leader s

උපදේශනයට එන විවාහක කාන්තාවන්, පිරිමින් අතරින් වැඩි දෙනෙක් කියන කතාවක් තමයි මේක. විවාහය කියන්නේ දෙදෙනෙක් අලුත් ජීවිතයකට, අලුත් පරිසරයකට, අලුත් සමාජ තත්ත්වයකට පිය නැගීමක්. ඒ නිසාම කෙනෙකුගේ දෙවන උපත වශයෙන්ද  විවාහය පිළිබඳව සමහරුන් හඳුන්වනවා. 
     
විවාහයක් තුළින් දෙදෙනෙක් යොමු වන්නේ අලුත් භූමිකාවකට. අලුත් වගකීම්, අලුත් බලාපොරොත්තු මේ විදිහට තමන්ගේ ජීවිතේ ඒ දක්වා පැවති දේවල් විවාහයෙන් පස්සේ නැවුම් මුහුණුවරක් ගන්න පටන් ගන්නවා.
 
 
image 7
     
විවාහක යුවළක්  මොන විදිහේ විය යුතුද කියන එක ගැන සමාජය විසින් අපේ මනස් තුළට කාවද්දපු දේවල් තියෙනවා. ඒක තමයි අලුත් භූමිකාවක් කියන එකෙන් අදහස් කළේ. අපි ඒ භූමිකාව නිරූපණය කරන්නේ "සමාජ ඉගෙනුම් න්‍යාය" ට අනුවයි. මේ නිසා ආදරය කරන කාලයේදී හිටපු විදිහට වඩා වෙනස් වෙන්න යුවළකට ඉබේම සිදුවන්නේ සමාජය බලාපොරොත්තු වන භූමිකාවට මාරු වන්නට සිදුවීම නිසයි. මේක හරිහැටි  තේරුම් නොගත්තොත් "බැන්දට පස්සේ එයා වෙනස්වෙලා" කියන චෝදනාව දෙදෙනාම දෙදෙනාට කරන්න බැරිකමක් නෑ. අපි මේක තවත් පැහැදිලි කරගනිමු.  
ආදරය කරන්නේ පුද්ගලයෝ දෙන්නෙක්. විවාහ වෙන්නෙ පුද්ගලයෝ දෙන්නෙක් වුණාට ඒ උප සංස්කෘති දෙකක්. ඒ කියන්නේ පවුල් දෙකක් එකට සම්බන්ධ වීමක්. මේ පවුල් දෙකේ පසුබිම වෙනස්. සංස්කෘතික ලක්ෂණ වෙනස්. මේ වගේ තවත් බොහෝ වෙනස්කම් පවුල් දෙකක් තුළ පැවතිය හැකියි. වෙනස් පවුල් දෙකක් එකට එකතු වූ පසු විවාහක යුවළකට ඒ ඒ වෙනස්කම්වලට අනුගත වීමට සිදුවෙනවා. එවිට විවාහයට පෙර තිබූ ආදරය වැනි දේවල් ඒ විදිහටම පවත්වා ගන්න බැරිව ඒවා අභියෝගයට ලක්වෙනවා.
advantages and disadvantages of marriage     
විවාහයකින් පස්සේ  බිරිඳට සැමියාගෙනුත්, සැමියාට බිරිඳගෙනුත් නීතිමය වශයෙන් වශයෙන් ඥාතීන් වූ පිරිසක් ලැබෙනවා. මදර් ඉන් ලෝ, ෆාදර් ඉන් ලෝ, සිස්ටර් ඉන් ලෝ, බ්‍රදර් ඉන් ලෝ ආදී වශයෙන් හඳුන්වන්නේ ඒ අයයි. මෙවැනි නීතිමය ඥාතීන් සම්බන්ධ යුතුකම්, වගකීම්, බැඳීම් වැනි දේවල් ඉදිරියේත් විවාහයට පෙර යුවළක් අතර තිබූ සම්බන්ධතාවය විවිධාකාරයෙන් අභියෝගයට ලක් විය හැකියි. ඒ වගේම මේ නීතිමය ඥාතීන් තම පවුලට අලුතින් එක් වූ සාමාජිකයා හෝ සාමාජිකාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. (අපේ රටේ මේ තත්ත්වය කාන්තාවක සම්බන්ධයෙන් වැඩි වන අතර එහි හොඳකට වඩා පවතින්නේ නරකයි) මෙහිදී ද යුවළක් අතර පෙර තිබූ ආදරය, බැඳීම වැනි දේවල් අභියෝගයට ලක්වන්න පුළුවන්. මේ කාරණා මත විවාහයට පෙර සිටි පෙම්වතා හෝ පෙම්වතිය විවාහයට පසුව බිරිඳට සහ සැමියාට හමු නොවන්න පුළුවන්.  නමුත් ඉතා පැහැදිලිව එකක් කිව යුතුයි. දෙදෙනා විසින්ම ගොඩනගාගත් හොඳ පෞරුෂයක් තිබේ නම් එවිට මෙම නීතිමය ඥාතීන් ඉබේම වාගේ මේ අයට කිසියම් අවනත ස්වරූපයක්, ඔවුන් ඉදිියේ පසුබෑමක් දක්වන්නට තිබෙන ඉඩකඩ වැඩියි.  එවැනි තත්ත්වයකදී ඔවුන්ට බලපෑම් කරන්නට මේ නීතිමය ඥාතීන් ඉදිරිපත් වන්නේ නෑ. 
       
