leader s

විෂාදය ලෙස ඔබ හඳුනාගෙන සිටින්නේ කුමන මානසික තත්වයක් ද? ඔබ දන්නා කිසිවකු විෂාදයෙන් පෙළෙනු ඔබ දැක තිබේ ද? ඔබෙන් ඔහු හෝ ඇය වෙනස් වන්නේ කුමන ලක්ෂණ වලින් ද?

 

ලෝක ජනගහනය ගත් කල  සෑම දසදෙනෙකුගෙන්ම එක අයෙක් කිසියම් මානසික රෝගයකින් පෙලෙන බව ඔබ දන්නව ද? මෙම මානසික රෝග අතරින් විෂාදය ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර මෙය මානසික අවපීඩනය ලෙසද හඳුන්වයි. අප මනස තුල ඇතිවන කලකිරීම් ස්වභාවයන් සහ අතෘප්තිකර තත්වයන් මෙම රෝගයට හේතු පාදක වේ. 

 

යම් කිසි පුද්ගලයකු කලකිරුණු ස්වභාවයකින් අන් අයගේ ඇසුරින් ඈත් වී තනිවී හුදකලාව කල්පනා කරමින් , සති දෙකකට වඩා කාලයක් ගත කරයි නම්, ඔහු විෂාදයෙන් පෙළෙන්නෙකු විය හැකිය. මෙහි භයානකම ප්‍රතිපලය වන්නේ නිසි ප්‍රතිකාර නොලැබුවහොත් ඔහු තදබල කලකිරීම හේතුකොට ගෙන සිය දිවි නසා ගැනීම හෝ සිය දිවි නසා ගැනීමට තැත් කිරීමයි.

 

යම් කිසි පුද්ගලයකු දුක, බලපොරොත්තු සුන්ව, තම එදිනෙදා ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දු නොවී හිතේ සතුටක් නැතිව කලකිරුණු මානසිකත්වයකින් සිටි නම් එවන් ලක්ෂණ සහිත පුද්ගලයකු විෂාද ලක්ෂණ වලින් යුතු පුද්ගලයකු ලෙස හැඳින්විය හැකිය. සාමාන්‍ය මනොභාවයෙන් ඔබ්බට ගිය දෛනික ජිවිතයට බලපෑම් කරන තත්වයක් ලෙස විෂාදය ගත හැකිය.  එනම් කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි.

මෙහිදී විෂාද ලක්ෂණ මානසික කායික ලෙස වර්ග කිරීම් දෙකකට පත් වේ. බොහෝ විට විෂාද රෝගීන්ගෙන් මතුවන්නේ කායික ලක්ෂණයි.

 

විෂාදයේ කායික ලක්ෂණ

 

  • අක්‍රමවත් නින්ද යාම

නින්ද බොහෝවිට අඩුය. (insomnia) අවදි විය යුතු වෙලාවට පෙර අවදිවීම, හිමිදිරියේ ඉබේම අවදි වන ගතියක් ඇති වේ. මෙම කාලසීමාවේදී (mood) එක ඉතාම පහල මට්ටම ඇතිවේ. මේ හේතුව නිසාම සියදිවි නසා ගැනීම් තත්ත්ව ඇතිවේ. නින්ද වැඩි වන අවස්ථා ද ( hypersomnia)

 

  • කෑම අරුචිය

අහාර රුහිය අඩුවේ. කෑම වල රසක් ගුණක් නොදැනේ. කෑමෙන් අනික් පුද්ගලයින් සේ වින්දනයක් නොලබයි. බර වැඩිවීමක් නැත. බර අඩුවීම සමහ ආහාර රුචිය අඩුවේ.

