සිරුරේ බර අඩු කර ගැනීම සඳහා විවිධ පුද්ගලයෝ (ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වය ම) විවිධ ක්‍රම භාවිත කරති; අනුගමනය කරති.
ඒ අතර: ව්‍යායාම කිරීම, ආහාර පාලනය, විවිධ ඖෂධීය ආහාර පානාදිය අනුභව කිරීම ප්‍රමුඛ ය.
නමුදු මේ වන විට මේ සියල්ලට වඩා වෙනස් ආකාරයකින් සිරුරේ බර අඩු කරගන්නා ක්‍රමයක් සොයාගෙන ඇත. එනම්, බර අඩු කරන පෑනක් හෙවත් Semiglutide Pen එකක් භාවිත කිරීමෙනි.
පෑනක් භාවිත කර බර අඩු කරගන්නේ කෙසේ ද යන්න දැන් ඔබ සිතනවා නොඅනුමාන ය. එසේ නම් එම සිතුවිල්ල පසෙක තබා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මෙම විඩියෝ වැඩසටහන නරඹන්න. එවිට බර අඩු කරන පෑනේ සියලු රහස් ඔබට දැනගත හැකි වනු ඇත.
(සටහන - ජයසිරි අලවත්ත)