මේ කීවේ එක කාරණාවක් පමණයි. තවත් බොහෝ කාරණා මේ සම්බන්ධයෙන් කියන්නට තිබෙනවා.
 
Couple discussing domestic issues.
විවාහයට කලින් දෙදෙනෙක්  ආදරයට ප්‍රමුඛතාවය දුන්නත්, විවාහයෙන් පසුව පවුලේ කාරණාවලට දෙන ප්‍රමුඛතාවය වැඩි වෙනවා. ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍යමය පැත්තෙන් ඒ කියන්නේ කෑම බීම, ගෙවල් දොරවල් ආදී වශයෙන් එම මූලික අවශ්‍යතා සියල්ල තුළින්  තම අලුත්  පවුලට ආරක්ෂාවක් සලසා ගැනීම යන මේ කාරණාවලට පවුල් ජීවිතය තුළ ප්‍රධාන තැනක් හිමි වෙනවා. ආදරයට වඩා මේ කාරණාවලට ප්‍රමුඛ තැනක් හිමි වෙනකොට එම යුවළගේ හැසිරීම් පෙම්වතුන් විදිහට හිටපු කාලෙට වඩා වෙනස් ස්වරූපයක් පළ කරනවා. ආදරය ගැන කතා කරන්න, ආදරය  සන්නිවේදනය කරගන්න දෙදෙනා තුළම උනන්දුව හීන වී ගොස් නිතරම පවුලේ අඩුපාඩු, ප්‍රශ්න ආදිය ගැන කතා කරන්නට පෙළඹෙනවා. ආදරය හිත යට තියෙනවා. නමුත් හිත යට තිබුණට වැඩක් නෑ ප්‍රකාශ කරගන්නේ නැත්නම්. පවුල කියන්නේ අලුත් ඒකකයක්. මේ ඒකකය තුළ අනාගත ඉලක්ක ආදිය තිබිය යුතුයි. මේ විදිහට අලුත් පවුලට ඍජුව බලපාන දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු වුණාම හැඟීම් සහ හැසිරීම්වලින් ආදරය ප්‍රකාශ කිරීමේ අඩුවක් ඇතිවිය හැකියි. එවිටත් විවාහ වුණාට පස්සේ ආදරය අඩු වුණා වගේ දෙදෙනාටම දැනෙන්න පුළුවන්. 
 මේ කතා කළේ බාහිර ව බලපාන සාධක ගැන. එසේම මේ තත්වයට බලපාන පුද්ගල සාධකත් තිබෙනවා. 
 