 

  • කතාව

කතාව අඩු වේ. සුමට වේ. කලාතුරකින් සම්පුර්ණයෙන් කතාව නැවතිමටද ඉඩ ඇත. තමන්ගේ අපහසුකම් විදහා දැක්වීමට වැඩිපුර කතාවේ යෙදෙන අවස්ථා දක්නට ලැබේ.(agitation)

 

  • ක්‍රියාශීලි බව සහ ශක්තිය

ක්‍රියාශීලි බව සහ ශක්තිය අඩුවේ. විටෙක ක්‍රියාශීලිත්වය සම්පුර්ණයෙන්ම නැවතී පිළිමයක් සේ නිශ්චල තත්වයට පත්වේ. එය depressive stupor නමින් හැඳින්වේ.

 low sex drive in men causes treatments

  • ලිංගික හැඟීම් උත්ත්දිපනය අඩුවේ

ලිංගික ක්‍රියාවන්ට ඇති ඇල්ම සහ ශක්‍යතාවය අඩුවේ. පිරිමි පක්ෂයේ ලිංගික අප්‍රාණික බවට ද හේතුවක් වේ.

 

මානසික රෝග ලක්ෂණ

 

විෂාද මනෝ භාවයන් මෙම පුද්ගලයින්ගෙන් දක්නට ලැබෙන අතර විෂාද මනෝභාවයක් යනු මානසිකව කලකිරීමට පත්වීමයි. දුක්සහගත බව, අසරණ බවක් දැනීම බලාපොරොත්තු රහිත බව එම විෂාද ලක්ෂණ වේ.

 

  • සෑම දෙයක් පිළිබඳවම අශුබවාදී (pessimistic) දෘෂ්ටියකින් බැලීම. 

ඕනිවට වඩා තමාට ඉටු කර ගත නොහැකිවූ දේ ගැන සිතීම. කතා කිරීම, නොදනිම්, අසාර්ථක වීම් , අසමත්වීම් පිළිබඳව මතක් කර මින් දුක් වීම, කලකිරීම වැනි දෑ ඉස්මතු වේ. ධනාත්මක සහ සාර්ථක වූ දේ අමතක ව යයි. සෘණාත්මක බව වැඩිවේ.

  • දුකට පත්වීමේ මානසික ස්වභාවය ප්‍රබල හෙවත් උග්‍ර මෙන්ම දිගින් දිගටම අඛණ්ඩව පවතින බවක් විද්‍යමාන කරයි නම් එය ප්‍රබල විෂාද මනෝභාවයන් සහිත තත්වයකි.
  • ආත්මශක්තිය හීන වේ.( Low self steam)

තමන් ගැන ඇති ආත්මශක්තිය, තමන්ට ඈති ආදරය සහ ගෞරවය සිතින් අයින්ව යයි.

  • මනෝභාවය (mood) පහතට වැටේ.

පෙර සතුටක් ලැබූ සෑම දෙයක්ම එපා වී යයි. කලකිරෙයි.. තනිවී කල්පනා කරමින් සිටීමට ඇල්මක් දක්වයි.. මුහුණේ සතුට නැතිවී ගොස් කනස්සලු ස්වභාවයෙන් සිටි.

  • Anhedonia යනුවෙන් හඳුන්වනු ලබනුයේ ප්‍රධාන විෂාද අක්‍රමතා තත්වයකි.මේ තත්වයට පත්වූ පුද්ගලයින් ඔවුන් සාමාන්‍යයෙන් යෙදෙන ,අසාවෙන් කරන ක්‍රියාකාරකම් වලට ඇති උනන්දුව පහව යයි. එදිනෙදා කටයුතු කෙරෙහි ඇල්මක් නැති වෙයි. ජිවත් වීමට ආශාවක් කැමැත්තක් නොදක්වයි, එදිනෙදා කටයුතු වලින් සතුටක් නොලබයි.
  • ආත්ම ශක්තිය බිඳ වැටීමක් සිදුවේ.

තමන් ගැන දුර්වල විශ්වාසයක් සහිතව ජිවත් වේ. කිසිදු දෙයක් කිරීමට තමන්ට ශක්තියක් නැති බව විශ්වාස කරයි. තමන් ගැන ආත්ම විශ්වාසය නැති වේ.

මෙම ලක්ෂණ විෂාදයේ ප්‍රධාන ලක්ෂණ වේ.

