leader s

මඳසරු භාවයෙන් දුක්විඳින යුවළ සඳහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවක් ස්ථාපිත කර ඇති බැවින් පුරුෂ පාර්ශ්වයට පැමිණ ශුක්‍රාණු ලබාදීමේ හැකියාවක් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසයි.


පසුගිය වසරේ අවසාන භාගයේ මෙම බැංකුව ස්ථාපිත කර ඇති අතර මෙය රජයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම ශුක්‍රාණු බැංකුව වේ. මෙහි ලීටර පනහක පමණ ශුක්‍රාණු තැන්පත් කිරීමට හැකියාව ඇත.

මෙම බැංකුව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කළ වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසුවේ, මෙය ආරම්භ කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මඳසරුභාවය නිසා දරුඵල නැති මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම බවයි.

1721911543 34863822

 

පසුගිය කාලයේ මෙරට උපත් අනුපාතය සීග්‍රයෙන් පහත බැස ඇති බැවින් මෙම කාර්යය සේවයක් ලෙස සලකා මෙම බැංකුවට පැමිණ ශුක්‍රාණු ප්‍රදානය කරන ලෙස වෛද්‍යවරයා පියවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙහිදී ශුක්‍රාණු ප්‍රදානය කරන තැනැත්තාගේ මෙන්ම ඒවා තැන්පත් කරන මව්පියන්ගේ රහස්‍යභාවය දැඩිව ආරක්ෂා කරන බවත්, පසුගිය කාලය තුළ මෙම බැංකුව ඉතා සාර්ථකව පවත්වාගෙන ගිය බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

 

59889089

ශුක්‍රාණු ප්‍රදානය කිරීමට කැමැති පියවරුන් ඒ සඳහා පරීක්ෂණ කිහිපයක් සඳහා යොමු විය යුතු වේ. ඒ අනුව ඔවුන් එච්.අයි.වී. සහ හෙපටයිටීස් වැනි රෝගවලට අදාළ පරීක්ෂණ කිහිපයකට භාජනය කරන අතර ඉන් සමත්වන පියවරුන් නැවත මාස තුනකට පසුව එම පරීක්ෂණ සඳහාම යොමු කෙරෙයි. අදාළ පරීක්ෂණවලින් පසු සුදුසුකම් සපුරන පියවරුන්ගෙන් පමණක් මෙම ශුක්‍රාණු ලබා ගන්නා බවද වෛද්‍ය අජිත් දන්තනාරායන කීය.

මේ සඳහා දායකත්වය ලබාදෙන ලෙස කාසල් කාන්තා රෝහල සියලු පියවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර 0112678599 සහ 0112672216 යන දුරකථන ඔස්සේ මෙම බැංකුව සමග සම්බන්ධ වීමේ හැකියාව පවතී.

aruna : ගයාත්‍රි ගීගනආරච්චි)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්