leader s

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ  (26) අනාවරණය කළේය.

වෛද්‍යවරු පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතයට බහුලව නැඹුරුවීම තුළ මාපිය දූ දරු සම්බන්ධතා අඩුවීම මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතුව විය හැකි බවයි.

අවුරුදු 10ත් 19ත් අතර වයස් කාණ්ඩය නව යෞවන විය ලෙස හැඳින්වේ.

මිලියන 22ක මෙරට ජනගහණයෙන් 3.5ක්ම එම කාණ්ඩයට අයත්.

 

මෙම කාලය තුළ දරුවෙකුගේ කායික මානසික හා සමාජීය චර්යාවල ශීඝ්‍ර වෙනස්කම් සිදුවන අතර, ඒ හේතුවෙන් මෙම අවධිය පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව වෛද්‍යවරුන් පවසයි.

'ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණය' 2024

නව යොවුන් වියේ පාසල් සිසුන්ගේ චර්යා පිළිබඳ දත්ත ලබාගැනීමේ අරමුණින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය 'ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණය' 2024 වසරේදීත් පවත්වා තිබුණි.

ඒ වයස අවුරුදු 13ත් 17ත් අතර පාසල් සිසුන් 2585 දෙනෙකුගේ සහභාගීත්වයෙන්.

මීට පෙර මෙම සමීක්ෂණය පවත්වා තිබුණේ 2016 වසරේදී.

 


මෙවර සමීක්ෂණයේදී දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණ කරගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.

ඒ අනුව,

* එම සිසුන්ගෙන් 21.4%ක් අඩු බර සහිත වූවන් ලෙසත්, 12.1%ක් අධි බරින් යුක්ත බවත්, 3%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බවත් හඳුනාගෙන තිබේ.

* සිය නිවෙස් තුළ ආහාර හිඟකම නිසා සිසුන් 4.3%ක් උදෑසන ආහාරවේල නිතර කුසගින්නේ ගෙවාදමන බවත් හෙළි වී ඇත.

 

තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවී ඇත්තේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමේදීය. ඒ අනුව පසුගිය වසර තුළ මෙම සිසුන් අතරින් 22.4%ක පිරිසකට සෑම විටම හෝ බොහෝවිට ඉතා තදින් තනිකමක් දැනී ඇති බව අනාවරණ වී තිබේ.

6 හැවිරිදි ගැහැනු දරුවන් ඔසප් වන්නේ ඇයි සහ ඔවුන්ට වැඩිහිටි පෙනුමක් ලැබෙන්නේ  ඇයි?

 

තවත් 7.5%කට සමීප යහළුවන් නොමැති බවත් වාර්තාවල සඳහන්.

* Depression හෙවත් විෂාධය ගති ලක්ෂණ ඇති සිසුන් ගණන 18%ක්.

ඒ අනුව පසුගිය වසර තුළ සිසුන් 15.4%ක් දිවි නසාගැනීමට තදින්ම පෙළඹී ඇති බවත්, 9.6%ක් දිවි නසාගන්නේ කෙසේද යන්න සැලසුම් කර ඇති බවත් මින් හෙළිවී තිබීම අතිශය අවදානම් තත්ත්වයක් බව වෛද්‍යවරුන් පෙන්වා දේ.

iStock 000020631102 Large

 

* මේ අතර සමීක්ෂණයට ලක්වූ සිසුන්ගෙන් 5.7%ක් දුම්පානය කරන බවත් 5.3%ක් මත්පැන් පානය කරන බවත් හඳුනාගෙන ඇත. 


එය 2016ට සාපේක්ෂව සංඛ්‍යාත්මකව ඉහළ යාමකි.

* එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය ද වැඩි වී ඇති බවත් සිසුන්ගෙන් 3.2ක් ගංජා භාවිත කරන බවත් හඳුනාගෙන තිබේ.

* පසුගිය මාසයේ ලද දත්ත අනුව ගංජා භාවිත කර ඇති සිසුන් ගණන 2.1ක්.
 
මේ අතර පාසල් සිසුන්ගෙන් 63%ක් පාසල් දිනවලදී නිදා ගන්නේ පැය 8කට වඩා අඩුවෙන් බවත් හඳුනාගෙන තිබේ. නින්ද අත්‍යවශ්‍ය සාධකයක් බැවින් මෙය ගැටලු සහගත තත්ත්වයකි.
මාලිමාව පොරොන්දු වුන ආණ්ඩු පාලනයේ “පාරදෘශ්‍ය භාවයට” එහා යන වගකීමක් | කුසල්  පෙරේරා
 
* එමෙන්ම දරුවන්ගෙන් 28.4%ක් දිනකට පැය තුනකට අධික කාලයක් අධ්‍යාපනික නොවන කාරණ සඳහා ජංගම දුරකථන හරහා අන්තර්ජාල හෝ සමාජ මාධ්‍ය භාවිතයේ යෙදෙන බවත් හෙළි වී ඇත.

මේ අනුව සිය දරුවන්ගේ හැසිරීම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස වෛද්‍යවරු මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.
 
sdjg

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්