දියවැඩියාව වැලුඳුණු රෝගියකුට වෛද්‍යවරු දෙන ප්‍රධාන ම උපදේශය තමයි ‘කට පරිස්සම් කරගන්න’ කියන එක.
මොකක් ද මේ ‘කට පරිස්සම් කරගන්න’ කියන්නෙ...? කතා නොකර ඉන්න කියන එක ද...? නැහැ... කට පරිස්සම් කරගන්න කියන්නෙ රෝගී පුද්ගලයා පරිභෝජනයට ගන්න ආහාර පාලනය කිරීම.
ඇත්තට ම අපිට එහෙම ආහාර පරිභෝජනය පාලනය කරන්න පුළුවන් ද...? බැරි වුනත් පාලනය කරන්න ම වෙනව නේ ද?
ඒ විදියට ආහාර පරිභෝජනය පාලනය කරන අතර ම තමන් කැමති ආහාරයක් පරිභෝජනය කරන්න පුළුවන් ක්‍රම තිබෙන බව ඔබ දන්නවා ද...? සමහර විට එහෙම කරුණක් ඔබ නොදන්නවා ඇති.
එහෙම නම් මතු පළ වෙන, සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර ඉදිරි පත් කරන මෙම විඩියෝ වැඩසටහන නරඹන්න. එවිට ඔබට යට දැක්වූ ආකාරයට සිත සනසා ගත හැකි තරමේ ආහාර පරිභෝජනය කරන අතර ම දියවාඩියාව ද පාලනය කරගන්න පුළුවන් වේවි.
(සටහන - ජයසිරි අලවත්ත)







