leader s

වර්තමානයේ රටෙහි ප්‍රධාන අර්බුද දෙකක් පවතිනවා. එකක් පොල් අර්බුදය; අනික රතු කැකුළු සහල් අර්බුදය.


පොල් අර්බුදය පිළිබඳව (අර්බුදය පිළිබඳව ම නොවුනත්) කිසියම් කරුණු පැහැදිලි කිරීමක් සහිත විඩියෝවක් දැනට සති දෙක තුනකට ඉහත ඔබ නරඹන්නට ඇති. ඒ විඩියෝව ඉදිරිපත් කළේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෙද්‍යවරයකු වන වෛද්‍ය තිමති වික්‍රමසේකර.

අදත් ඔහු ඔබ හමුවට එන්නෙ යට සඳහන් කරපු අනෙක් අර්බුදය පිළිබඳව ඔහුගේ විෂය ක්ෂේත්‍රයට අදාළ තොරතුරු සම්භාරයක් ඔබ සමග බෙදාගන්න. ඒ තමයි රතු කැකුළු සහ සුදු කැකුළු අතර වෙනස සහ රතු කැකුළු බත් සහ රතු කැකුළු සහල් පිටිවලින් නිෂ්පාදිත වෙනත් ආහාර මිනිස් සිරුරට බලපාන්නෙ කුමනාකාරයට ද යන්න පැහැදිලි කරන්න.

එහෙම නම් වැඩි අටුවා ටීකා වුවමනා නෑ. මතු පළ වන විඩියෝව නරඹන්න; නරඹා හොඳින් අවබෝධ කරගන්න. එවිට රතු සහ සුදු කැකුළු පමණක් නෙවෙයි අනෙකුත් සහල් වර්ග පවා අපේ සිරුරට බලපාන්නෙ කොහොමද කියල ඔබට යම් දැනුමක් ලැබෙනු නිසැක යි.

(සටහන | ජයසිරි අලවත්ත)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්