 

මෙම රෝග තත්වය ඇතිවීමට බලපාන ජීව විද්‍යාත්මක හේතු 

 

මොලයේ රසායනික ක්‍රියාකාරිත්වයේ ඇති වන විවිධ වෙනස්කම්. මොලයේ සහ ශරීරයේ ඇතිවන ව්‍යධිමය තත්වයන්.

අපේ මොලයේ සෛල වලින් නිකුත් වන රසායනික ද්‍රව්‍යයක් තමා සෙරටොනින් කියන්නේ. ඒ හරහා මොලයේ සෛල තමන්ගේ හැගීම් හුවමාරු කර ගනී. අපිට සතුටුදායක හැගීම් සිතට පැමිණෙන්නේ මෙම රසායනික ද්‍රව්‍ය හරහාය. මෙම තත්වය සුළු, මධ්‍යම සහ බරපතල ලෙස වර්ග කිරීමට හැකිය.

 

GettyImages 106452108web 56bb663b5f9b5829f847b166

 

මොහු සාමාන්‍ය තත්වයෙන් සිටියත් යම් ප්‍රමාණයකට කනස්සල්ලෙන් සිටිනු දැකිය හැකියි. නමුත් එය අන් අයට නොපෙන්වා සතුටින් සිටින බවට පෙන්නුම් කරයි. මෙහි බරපතල බව වන්නේ මොවුන් ජිවිතයට හානියක් කර ගන්නා තෙක් අනික් පිරිසට මෙය නොදැනිමයි. වයස 13- 15 අතර දරුවන්ගෙන් 10න් එක් අයකු විෂාදයෙන් පෙලෙන බව මේ වන විට පර්යේෂණයන්ගෙන් තහවුරු වී තිබෙනවා.

 

මනෝ විශේෂඥයන්ට අනුව මෙම රෝගී තත්වයන් ඇති වන්නේ බොහෝ විට අන්තර්වර්ති පෞර්ෂයක් ඇති එනම් සංවේදී පුද්ගලයින්ට වේ. මෙහිදී ලක්ෂණය වන්නේ සෑම දෙයක් පිළිබඳව ම අනවශ්‍යකාරයෙන් සිතමින් කල්ගත කිරීමයි. දැනට ලොව මිලියන 322 කට ආසන්න පිරිසක් විෂාදයට ගොදුරු වීමේ අවධානමට මුහුණ දෙමින් සිටිනවා.

 

මානසික අවපිඩනයේදී සමාජ මුහුණුවර සහ වෛද්‍ය මුහුණුවර යනුවෙන් කොටස් දෙකක් දැකිය හැකිය. එය සමාජයට බලපාන්නේ කෙසේද ? සමාජයේදී මෙවැනි පුද්ගලයකුගේ හැසිරීම කෙසේද සහ වෛද්‍ය විද්‍යාත්මකව රෝගය ට හේතුකාරක සොයා ප්‍රතිකාර ලබා දීම හෙවත් වෙදකම සහ හෙදකම යන අංශයන් ය.

 

ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේදී විෂාදය ප්‍රධාන මානසික රෝගයක් ලෙස සලකන අතර කෙතරම් දුරට ව්‍යාප්තව ඇත්දැයි කියහොත් "මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාව ලෙස හඳුන්වයි. විෂාදය අඳුරු මීදුමක් වැනිය. දිගින් දිගටම පවතින ආතතිකාරක සිදුවීම් දික්කසාදය , දරු ප්‍රසුතියකින් පසු ඇතිවන විෂාදය , දැඩි කායික වෙනස්වීම් ,පුද්ගලයා නිෂ්ක්‍රිය කරවන අශුභවාදී සිතුවිලි ආදිය එයට හේතු විය හැක.  මෙය දුක පදනම් කර ගත රෝගයක් වන අතර , දිගුකාලිනව පසුවන මානසික අවපීඩන තත්වයකි. විෂාද රෝග තත්වයට ආවේණික ලක්ෂණයක් නම් එම රෝග ලක්ෂණ ඇතිවී ක්‍රියාත්මක වූ විට ඒවා සති ගණනක් හෝ මාස ගණනාවක් හෝ එක දිගට නැවත නැවත සිදුවීමයි.

