leader s

ශරීරයේ ඇති සෛල එහි සමාන්‍ය විභේදන සීමාවෙන් ඔබ්බට පාලනයකින් තොරව වර්ධනය වෙමින් සෛල අවට ඇති පටක වෙත අක්‍රමණශිලී ලෙස ව්‍යාප්ත වී ඒවා විනාශ කිරීම මෙන් ම, වසා පද්ධතිය හෝ රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ පැතිර යාම පිළිකා යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලොව පුරා බෝ නොවන රෝග අතර පිළිකා ප්‍රධාන තැනක් ගන්නා බව සෞඛ්‍ය අංශ පවසයි.

එසේ ප්‍රධාන තැනක් ගන්නා පිළිකා අතර මහා අන්ත්‍රය හා ගුද මාර්ග පිළිකා ලොව තෙවැනියට වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන පිළිකා වර්ගය වේ.

ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශවය අතර ම වාර්තා වන මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව, ලොව පිළිකා නිසා සිදුවන මරණ අතර දෙවන ස්ථානයේ පවතියි.

මෙරට ජාතික පිළිකා දත්ත ලේඛනයට අනුව 2021 වස⁣ර වන විට මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා රෝගීන් ලෙස පිරිමි පුද්ගලයන් 1,522ක් සහ කාන්තාවන් 1,596ක් ලෙස හඳුනාගෙන තිබේ.

ලෝක මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය ලෙස මාර්තු මාසය නම් කර තිබේ.

 

ව්‍යාජ වෙදුන් නිසා පිළිකා රෝගීන්ට හා ඥාතින් වෙන හානිය බරපතලයි
රෝග ලක්ෂණ මොනවා ද?

මහා අන්ත්‍ර හෝ ගුද මාර්ග පිළිකාවේ, රෝග ලක්ෂණ පිළිබඳව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පැහැදිලි කළේ මෙසේ ය.

"ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම ප්‍රධාන එකක්. ඒක මළපහ කරන වෙලාවේ වෙන්නත් පුළුවන්, ඊට පස්සේ වෙන්නත් පුළුවන්."

"ඕන ම කෙනෙකුට ටොයිලට් යන සමාන්‍ය විදියක් තියෙනවා නේ, ඒකට වඩා වෙනස් වෙනවා නම්, සමහර වෙලාවට ඩයරියා වගේ තියෙනවා, මළබද්ධය වගේ වෙනස් වෙනවා. මේක මෑතකදී වෙලා තියෙනවා නම්, සති දෙකකට වඩා වැඩිපුර තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක වෙන්න පුළුවන්."

බඩේ කැක්කුමක්, බඩේ ගෙඩියක් වැනි ස්වභාවයක් හෝ පැහැදිලි කළ නොහැකි ලෙස ශරිරයේ බර අඩු වීමක් වැනි දෑ රෝග ලක්ෂණ ලෙස පැවති හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියා ය.

hgs

"මහා අන්ත්‍රයේ හෝ ගුද මාර්ගයේ හෝ ඇතුළු බිත්තියේ ඇති වෙන පොලිප් එකක්, ඒ කියන්නේ මස් දල්ලක් වගේ එකක් තමයි මුලදි පටන් ගන්නේ. ඊට පස්සේ මේක පිළිකාවක් වෙන්න අවුරුදු 7ක්, 10ක් වගේ කාලයක් යනවා. ඒ කාලය ඇතුළතදී හඳුනා ගත්තොත් ප්‍රතිකාර කරලා කැන්සර් එකක් වෙන එක නතර කරන්න පුළුවන්," ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු රෝගී තත්ත්වය ගැන පැහැදිලි කරමින් පැවසුවා ය.

අර්ශස් ද? පිළිකාවක් ද?

ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම බොහෝ විට අර්ශස් රෝගී තත්ත්වයක් ලෙස බොහෝ දෙනෙකු සලකන අතර රෝග ලක්ෂණ අනුව අර්ශස් රෝගය ද, ගුද මාර්ග පිළිකාවක් ද යන්න ⁣වෙන් වෙන් ව හඳුනා ගන්නේ කෙසේ දැයි වෛද්‍යවරිය පැහැදිලි කළා ය.

"ලේ පිටවුණා කියන පමණින් ම අර්ශස් කියලා ඒ විදියට ප්‍රතිකාර කරන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම නැතිව සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් මේක බලලා මේක කැන්සර් එකක් නෙමෙයි කියලා හොයාගෙන අර්ශස් විදියට ප්‍රතිකාර කළාට කමක් නැහැ."

සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු කරනු ලබන පරීක්ෂණවලින් හැර මහා අන්ත්‍ර හෝ ගුද මාර්ග පිළිකාවක් ද යන්න සැක හැර දැන ගැනීමට වෙනත් ක්‍රමයක් නොමැති බව විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පැවසුවා ය.

පිළිකාව ශරීරයේ පැතිර ගිය පසුව ප්‍රතිකාර කිරීම තරමක් අපහසු බැවින් මුල් අදියරේදී ම ප්‍රතිකාර කිරීමෙන් පිළිකා තත්ත්වය වළක්වා ගත හැකි බව ඇය සඳහන් කළා ය.

අවදානම් සාධක මොනවා ද?

ගැහැනු සහ පිරිමි අතර සමාන ලෙස හඳුනාගත හැකි පිළිකාවක් ලෙස මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා හඳුනාගෙන ඇති අතර රෝගය ඇති වීමට හේතු මොනවා දැයි බීබීසි සිංහල සේවය වෛද්‍යවරියගෙන් විමසුවේ ය.

"අවදානම් සාධක කිහිපයක් තියෙනවා. පිළිකාකාරකවලට හෝ වෙනස් වීම්වලට නිරාවරණය වෙන කාලය වැඩි නිසා වයස්ගතවීමත් එක්ක [පිළිකාව] එනවා. මෙච්චර කල් කිව්වේ අවුරුදු 50න් පස්සේ මේ ගැන අවදානම වැඩි යි කියලා. නමුත් දැන් අවුරුදු 40,45 වගේ පහළට බැහැලා කියන එක තමයි කියවෙන්නේ."

නේවාසික රොගීන්ට ප්‍රණීත ආහාර වේලක්' ව්‍යාපෘතිය අරඹයි
තන්තු අඩු ආහාර ලබා ගැනීම, මානව පිළිකාකාර ලෙස හඳුනාගෙන ඇති හරක් මස්, ඌරු මස් වැනි රතු මස් මෙන් ම සොසේජස් වැනි සකසන ලද ආහාර ලබා ගැනීම ද මෙම පිළිකාවට ගොදුරු වීමේ අවදානම් සාධක ලෙස සැලකෙන බව වෛද්‍යවරිය පැවසුවා ය.

දුම් පානය, මත්පැන් පානය, අධික තරබාරුකම, ව්‍යායාම නොකිරීම, ක්‍රියාශීලී නොවීම, දියවැඩියාව, මහා අන්ත්‍රය ආශ්‍රිතව දිගු කාලීනව රෝග පැවතුණ පුද්ගලයින් ද අවදානම් පිරිස් ලෙස සැලකිය හැකි බව වෛද්‍යවරිය කියා සිටියා ය.

'රෝග ඉතිහාසයක් ඇති පවුල්වල සාමාජිකයින්ට අවදානම තුන් ගුණයක්'

එමෙන් ම මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා සම්බන්ධ ව පවුල් ඉතිහාසයක් ඇති අයට සමාන්‍ය පුද්ගලයින්ට වඩා මෙම පිළිකා වැළඳීමේ අවදානම තුන් ගුණයකින් වැඩි බව පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු අවධාරණය කරයි.

"පවුලේ කාට හරි තිබුණා නම් සමාන්‍ය කෙනෙකුට වැඩිය අවදානම තුන් ගුණයක් විතර වැඩි වෙනවා."

 

පුවත් - Results from #510

"පවුලේ කෙනෙකුට තිබුණා නම්, විශේෂයෙන් ම අවුරුදු 60 දී කාට හරි තිබුණා නම් ඊට වඩා අවුරුදු 10කට ඉස්සෙල්ලා එයාගේ පුතාලා, දුවලා වගේ අය මේ ගැන පරික්ෂා කරලා බලන්න ඕනේ."

කෑම බීම පාලනය දුම් පානය, මත්පැන් පානය නොකර සිටීම, තරුබරුකම පාලනය කරමින් ව්‍යායාමවල යෙදීම, හරහා මෙම රෝග වැළදීම වළක්වා ගත හැකි බව වෛද්‍යවරිය පැවසුවා ය.

එමෙන් ම, දියවැඩියා රෝගීන් එය නිසියාකාරව පාලනය කිරීම මගින් ද මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා සෑදීමේ අවදානම අඩු කර ගත හැකි බව හසරැලි ප්‍රනාන්දු වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.

| BBC සිංහල සේවය



 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්