leader s

සුරතල් සුනඛයන්ට ආදරය කරන බොහෝ දෙනෙකු දන්නවා සුරතලෙකු ඇති කිරීමේ වාසි.

අසීමිත ආදරය, ආරක්ෂාව, සහයෝගය හිතකර පරිසරයක් නිර්මාණය කරදීම වැනි බොහෝ දේ සුරතලෙකු ඇති කිරීම මගින් ලබාගත හැකි බව අපි දන්නා නමුත් මෙම වාසි හැඟීම් මත පදනම්ව තහවුරු කරගත් දෙයක් පමණක්ද?

අනිවාර්යයෙන්ම නැහැ. දීර්ඝ කාලයක් තුල සිදු කරන ලද විද්‍යාත්මක අධ්‍යනයන් තුළින් හෙළි කරගෙන තිබෙන කරුණක් නම් සුරතල් සුනඛයෙකු ඇති කිරීම ඔබට මානසිකව මෙන්ම ශාරීරිකවත් යහපත් ප්‍රතිඵල අත්කරදෙන බවයි. සුනඛයෙකු ඇති කිරීම ඔබේ ජීවිතයේ යහපැවැත්මට හේතු සාධක වන ආකාරයද මෙම විද්‍යාත්මක අධ්‍යනයන් තුළින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ සුනඛයෙකු ඇති කිරීමේ එවැනි විද්‍යාත්මකව තහවුරු කරගත් වාසි කිහිපයක්.

 

1 ) ඔබේ තනිකම අවම කිරීම

 

 

මිනිසුන්ට ඔබ වෙනුවෙන් සිටිය නොහැකි වූ විටෙක පවා සුනඛයෙකුට ඔබ වෙනුවෙන් සිටිය හැකියි. ඔවුන්ගේ කොන්දේසි විරහිත ආදරය චිත්‍තවේගීය සහයෝගයක් ඔබට ලබා දෙන අතරම සමාජ හුදෙකලාවට ලක්වීමෙන් ඔබව වළක්වා ගැනීමද සිදු කරනවා. කුඩා ඕස්ට්‍රේලියානු අධ්‍යනයකින් හෙළිවූයේ සුනඛයෙකු ඇති කිරීම ඔබේ තනිකම අවම කරන බවයි.

එමෙන්ම මානව සත්ව බන්ධන පර්‍යේෂණ ආයතනය (Human Animal Bond Research Institute) විසින් සුරතලුන්ගේ හිමිකරුවන් සහ සුරතලුන්ගේ හිමිකරුවන් නොවන පුද්ගලයන් පිළිබඳ කරන ලද ජාතික සමීක්ෂණයකින් හෙළි වූයේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 85% ක් සුරතල් සතුන් සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් තනිකම අඩුවන බව විශ්වාස කරන බවයි.

 

2 ) ඔබේ හදවතේ ක්‍රියාකාරීත්වයට උපකාරී වීම

 

An elderly woman with dog in autumn nature. Senior woman on a walk.

 

සුරතල් සුනඛයෙකු ඇති කිරීම ඔබේ ජීවිතයේ ආයු කාලය දීර්ඝ කරන බව ඔබ දැන සිටියාද?

1950 සහ 2019 අතර ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනය පිළිබඳ පුළුල් සමාලෝචනයකින් හෙළි වූයේ සුනඛ හිමිකරුවන්ට මරණ අවදානම අඩු බවයි.

මෙම අධ්‍යනයන් තුළින් තවදුරටත් පෙන්වා දෙන්නේ සුරතල් සුනඛයෙකු ඇති කරන්නෙකුට අඩු රුධිර පීඩන මට්ටම් පවත්වාගෙන යාමට හැකි අතර එමගින් ආතතිය ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමේ හැකියාවක්ද පවතින බවයි. මේ අනුව මිනිසුන් සහ සුනඛයන් අතර ඇති බැඳීම හෘදවාහිනී ගැටලු වලට ප්‍රධාන හේතුවක් වන ආතතිය අඩු කරන බව පර්යේෂණ මගින් නිගමනය කර ඇත.