සරලව තේරුම් ගැනීම සඳහා විෂාදයේ ලක්ෂණ වර්ග 4 කට බෙදා තිබේ .

1. කායික

2.ආවේණික

3. ප්‍රජානන හෙවත් බුද්ධිය

4. චර්යාමය යනුවෙනි.

 

කිසියම් පුද්ගලයකු කෙතෙක් දුරට විශාදයෙන් පෙලෙන්නේද යන්න හරි හැටි නිශ්චය කල හැකි වන්නේ ඔවුන්ට දැනෙන හැඟීම්වල ප්‍රමාණය නිරීක්ෂණය කිරීමෙනි.මානසික වෛද්‍ය විශේඥ Stephen Buckley ට අනුව " අපි හැමෝම ජිවිතයේ ඇතැම් අවස්ථාවල දුක් වෙනවා.ඒක සාමාන්‍ය දෙයක්. නමුත් විෂාදයෙන් පසුවන්නන් දීර්ඝ කාලයක් දුකින් පසුවේ. එය ඔවුන්ගේ එදිනෙදා ජිවිතයට තදින් බලපෑමක් ඇති කරයි. තනිකම කාන්සිය ඇති වන්නේ ඒ සමගය.

 

දීර්ඝ කාලිනව විෂාදයෙන් පෙලෙන්නෙකුට සතුටින් කල් ගෙවීමේ අවස්තාව අහිමිවීම මෙන්ම රෝගාතුර වීමට පෙර තමන් ආශා කල විනෝදාංශ පවා එපා වීමේ ස්වභාවයක් ඇතිවීම, ශරීරයේ ශක්තිය හිනාවී ඇති හැගීම් පහලවිමද සිදුවේ.

 

කිසියම් පුද්ගලයකු කාංසා (Anxiety) තත්වයෙන් හෝ විශාදයෙන් පෙලෙන බව දැනුන හොත් හෝ හැසිරීමෙහි වෙනසක් දැනේ නම් වහාම තමන්ට විශ්වාසවන්ත අයකුට පැවසිය යුතුය.මේ තත්වය සති 2කකට වඩා පැවතීම අහිතකරය. සංවර්ධිත රටවලට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවල විෂාදයට හේතුවන සාධක වැඩිය. නිදසුනක් ලෙස ප්‍රවාහනය වැනි සේවාවකදී ප්‍රමාධය තදබදය , කලට වෙලාවට රැකියාවට යාමට නොහැකිවීම, වාහන දුම පවා අප වෙහෙසට පත් කරවයි.ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබීම, නිවාස පහසුකම් නොමැති වීම , අධ්‍යාපනය ලබන දරුවන්ට ඉඩකඩ විදුලිය , ජලය, පාසලක් නොමැතිවීම මානසික අවපිඩනයට හේතු සාධක වේ.

අප රටේ මෙවැනි ගැටළු විරෝධතා නැගීම් නිතර දක්නට ලැබේ. සමහරුන්ගේ මතය අනුව ආතතිය ඇති වන්නේ විඳ දරා ගැනීමට අපහසු පුද්ගලයන්ටය. නමුත් මෙම මතය නිවැරදි නොවේ. දීර්ඝ කාලින බලාපොරොත්තු බිඳ වැටීම , අහිතකර පරිසරය හෝ ජානමය හේතු විෂාදයට හේතුවනු ලැබේ.

 

විෂාදයේ ප්‍රබේද:

 

විෂාදයේ ප්‍රභේද පිළිබඳව විස්තර කිරීමේදී අන්තර්ජාතික රෝග පිළිබඳ වර්ගීකරණයට (ICD) අනුව විෂාදය යනු Mental Disorders- මනෝභාව අක්‍රමතා යටතේ විස්තර වන රෝගයකි. ඉහත සඳහන් විෂාදයේ ප්‍රභේදයන් මනෝ පර්‍යේක්ෂකයින්ට අනුව විෂාදය ස්ථර 4ක් යටතේ බෙදා වෙන් කළ හැක.

