leader s

Depression හෙවත් මානසික අවපීඩනය නමැති රෝගය සෑම පුද්ගලයකුට ම පාහේ පැවතිය හැකි රෝගයකි.

එම රෝගයේ අඩු වැඩි භාවය තීරණය කෙනේනේ අදාළ පුද්ගලයා ජීවත්වන වට පිටාව සහ ඔහු වෙත බලපා ඇති මානසික අවපීඩනයේ ප්‍රමාණය අනුව ය.

මෙම රෝගයට ගොදුරුව ඇති පුද්ගලයින් කෙරෙන් විවිධ වෙනස්කම් දක්නට හැකි ය. ඇතැම් විට එම පුද්ගලයා ළඟින් ම ඇසුරු කරන අයට එය දැකගත හැකි අවස්ථා පවතී. 

ඇතැම් විට මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයකුගේ අවසාන තීරණය සිය දිවි නසාගැනීම දක්වා වාර්ධනය විය හැකි ය.

එසේ නම් අනෙකාගේ යුතුකම සහ වගකීම වන්නේ එබඳු ලක්ෂණ දක්නට ලැබෙන පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානය යොමු කර එම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කටයුතු කිරීම ය.

ඒ කෙසේ ද යන්න පිළිබඳව ඔබට නිවැරැදි අවබෝධයක් නොමැති නම්: මනෝ වෛද්‍ය විශේෂඥ නදී පීරිස් (MBBS, Msc, phd) ඉදිරිපත් කරන මෙම විඩියෝව නරඹන්න. 

එවිට ඔබට කිසියම් Depression තත්ත්වයකට හෙවත් මානසික අවපීඩන තත්ත්වයකට පත්ව සිටින පුද්ගලයකු හඳුනාගැනීමට මෙන් ම ඔහු වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද යන්න අවබෝධ කර ගත හැකි ය. එය ඔබ, ඔබ වෙනුවෙන් මෙන් ම තවකකු වෙනුවෙන් කරන උපකාරයක් වනු නිසැක ය.

(සටහන - ජයසිරි අලවත්ත)




 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්