 

3) ඔබේ ආතතිය වළක්වා ගැනීමට උපකාර කරයි

 ecobatch 143 olddognewtricks

සුනඛයෙකු ඇති කිරීමේ තවත් අපූරු වාසියක් වන්නේ ඔබේ සුරතලාට ඔබ සතුව පවතින කලබලකාරී මානසිකත්වය අවම කිරීමේ හැකියාවක් තිබීමයි. බහු අධ්‍යනයන් මගින් පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ඔබේ මනසට සුවදායී හැඟීමක් ගෙන දෙන සුනඛයින් (Therapy Dogs) ඇති කිරීම ඔබගේ ආතතිය සහ කාංසාව සමනය කිරීමට උපකාරී වන බවයි.

ඔබ ඔබට හුරුපුරුදු සුනඛයෙකු සුරතල් කරන්නේ නම් එය පවා ඔබේ රුධිර පීඩනය සහ හෘද ස්පන්ධන වේගය අඩු කරයි. ආතතියෙන් යුත් මාංශ පේශී ලිහිල් කරයි. වොෂින්ටන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ( Washington State University) විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත්තේ මිනිත්තු 10 ක් වැනි කෙටි කාලයක් බල්ලෙකු සුරතල් කිරීමද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි. මෙම අධ්‍යයනයට සහභාගී වූවන්ට ප්‍රධාන ආතති තත්ත්වයන් ඇති කරන හෝමෝනයක් වන කෝටිසෝල්හි (Cortisol) සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබී තිබුණි.

 

4) ඔබගේ අර්බුදකාරී කාල පසු කිරීමට උපකාරී වීම

 360 F 964445756 TIe3c1tptjvjQTBO6JLJ1d9Cldc9WVmA

ඔබ දැනටමත් සුරතල් සතෙකු ඇතිකරන අයෙක්නම් මේ පිළිබඳව ඔබ දැනටමත් දැනුවත් විය හැකියි. එනම් ඇතැම් කාලසීමාවල් තුළදී ඔබ ගෙවන අර්බුදකාරී තත්ත්වයන් පසු කර යාමට ඔබේ සුරතලා උපකාරී වන ආකාරයයි. පර්ඩියු විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය විද්‍යාලය (Purdue University’s College of Veterinary Medicine) සොයා ගත්තේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමණතාව (PTSD) සහිත හමුදා සෙබළුන්ට සේවා සුනඛයෙකු සිටින විට කායිකව සහ මනෝවිද්‍යාත්මකව වඩා හොඳින් ක්‍රියා කළ හැකි බවයි. මෙසේ අධ්‍යයනයට ගත් හමුදා සෙබළුන් සේවා සුනඛයන් සමග අන්තර්ක්‍රියා කිරීම ඔවුන්ගේ PTSD තත්වයේ සැළකිය යුතු තරමේ අඩු රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර ඔවුන් තුල වැඩිදියුණු වූ සටන් කුසලතාවයන්ද පෙන්නුම් කර ඇත.

 

5) ඔබේ ශාරීරික ක්‍රියාකාරකම් සදහා උත්ප්‍රේරකයක් වීම

 Untitleddesign155H4V 0.png

සුරතල් සුනඛයෙකු ඇති කිරීමේ තවත් එක් වාසියක් වන්නේ දෛනික ජීවිතයේ ශාරීරික ක්‍රියාකාරකම් වලට වැඩිදුරටත් නැඹුරු වීමට ඔබට උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීමයි. 2019 බ්‍රිතාන්‍ය අධ්‍යයනයකින් හෙළි වූයේ සුරතල් සුනඛයන්ගේ හිමිකරුවන් සුරතලෙකු ඇති නොකරන පුද්ගලයෙකුට වඩා හතර ගුණයක් වැඩියෙන් දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලෙන බවයි.