 

1.Normal Emotion- සාමන්‍ය හැඟීමක් ලෙස

2.Symptom - වෙනත් රෝගයක ලක්ෂණයක් ලෙස

3. Disease- රෝගයක් ලෙස

4. උග්‍ර විශාදය

 

ජීවිතයේ එදිනෙදා කටයුතු සිදු කරගෙන යෑමේදී ඇති වන ගැටලුකාරි දීර්ඝ කාලයක් තුළ පවතින දුක්මුසු ස්වභාවය.(Prolonged & persistent state of sadness with interferences with daily activities).

 

විෂාදයට බොහො විට හේතුපාදක වන්නේ මූලික අවස්තාවේ ඇතිවන Stress හෙවත් මානසික ආතතියයි. එමෙන්ම ශරීරයේ ඇතිවන හෝර්මෝන අසමතුලිතතාද මෙයට හේතු වේ.

ජීවිතයේ සිදුවන ක්ෂණික සිදුවීමක් හේතු කොට ගෙන සුලු විශාදය තත්වය ඇති විය හැකිය. නිදසුන්: තම පවුලේ කෙනෙකුගේ වෙන්වීම, මරණය ,තමා දැඩිව ආදරය කරන දෙයක් අහිමිවීම, බලාපොරොත්තු කඩවීම්. මෙම තත්වය මනෝ උපදේශනය ට ලක් කිරීමෙන් සුව කර ගත හැක. සාමන්‍ය විෂාදයට මෙන්ම උග්‍ර විෂාදයටද මනෝ උපදේශන ප්‍රතිකාර අනිවාර්‍යෙන්ම ගත යුතුය.

 

උග්‍ර විෂාදය:

 

විෂාදයේ ප්‍රභේද අතර දරුණුම සහ භයානකම තත්වය මෙයයි. මෙම තත්වය ඇතිවීමට කායික විද්‍යත්මක හේතුන් රාශියක් හේතුවෙ. විෂාදය ඇති වීමට බලපාන හෝමෝන ශරීර අභ්‍යන්තරයේ අධික ලෙස නිෂ්පාදනය වීම එනම් කෝටිසෝල් (cortisol) හෝමෝනය නිෂ්පාදනය මීට ඉවහල් වේ.

 

මෙම අවස්තාවේ ඇතිවන රෝග ලක්ෂණ

1. තෙහෙට්ටුව

bel homme affaires travaillant au bureau 1

2.අධිකව ඇතිවන දුක වේදනාව

3.ශරීරය අප්‍රාණික වීම

4. නින්ද අඩුකම

5.කෑම අරුචිය

6.සුලු දේටත් ඇතිවන දැඩි කෝපය

7.අධික කාන්සා ගතිය

8. සිය දිවි නසා ගැනීමට සිතීම.

 

nicotine addiction

මෙහි අවසාන භයානකම ප්‍රතිඵලය වන්නේ මෙම රෝගියා සියදිවි නසා ගැනීමයි. රෝගියා මෙම අවස්තාවේදී ජීවන යථාර්තයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී කටයුතු කිරීම දක්නට ලැබේ.එලෙසම මොවුන් අධික ලෙස මත්ද්‍රව්‍ය, දුම් වැටි වලට ඇබ්බැහි වීම ද විශේෂ ලක්ෂණයකි.මෙම ඇබ්බැහි වීමට හේතුව වන්නෙ ඔවුන්ගේ ශරීරයේ සහ මනසේ ඇතිවන වේදනාව හේතු කොටගෙනය.

මොවුන්ගේ පොදු ලක්ෂණයක් වන්නේ සමාජයේ අන් සියලුම දෙනා තමන්ගේ කටයුතු දෙස විමසිල්ලෙන් සිටින බව සිතීමය. නිතරම අන් අය කෙරෙහි සැකයෙන් බලන අතර තමන් අනුන්ගේ විවෙචනයට බඳුන් වෙතැයි මොවුන් සිතති. එමෙන්ම මොවුන් ලෝකය දෙස බලන ආකරයද වෙනස් වන අතර සෑම විටකම සෑම දෙයක්ම සර්ව සම්පූර්ණව සිදුවිය යුතු යැයි සිතති. මොවුන් බොහෝ විට Anexiety එනම් කාංසාවෙන් පෙලේ.

