leader s

මිනිස්සු මතු නොව වෙනත් සත්වයෝ ද විවිධාකාරයේ රෝගාබාධවලට ලක් වීම අරුමයක් නොවේ. එමෙන් ම කිසියම් පුද්ගලයකු හට කිසියම් රෝගයක් හට ගන්නේ කිනම් මොහොතේ ද යන්න පවා අවිනිශ්චිත ය.

එමෙන් ම එලෙස හට ගන්නා රෝග ඇතැම් විට ඉතා සුළු රෝග විය හැකි ය; එමෙන් ම මාරාන්තික රෝග ද විය හැකි ය.

මේ කුමනාකාරයේ රෝගයක් හට ගත්ත ද ඇතැම් අවස්ථාවල දී රෝගියා සහ ඔහු සමග සිටින අනෙක් පාර්ශ්ව ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් ම ඉතා ඉක්මනින් සුව කරගැනීමට අවස්ථාව තිබූ රෝගයක් වුව ද දරුණු මට්ටමට පැමිණිය හැකි ය. එමෙන් ම නිසි පරීක්ෂාවකින් තොරව ලබා ගන්නා ඖෂධ හේතුවෙන් ම මෙවන් තත්ත්ව උදා විය හැකි ය. එබඳු තත්ත්ව වළක්වා ගැනීමට නම් කිසියම් රෝගයක් හට ගත් පසු කළ යුතු දෑ මෙන් ම නොකළ යුතු දෑ ද බොහොමයක් පවතී.

මතු පළ වන්නේ යට කී කරුණ පිළිබඳව හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ දක්වන අදහස් අන්තර්ගත වීඩියෝවකි. ඔබ මෙම විඩියෝව නරඹන්නේ නම් කිසියම් පුද්ගලයකු කිසියම් රෝගයකට ගොදුරු වූ පසු රෝගියා සහ ඔහුගේ ආසන්නතමයින් කළ යුත්තේ මොනවා ද නොකළ යුත්තේ මොනවා ද යන්න පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි ය.

(සටහන - ජයසිරි අලවත්ත)  


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්