සුනඛයෙකුගේ හිමිකරුවෙක් සෑම සතියකම මිනිත්තු 300කට ආසන්න කාලයක් තම සුරතලා සමග ඇවිදීමට ගතකරයි. එනම් තමන්ගේම සුරතලෙකු නොමැති පුද්ගලයෙකුට වඩා විනාඩි 200ක් වැඩිපුර ඇවිදීම ඔවුන් සිදු කරයි.

 

6) ඔබව වඩාත් ආකර්ෂණීය කරවයි

 1620883348 199434

සුනඛයෙකු ඇති කිරීම ඔබව මානසික වශයෙන් පමණක් නොව ඔබ තුල වඩාත් ප්‍රියජනක හා ආකර්ෂණීය පෙනුමක් ඇති කරවයි.

අධ්‍යනයන් මාලාවකදී සොයා ගැනුනේ පිරිමි පාර්ශවය සුනඛයෙකු සමග සිටින විට කාන්තාවන්ගේ දුරකතන අංකය ලබා ගැනීමට වැඩි ඉඩක් පවතින බවයි. තවත් අධ්‍යනයකදී පර්යේෂකයන් පුද්ගලයන් සිටින ඡායාරූප ඇගයීමට ලක් කල අතර ඔවුන් තනිව සිටින ඡායාරූපවලට වඩා සුනඛයෙකු සමග පෙනී සිටින විට වඩාත් සතුටින් හා සැහැල්ලුවෙන් සිටින බව සොයා ගන්නා ලදි.

Pet Wingman විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිවූයේ පිරිමි පාර්ශ්වය සුනඛයන් සමඟ සිටින ඡායාරූපවලට කාන්තාවන් වැඩි වශයෙන් ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි. එබැවින් ඔබ සුනඛයෙකු ඇති කිරීමට දිනයක් පිළිබඳ සිතන්නේ නම් අද දිනය එයට හොඳම දිනය වනු ඇත.

 

7) ඔබව වඩාත් සමාජශීලී කරවයි

 360 F 496333512 p7fnlYb7MooRHawqWVydj1aznqBxPLhQ

ඔබ සුනඛයෙකු සමග මාර්ගයේ මින් පෙර ඇවිද ඇත්නම් ඒ බොහෝ අවස්ථාවන්වලදී ඔබට අනෙක් මිනිසුන් සමඟ සංවාදයක් ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබදව ඔබ දැනටම දන්නවා විය හැකියි. ඔවුන් ඔබේ අසල්වැසියන් හෝ ඔබ නොදන්නා පුද්ගලයන් වේවා, සුනඛයෙකු සමග සිටින විට ඔබ වෙනත් පුද්ගලයින් සමග කොපමණ වාර ගණනක් කතා කර ඇත්දැයි සිතා බලන්න.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සුනඛයෙකු ඇති කරන්නන්ගෙන් 40% ක් පමණ පිරිසකට නව මිතුරන් ඇති කර ගැනීමට පහසු වී ඇති බවයි. සුරතල් සුනඛයන්ට නොදන්නා අයව දැන හඳුනා ගැනීමට සහ නව මිත්‍රත්වයන් ඇතිකර ගැනීමට පරිපූර්ණ මාර්ගයක් නිර්මාණය කල හැක. ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ (Tufts University) Cummings පශු වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යයනයකින් සොයා ගැනුණේ සුරතල් සතෙකු සමග දැඩි බැඳීමක් ඇති පුද්ගලයින් බොහෝ විට ඔවුන්ගේ මානව සබඳතා සහ ඔවුන් ජීවත් වන ප්‍රජාවන් තුළ වඩාත් හොදින් සම්බන්ධ වී සිටින බවයි.