 

වරක් සෙලීනා ගෝමස් නම් විෂාදයෙන් පෙළුණු සුප්‍රසිද්ධ නිළිය පැවසුවේ " මට අවශ්‍ය සෑම දෙයම තිබුණත් මම සම්පූර්ණයෙන්ම ඇතුලාන්තයෙන් කඩා වැටිලයි සිටියෙ " ලෙසය. බොහෝ දෙනෙක් සිතනුයේ විෂාදය ඇති වන්නේ අධික ලෙස සංවේදී, යමක් විඳ දරා ගැනීමට අපහසු පුද්ගලයන්ටය. නමුත් එය වැරදි මතයක් වන අතර දීර්ඝකාලීන ව සිතේ ඇතිවන මානසික ඝට්ටනයන් සහ ජානමය හේතු විෂාදය ඇතිවීමට හේතු විය හැකිය.

 

"මනෝ පුබ්බංගමා ධම්මා ,මනෝ සෙට්ඨා මනෝමයා " "සියලුම මිනිස් ක්‍රියාකාරකම් මනස පදනම් කරගෙන පවතී යන ලෝකයේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වූ බුදුන්වහන්සේගේ බුදු වදන් මෙම රෝගී තත්වය හා ප්‍රතිපල සමග හොදින් ගැලපේ.වෛද්‍ය ප්‍රතිකාර වලින් ශාරීරික ආබාධ සුවපත් කරන්නා සේම මනසද සුවපත් කල යුත්තේ එබැවිනි.

 

 115575059 gettyimages 1260684114

පසුගිය දශක 5 පුරා විවිධ සංකීර්ණ හේතු නිසා ලොව පුරා මානසික අවපීඩන තත්වය සීග්‍රයෙන් වැඩිවී තිබෙන අතර ,ජිවිත කාලය තුලදී ඇතිවන අසනීප අතුරින් තුන්වන ස්ථානයේ පසුවන අසනීප තත්වයකි. මෙම සංකීර්ණ හේතු ලෙස යුධමය තත්වයන් නිසා සමාජයේ විවිධ ජන කොට්ඨාසයන් තුල ඇතිවන අවුල් සහගත තත්වයන් , පශ්චාත් යුධ සමයේදී එම රටවල ඇතිවූ සමාජීය ප්‍රශ්න ,තාක්ෂණික දියුණුව තාක්ෂණික මෙවලම් ආශ්‍රයෙන් ඇතිවූ සමාජීය ප්‍රශ්න ලොව පුරා දිනෙන් දින පැතිර යන තරුණ ප්‍රශ්න, අපගමනය හා සිසු , ගැටුම් මත්ද්‍රව්‍ය භාවිතයන්, දේශපාලනික ගැටුම් , ස්වභාවික ආපදා අන් කවරදාටත් වඩා පෘතුවිය කෙරෙහි බලපෑම ,වසංගත හා වසංගත නොවන රෝග පැතිර යාම ප්‍රධාන හේතු ලෙස සැලකිය හැක.

විෂාද රෝගය පිළිබඳව හැඳින්වීමේදී , ලෝක ජනගහණයෙන් කොපමන් ප්‍රමාණයක් වයස් බේදයකින් තොරව විෂාදයට ගොදුරු වී ඇත්දැයි සංඛ්‍යාත්මකව විමසා බැලුමෙන් රෝගයෙන් සිදුවන සමාජ බලපෑම යම් ස්වභාවයකට අපට අවබෝධ කර ගත හැකිය. "අප්‍රේල් 7 වනදා ලෝක සෞඛ්‍ය දිනය වන අතර 2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වුයේ විෂාදයයි. එයට හේතුව විෂාද රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වීමයි.

