“ඒක ඇත්ත කතාවක් සමහර පිරිමි ළමයි ඉන්නවා දාඩිය ගඳයි. දැන් කැම්පස්වල ඉතින් ඕන තරම් යාළුවෝ එහෙම ඉන්නවා.හරිම අප්‍රසන්නයි ඉතිං ඒ දේ. අපි වුණත් කැමති නෑ කොච්චර හොඳ යාළුවෙක් වුණත්,එයා කොච්ර හොඳ ගතිගුණ තිබ්බත් එහෙම කෙනෙක් ඉතිං අපේ ළඟට එනවාට.” නුවනි පැවසුවාය.

ඇය කියා සිටියේ, විශ්ව විද්‍යාල නේවාසිකාගාර කාමරයේ තම මිතුරියන් සමග එකට ආහාර ගන්නා අතර ඔවුන් සමග තම ඇඳුම් ද හුවමාරු කර ගන්නා බව ය.

“යාළුවෝ හොස්ටල් එකේ එකට ඉද්දි ඇඳුම් මාරු කරගෙන අඳිනවා. යාළුවෝ යාළුවෝ නේ. අන්ඩර් වෙයාස් නම් මාරු කර ගෙන අඳින්නෙ නැහැ. අපි ලස්සන ඇඳුමක් ගත්තාම යාළුවටත් ඇඳන් යන්න දෙනවා.” ඇය පැවසුවා ය.

“යාළුවෙක් එහෙම ඇඳුමක් ඉල්ලුවොත් දෙන්න වෙනවා. නොදී ඉන්නේ නැහැ.”

“මම නම් එහෙම දුන්නොත් අනිවාර්යෙන් හොඳට හෝදලා උණුවතුර දාලා එහෙම තමා ගන්නේ.මොකද හොස්ටල්වල ඉද්දි එකට වොෂ් රූම් යූස් කරන නිසා.” නුවනි පවසයි.

“කෑමබීම හුඟක් වෙලාවට එකට කන්නේ. මගේ රූම් එකේ ඉන්න යාළුවෝ හතර දෙනා එකටම තමා කෑම ගන්නේ.” නුවනි සිය අත්දැකීම් විස්තර කළාය.

(BBC සිංහල සේවය)

සබැඳි ලිපි :
අඹු-සැමියන් වැඩි වශයෙන් වෙන්ව නිදා ගැනීමට කැමැත්තක් දක්වන්නේ ඇයි?


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්