 

8) සුරතල් සුනඛයන් සෑමවිටම අවිනිශ්චිත හැසිරීම් පෙන්නුම් කරයි

 

සුරතල් සුනඛයෙකු ඇති කිරීමේ තවත් එක් වාසියක් වන්නේ සුරතලුන් සතුවන විවිධාකාර හැසිරීම් ඔබව සෑම විටම පුදුමයට සහ සතුටට පත් කිරීමයි. උදාහරණයක් ලෙස පුංචි බලු පැටවෙකුගේ වීඩියෝවක් ගෙන බලමු. ඔවුන්ගේ මුහුණේ සෑම විටම ඔබේ හදවත මෘදු කරන ආකාරයේ කුඩා සහ ආකර්ෂණීය පෙනුමක් තිබේ. මෙම කුඩා සුරතලුන්ගේ පෙනුම මිනිසුන් තුළ සහජ රැකවරණ ප්‍රතිචාරයක් ඇති කරන බව හෙළි කරගෙන ඇත. මීලඟට ඔබට එම වීඩියෝව නැරඹීම නතර කර ගත නොහැක්කේ එම විශාල ඇස් සහ නම්‍යශීලී කන් විද්‍යාත්මකව ඔබ ආකර්ෂණය කරගැනීම නිසාවෙනි.

 

9) ඔබව සතුටට පත් කිරීම

 Girl Kissing Dog 19513a3bc6

සුනඛයෙකු දෙස බැලීමෙන් වුවද ඔබේ මනෝභාවයන් ඉහළ නැංවිය හැක. 2009 ජපානයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සුනඛයාගේ දෑස් දෙස බැලීමෙන් ඔබේ ඔක්සිටොසින් මට්ටම (Oxytocin) ඉහළ නැංවිය හැකි බවයි. එය “ආදරණීය හෝමෝනය” ලෙසද හැඳින්වේ. සුනඛයෙකු හිමිකර ගැනීමේ සාමාන්‍ය සෞඛ්‍ය ප්‍රතිලාභ වලට අමතරව ඔවුන් ස්වභාවික මනෝභාවයන්ද වැඩි කරන්නන් වේ. 2017 අධ්‍යනයකට අනුව ඒඩ්ස් සහිත පුද්ගලයින් සුරතල් සතෙකුගේ හිමිකාරීත්වය දරයිනම්, ඔවුන් මානසිකව පීඩනයෙන් පෙළීමට ඇති ඉඩකඩ අඩුවිය හැකි බව හෙළි කරගෙන ඇත.

 

10) වැඩිහිටියන් කෙරෙහි ධනාත්මක බලපෑම් ඇති කිරීම

 Blog20Covers20285229.png

වැඩිහිටියන් කෙරෙහි සුනඛයන්ගේ බලපෑම් ගවේශණය කිරීමේ අධ්‍යයන මාලාවකින් ධනාත්මක ප්‍රතිඵල රැසක් හෙළි කරගන්නා ලදි. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සුරතල් සතුන් සමග කල් ගත කිරීම මගින් මානසික රෝග සමග දිගු කාලීන රැකවරණයේ සිටින වැඩිහිටි පුද්ගලයන්ගේ සංජානන ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කළ හැකි බවයි. තවත් අධ්‍යනයකින් පෙන්නුම් කලේ ඩිමෙන්ශියාවෙන් පෙලෙන වැඩිහිටියන්ගේ කලබලකාරී හැසිරීම් වල සැලකිය යුතු අඩු වීමක් මෙන්ම සමාජ අන්තර් ක්‍රියාද වැඩිදියුණු වී ඇති බවයි.

කාර්යබහුල දෛනික ජීවිතයක් ගෙවන ඔබට සුනඛයෙක් අවශ්‍ය වන්නේ මේ හේතූන් නිසාවෙනි. ඔවුන් ඔබට කොන්දේසි විරහිත ආදරය සහ සහයෝගය ලබා දෙයි, එය දුෂ්කර කාල වලදී විශේෂයෙන් වැදගත් වේ. අපි සුනඛයින්ව රැකබලා ගත යුතු යැයි මිනිසුන් සිතිය හැකි වුවද එය සෑමවිටම අන්‍යෝන්‍ය වේ. සුරතල් සුනඛයින්ද අපිව මානසික වශයෙන් මෙන්ම ශාරීරික වශයෙන්ද රැකබලා ගන්නා අතර විද්‍යාව එය සනාථ කරයි.

paw

 

 

 

 

Paw Paradise Sri Lanka
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 මූලාශ්‍රය -

(Arford, K. (n.d.). 10 Science-Based Benefits of Having a Dog

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්