 

depression gq 7aug18 istock b

 

ලෝක ජනගහණයෙන් 320 මිලියනක් මානසික අවපිඩනයෙන් පිඩා විඳින අතර, ප්‍රතිශතයක් ලෙස 2015 වසර දක්වා මේ ප්‍රමාණය 18% කින් ඉහල ගොස් ඇත. මානසික අවපීඩනයෙන් පෙළෙන පිරිම්න්ගෙන් 4.8 % ක්ද ,කාන්තාවන්ගෙන් 8.1% ද ලොව පුරා මෙම ආබාධයට ලක්වේ. ජිවිත කාලය තුල සෑම දස දෙනෙකුගෙන්ම එක් අයෙකු මෙම රෝගයට ගොදුරු වීමට ඉඩකඩ ඇත. මානසික රෝගය සුලභ රෝගයක් වුවත් ,ඒ පිරිසව සමාජයේදී පැහැදිලිව දැකගත නොහැක.මෙයට ද හේතු කිහිපයකි. ප්‍රධාන හේතුව රෝගය හඳුනා නොගැනීමයි. අපේ රටේ ජනතාව පුද්ගලයකු දෙස මානසික පැත්තෙන් බැලීමට පුරුදු වී නොතිබීම මෙයට හේතුවයි. 

 

ව්‍යාපාරයක් හෝ ළමයකුගේ අධ්‍යාපන කටයුතු පසුබෑමට ලක්වන විට අපලයක් පල දී ඇතැයි නොසලකා හැරීමට මිිනිසුන් පුරුදු වී ඇත. " අම්මා ළමයි දෙන්නව කැළණි ගඟට දාලා " ඒ ගෑනිත් පැනලා . මිනිසුන් කට්ටියක් අම්මව බේරාගෙන .අපට එදිනෙදා ජීවිතයේදී දහසක් මෙවැනි පුවත් අසන්නට ලැබේ. මෙවැනි සමාජීය ප්‍රශ්න පිටුපස ඇති මානසික තත්වය විමසා බැලුවහොත් බොහෝ විට විෂාදය බලපා ඇති බව පෙනේ.ජීවිතය ලැබී ඇත්තේ විඳින්නට මිස විඳවන්නට නොව. ප්‍රශ්න හා ගැටළු ජිවිතයේ කොටසකි. විෂාදය වැළඳුනු කෙනෙකුට මෙම තත්වය තේරුම් ගැනීම අපහසුය.

 

image 207725ea2b

 

විශේෂයෙන් පෙරදිග රටවල මානසික රෝග වලට මිත්‍යා මත සම්බන්ධ කරගෙන යකුන් ප්‍රේතයින් වැනි අමනුෂ්යින්ට බලි තොවිල් දේව පුජා කරමින් මිනිසුන් නොමග යවන පිරිසක් ඇත,ආරුඪ වූ යකදුරා සහ කපුවා පහර දී රෝගීන් මරණයට පත්වූ අවස්ථා පසුගිය කාලයේ අපේ රටේ වාර්තා විය. අප්‍රිකාවේ නොදියුණු ගෝත්‍රිකයින් අතර මෙවැනි මිනිස් ඝාතන අද පවා සාමාන්‍ය දෙයක් ලෙස පවතී.

 

ග්‍රහ අපල සහ මානසික රෝග අතර සම්බන්ධයක් පවතී ද?

 

ග්‍රහ වස්තුන් සමග මානසික රෝග සම්බන්ධ කරන මෙම මතයෙහි තරමක සත්‍යයතාවයක් ඇත. විශේෂයෙන්ම අප අසලම ඇති චන්ද්‍රයා සම්පුර්ණ වන පුර පසළොස්වක පෝය දිනවල මානසික රෝග සහ ඇදුම වැනි සෙමරෝග වැඩි වන ලක්ෂණයක් දැකිය හැකිය.විද්‍යාත්මක සාධකයක් ලෙස ගතහොත් සඳ මුදුන් වීමත් සමග සඳේ ගුරුත්වාකර්ෂණය නිසා මුහුදේ උදම් (Tides) ඇතිවී වඩදිය වෙරල දෙසට බලපායි.