 
couple overdrawn 56a634985f9b58b7d0e06740
විවාහයෙන් පස්සේ ඕනෑම කෙනෙකු පුද්ගලයකු ලෙස සංවර්ධනය විය යුතුයි. Personal development කියන්නේ ඒකට. දෙදෙනා එක්ව දියුණුව ගැන හිතනවා වගේම දෙදෙනා තනි තනිවමත් පුද්ගල දියුණුව ගැන හිතන එක දැන් බොහෝ විට දකින්නට ලැබෙනවා. උදාහරණ විදිහට තවදුරටත් උසස් අධ්‍යාපනය පැත්තට යොමු වීම, රැකියාවේ උසස්වීම් වෙනුවෙන් විවිධ විභාගවලට යොමු වීම ආදිය දක්වන්න පුළුවන්. මෙහි වරදක් දැකිය නොහැකි මුත් දෙදෙනා අතර ආදරයට මෙයින් ඍජුවම බලපෑම් ඇති වෙනවා. 
ආදරය  අඩුවෙනවා කියන්නේ චිත්තවේගීය සම්බන්ධතාවය, එනම් හැඟීම්වලින් පවතින සම්බන්ධතාවය අඩුවීමයි. නමුත් විවාහයෙන් පසුව මෙම නියම චිත්තවේගීය සම්බන්ධතාවය වර්ධනය විය යුතුයි. ඉහත කී හේතූන් ද චිත්තවේගීය සම්බන්ධතාවට බලපෑම් ඇති කරනවා. ඒ වගේම "මම කැමති විදිහට එයා ඉන්න ඕනේ" කියල අදහසක් දෙන්නගෙන් කවුරු තුළ හෝ ඇති වුණොත් එයින් ද  චිත්තවේගී සම්බන්ධතාවට බරපතළ ලෙස හානි ඇතිවෙන්න පුළුවන්. 
     
ඊට අමතරව මනෝ විද්‍යාත්මකව ඇතිවිය හැකි තවත් හානිකර දෙයක් තමයි ආකර්ෂණය අඩු වීම. මෙය විශේෂයෙන් විස්තර කළ යුතු දෙයක්. 
     
ඕනෑම සම්බන්ධයක් ඇතිවීමට මුලින්ම බලපාන්නේ ආකර්ෂණය. සමහරු මේ ආකර්ෂණය ආදරය ලෙසින් වරදවා වටහා ගන්නවා. ඒකෙ වරදක් නෑ. නමුත් ඒ විදිහට ඇතිවන බැඳීමක තියෙන්නේ ආකර්ෂණය විතරක් නම් ආකර්ෂණය නැති වුණු ගමන් බැඳීමත් නැති වෙලා යනවා.
 
signs of unspoken mutual attraction between two people
යම්කිසි කෙනෙක් කෙරෙහි ආදරය ඇති වීම අපේ හිතේ හට ගන්නෙ දෙවතාවකට. පළවෙනි එක  ආකර්ෂණය. ඊළඟට ඒ ආකර්ෂණය නිසා ඇතිවන බැඳීම තුළින් දෙදෙනා දෙදෙනාව අවබෝධ කර ගැනීමෙන් පසු ඇතිවන ආදරය. එහිදී තමයි ආදරය ස්ථාවරත්වයට පත් වන්නෙ. ආකර්ෂණයෙන් පසු මෙම දෙවැනි තත්ත්වයට යම් යම්කිසි යුවළක් ගියොත් ඒ බැඳීම ආකර්ෂණය නැති වුණු පසුවත් දිගින් දිගට පවතිනවා. ආකර්ෂණය කියන්නේ එන්න එන්න අඩුවෙන දෙයක්. නමුත් අන්‍යෝන්‍ය අවබෝධය තුළින් ඇතිවන බැඳීම එන්න එන්න වර්ධනය වීම සිදුවෙනවා. ඒ කියන්නෙ ස්ථාවත්වයට පත් වීමයි.
මේ ගැන තවත් තොරතුරු ලබන සතියේ කතා කරමු.
 
උපදෙස්:
ප්‍රවීන මනෝ චිකිත්සක ආචාර්ය සුරංග අමරකෝන්
 
සටහන : ඉන්දු පෙරේරා 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්