 

Mental illness

මිනිස් සිරුරේ සෑහෙන කොටසක් ජලයෙන් නිර්මිත බැවින් චන්ද්‍ර කිරණ ,බලපෑම් ඇති කරනු ලබයි.මේ නිසා (Asthma) ඇදුම රෝගීන්ගේ සහ මානසික රෝගීන්ගේ මානසික තත්වය උග්‍ර වේ.ඉපැරණි ග්‍රීකයින් පවා මෙම තත්වය හඳුනාගෙන සිටියහ."Luna " යනු ග්‍රීක භාෂාවෙන් සඳ යි. Lunatic යනු උන්මත්තකයා වන අතර Lunatism යනු උන්මත්තකාගරයයි .අතීතයේ සිටම මෙම ස්වභාවධර්මයා පිළිබඳව මිනිසාට අවබෝධයක් තිබුණි. අවුරුද්දේ අවසාන මාස වල (සීත මාසවල ) මානසික අවපිඩනයේ වැඩි වීමක් දැකිය හැකිය.

ප්‍රජනන චර්යා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන වෛද්‍ය paul Stallard විශ්වාස කරනුයේ විෂාද තත්වයෙන් පෙලෙන පුද්ගලයකු තම යහපත ගැන සිතයි නම් ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් යහපත් වන බවයි. මෙය අසිරු ක්‍රියාවලියක් වන්නේ මොවුන් වෙත බොහෝ විට ලඟා වනුයේ සෘණාත්මක සිතුවිලි බැවිනි. ඒවා පුද්ගලයකුගේ මනෝභාවයට සහ වර්ධනයට බලපායි.

 

යහපත් සිතුවිලි වලින් සිත පිරවීම

 

ස්වයංක්‍රිය සිතුවිලි යනු දවස මුළුල්ලේ මිනිසකුගේ සිතට එන ක්ෂණික සිතුවිලිය. ඔවුන්ගේ චර්යාවන් සහ හැසිරීම තීරණය වන්නේ ඒ සිතුවිලි අනුවය.

 

1 roqF8yyhOkBXBhCBH5oWqw

සාමාන්‍ය පුද්ගලයින්ගේ ඇත්තේ මිශ්‍ර සිතුවිලිය. බොහෝ පුද්ගලයින් සිතේ ඇතිවන  ධනාත්මක සහ සෘණාත්මක  සිතුවිලි දෙස බලා උචිත තීරණ ගනී.සමහරුන්ට එලෙස තීරණ ගැනීමට අපහසුය.ලෝකය දෙස දකින්නෙම කළු කන්නාඩියකිණි.සෑම දෙයකම සෘණාත්මක පැත්ත පමණක්ම දැකීම මොවුන්ගෙන් සිදුවෙයි.එම සිතුවිලි නිසාම ජිවිතයේ එදිනෙදා කරන ක්‍රියාකාරකම් පිලිබඳ ආශාව උනන්දුව හීන වේ.දිහින් දිගට එම සෘණාත්මක සිතුවිලි ගොඩනැගෙද්දී ඒවා ප්‍රතික්ෂේප නොකර පිළිගැනීමට ලක් කරයි. මනෝ විද්‍යාඥයින්ගේ කටයුත්ත වනුයේ මෙවන් පුද්ගලයින්ගේ සෘණාත්මක සිතුවිලි හඳුනාගෙන අභියෝගයට ලක් කිරීමයි. ඉන්පසු වඩා සමබර චින්තන රටාවකට ඔවුන්ව යොමු කිරීමයි.මේ සඳහා හොඳම උපාය මාර්ගයක් ලෙස ජර්නල්ස් ලිවිම පෙන්වාදිය හැකිය. තම සිතුවිලි පොතක ලිවිම මගින් හිතකර නොවන සිතුවිලි පිළිබඳව වැටහීමක් ඇති කර ගත හැකිය. ක්‍රමයෙන් ඔවුන්ව ධනාත්මක සිතුවිලි කෙරෙහි  නැබුරු කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබේ.

sdjg

IMG 20230429 WA0022

(සටහන | නිලක්ෂි බණ්ඩාර)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්